“එයාගෙ වයසෙ අනිත් ළමයි pass papers කරනකොට එයා කළේ අම්මව නාවන එක” - ඕලෙවල් පාස් වුනු නංගි ගැන, අයියා කෙනෙක් මුහුණු ‍පොතේ ලියපු ඇහැට කඳුළක් උනන සටහන

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ සන්ධ්‍යාවේ නිකුත් වුණා. ඉතින් මෙදා සාමාන්‍ය පෙළ විභාගයේ සමත්කම් දැක්වූ දූ දරුවන් ගැන විවිධ කතන්දර සමාජ මාධ්‍ය ඔස්සෙ අපිට හමුවෙනවා.

මේ තියෙන්නෙත් එවැනි කතාවක්...

"එයා O/L pass"අම්මට අම්මෙක් වෙලා, සීයට දුවෙක් වෙලා සාමන්‍ය පෙළට නිදිවරාගෙන පාඩම් කරපු එයා විභාගෙ ලියල ඇවිත් මට කියුවෙ "pass වෙයිද දන්නෙ නෑ ලොකු අයියේ" කියල,
මම කියුව" ඔයා pass උනත් fail උනත් ගෙදරට ඔයා හැමදාම pass"කියල
"එයාගෙ වයසෙ අනිත් ළමයි pass papers කරන කොට
එයා කලේ අම්මව නාවන එක,
එයාගෙ වයසෙ අනිත් ළමයි පාඩම් කරල විවේක ගන්නකොට එයා කලේ සීයටයි අම්මටයි කවන එක,
එයාගෙ වයසෙ අනිත් ළමයි හවස 7ට විභාගෙට short note දානකොට එයා කලේ ගෙදර වැඩ ඉවර වෙලා නාන එක,
ඔක්කොම වැඩ ඉවර වෙලා
එයාගෙ වයසෙ අනිත් ළමයි රෑට නිදාගන්න කොට පාන්දර 4 විතර වෙනකන් පාඩම් කලා එයා....
විදින්න තියෙන තරම් උපරිම දුක් විදල විභාගෙ ලියල A 2 C 3 ක් එක්ක විෂයන් ඔක්කොම සමත් වුන ඔයා අපිට ලොකු ආඩම්බරයක් මගේ චූටි නංගී...

දිවිමග අවසන් කළ මව ගැන අජිත් මුතුකුමාරණ තැබූ සංවේදී සටහන

එදා ඉදන් අද දක්වා ම ජනප්‍රිය ගීත බොහෝමයක් තුළින් සහෘද රසික ජනතාවට ආමන්ත්‍රණය කළ බොහොම ලයාන්විත කටහඬත් හෙබි අජිත් මුතුකුමාරණ පිළිබඳවයි අද කතා කරන්නේ.

පාසල් බිමේ හමු වූ සුර කුමාරියන් සමඟ හවස පංතියට සුවඳ අරන් එන පුංචි ආදර කතාවන් ඇතුලේ පෙම් පත ඉරන්නෙපා ගුරුතුමනි කියලා ලස්සන වදන් වලින් තරුණයන්ට, තරුණ හදවත් වලට දැනෙන විදිහට ගීත ගායනා කළ හරි අපූරු චරිතයක් තමයි අජිත් මුතුකුමාරණ කියලා කියන්නේ.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ජාලා ඇතුලේ කතා බහට ලක් වෙන අජිත් මුතුකුමාරණගේ මෑණියන් මෙලොවින් නික්ම  ගොසින් අවුරුදු හයක් වන බව ඔහු සඳහන් කරල තිබුණා.

“මගේ රත්තරන් අම්මා මාව දාල ගිහින් අදට අවුරුදු හයක් වෙනවා. දානයක් දීලා පින් දුන්න. මගේම අම්ම වෙන්න හැම ආත්මෙකම රත්තරන් අම්මේ. නිවන් සුවය ලැබේවා.” කියලයි.

