පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රබල දේශපාලනඥයෙකු වන තිස්ස කුට්ටිආරච්චි මහතාගේ සමාජ මාධ්‍ය ගිණුමක් සම්බන්ධයෙන් මේ වනවිට අවධානයට ලක්වන සිදුවීමක් වාර්තා වේ.
තිස්ස කුට්ටිආරච්චි මහතා පළ කළ සමාජ මාධ්‍ය පෝස්ට් එකකට ප්‍රතිචාර දක්වමින්, පොලිස් නිලධාරියෙකු බව සඳහන් වන පුද්ගලයෙකු “අම්බ කපටියෙක්” යනුවෙන් අදහසක් එක් කර ඇති බව සඳහන් වේ.
මෙම අදහසට ප්‍රතිචාර වශයෙන් තිස්ස කුට්ටිආරච්චි මහතා සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා දැඩි අදහසක් පළ කර ඇති අතර, ඔහු සඳහන් කරන්නේ තමන් ශ්‍රී ලංකා පොලිසියට ගරු කරන පුද්ගලයෙකු බවයි.
තමා එම නිලධාරියාට කිසිදු අයුතු ක්‍රියාවක් සිදු කර නොමැති බවත්, අඩුම තරමේ ඔහුව හඳුනන්නවත් නොදන්නා බවත් තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කර තිබේ.
එමෙන්ම “ඇයි සම්පත්, ඔබ මෙවැනි සටහනක් තැබුවේ?” යනුවෙන්ද ඔහු ප්‍රශ්න කර ඇති අතර, එම නිලධාරියා සේවය කරන පොලිස් ස්ථානයකින් තමන්ට සාධාරණයක් ඉටු වේවිද යන්න පිළිබඳව පොලිස්පතිවරයාගෙන්ද ප්‍රශ්නයක් යොමු කර තිබේ.