විවිධ ගැටලු හේතුවෙන් අන්තර්ජාලයෙන් මට එම ගීතය ඉවත් කරන්නට සිදුවුණා - මාධවී ඇන්තනී

මාධවී ඇන්තනී කියන නම අද ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ.ජැක්සන් ඇන්තනී නම් මහා රංගධරයාගේ ආදරණීය වැඩිමහල් දියණිය තමයි මාධවී ඇන්තනී කියලා කියන්නෙ.ඔවුන්ගේ පවුල ලංකාවේ සුවිශේෂී තැනක් උසුලන්නේ ඔවුන්ගේ පරම්පරානුගත කලා හැකියාව නිසාමයි.රංගනයට පමණක් නොව ගායනයට මෙන්ම නර්තනයට ද එකසේ දස්කම් පාන මාධවී ලංකාවේ තරුණ තරුණියන්ට මහත් වූ ආදර්ශයකි.මේ දිනවලදී ස්වාධීන රූපවාහිනියේ විකාශය වන “අඳුන්ගිර” නම් පෙරළිකාර ටෙලි නාට්‍යයේ ‘රත්නසීලී’ මම අභියෝගාත්මක චරිතයට පණ පොවන මාධවී ඇන්තනී පසුගියදා එක්වූ මාධ්‍ය සාකච්ඡාවක දී ඇයගේ කලා ගමන පිළිබඳව අදහස් දැක්වූයේ මේ අයුරින්.

“මුලින්ම කියන්න ඕනි මේ දිනවලදී විකාශය වන අඳුන් ගිර ටෙලි නාට්‍යයේ සුවිශේෂී චරිතයක් වුණු රත්නසීලී නම් චරිතය මට ලැබී තියෙනවා.ඒක ඇත්තටම අභියෝගාත්මක චරිතයක්.මොකද එම නාට්‍ය පුරා තියෙන්නේ භීෂන සමයේ සිදු වෙච්ච සිද්ධි දාමයක්.සමහර අවස්ථාවලදී මට තිබුණා වෙඩි උණ්ඩ ඇඟේ බැඳගෙන රඟපාන්න.රත්නසීලි චරිතය විතරක් නෙවෙයි එහි රංගනයෙන් දායක වන සියලුම චරිත අභියෝගාත්මකයි.ඉන්දික ධර්මසේනයන් තමයි මේ ටෙලි නාට්‍ය නිර්මාණය කළේ.ඔහුගේ නිර්මාණ ප්‍රේක්ෂකයන් කොහොමත් ඉතා තදින් වැළඳ ගන්නවා.ගිරි දේවි ටෙලි නාට්‍යයත් ඔහුගේ නිර්මාණයක්.මමත් එය ඉතාමත්ම ආසාවෙන් නැරඹුවා.ඉතින් මේ වගේ විශිෂ්ට ගණයේ නිර්මාණයකට දායකවීමට ලැබීම මා ලද භාග්‍යයක් කියල තමයි මම හිතන්නේ.”

“මගෙ පොඩි මල්ලීවන සජිත ඇන්තනීත් මේ නිර්මාණයට රංගනයෙන් දායක වෙනවා .මගේ පවුලේ අයත් එක්ක වැඩ කටයුතු කරන්න මට හරිම පහසුයි.මොකද මට කිසිම වෙනසක් දැනෙන්නේ නැහැ ඔව්න් සමග රංගන කටයුතු කරද්දී.මගේ අලුත්ම ගීතය නිර්මාණය ඉතාම ටික කලකින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත්තා.නමුත් ඒ සඳහා ඇතිවන විවිධ ගැටලු හේතුවෙන් අන්තර්ජාලයෙන් මට එම ගීතය ඉවත් කරන්නට සිදුවුණා.මම සල්ලි බලාපොරොත්තුවෙන් කරපු නිර්මාණයක් නෙවෙයි ඒක.ඒ නිසා මට ඒ ගැන දුකක් ඇතිවෙන්නෙ නෑ.”කියලා තමයි අවසාන වශයෙන් ඇය පැවසුවේ.

මාධවී ඇන්තනී කියල කියන්නේ කලා ක්ෂේත්‍රයට සුවිශේෂී සේවාවක් සිදු කරන අපූර්ව රංගන ශිල්පිනියක්,ගායන ශිල්පිනියක් මෙන්ම නර්තන ශිල්පිනියක්.ඉතින් ඇයගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම ඇගේ කලා ජීවිතයට සුබ පතනවා.

අම්මගේ ශක්තිය මට ඒ විදිහටම ඇවිත් තියෙනවා කියලා මම හිතනවා - නිත්‍යා දේවින්දි

නිත්‍යා දේවින්දි කිව්වාම අද වන විට ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ.ඇගේ සැබෑ නමින් ඇයව අමතනවාටත් වඩා ඇයව වැඩි වශයෙන් ජනප්‍රිය වී සිටින්නේ පාරදිගේ ටෙලි නාට්‍යයේ රුවිනි ලෙසිනි.2019 දෙරණ අවුරුදු කුමරිය තරගාවලියේ අවසන් දොළොස් දෙනාගේ වටයට තේරී සිය රංගන ජීවිතයට අවතීර්ණ වන ඇය රංගනයෙන් දායක වූ ප්‍රථම ටෙලි නාට්‍යය වන්නේ දෙරණ නාලිකාවේ විකාශය වූ මුතුලෙන්දොර ටෙලිනාට්‍යයයි.පසුගියදා ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වුණා.එහිදී ඇයගේ රංගන ජීවිතයේ රස මුසු තැන් පිළිබඳව රසිකයන් සමග බෙදාගත්තේ මේ අයුරින්.

“ඇත්තටම මම මුලින්ම දෙරණ නාලිකාවට ස්තුතිවන්ත වෙනවා.මොකද මට රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නට හැකියාව ලැබුණේ දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ අවසන් දොළොස් දෙනාගේ වටයට තේරී පත් වූ පසුයි.ඉන්පසු මට මුතුලෙන්දොර ටෙලි නාට්‍යයේ නෙළුම්ගේ චරිතය රඟපෑමට අවස්ථාව ලැබුණා.එහිදී යම් ප්‍රේක්ෂක පිරිසක් මා වටා එක්රොක් වුණා.නමුත් ටික කාලයක් යද්දි මට ඇතිවූ යම් යම් ගැටලු හේතුවෙන් මට එම ටෙලිනාට්‍යයෙන් ඉවත් වන්නට සිදු වුණා.නමුත් ඒ පිළිබඳව නොයෙකුත් කට කතා පැතිරුනා.බොහෝ දෙනෙක් ප්‍රචාරය කරලා තිබුණා මම ටෙලිනාට්‍ය වල සම්පූර්ණයෙන්ම රඟපාන්නේ නෑ කියලා.නමුත් එම කටකතා බොරු කියලා මම පාර දිගේ ටෙලි නාට්‍ය හරහා ඔප්පු කරනවා.කොහොමත් මම ශක්තිමත් කෙනෙක්.මගේ තාත්තා නැතිවුණේ මම කුඩා කාලයේදිමයි.මගේ අයියා සහ අම්මා මට තාත්තා නැති අඩුව දැනෙන්න දුන්නෙ නැහැ.ඉතින් අම්මගේ ශක්තිය මට ඒ විදිහටම ඇවිත් තියෙනවා කියලා මම හිතනවා.”

“ඇත්තටම පාර දිගේ ටෙලි නාට්‍යය ගැනත් මම මතක් කරන්නම ඕනි.ජයප්‍රකාශ් ශිවගුරුනාදන් ප්‍රවීණ අධ්‍යක්ෂවරයා අධ්‍යක්ෂණය කළ අපූරු ටෙලි නාට්‍යයක් තමයි පාර දිගේ කියලා කියන්නෙ.රුවිනි චරිතයට මට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබෙනවා.ඉතිං මට ඒ ගැන ගොඩක් සතුටුයි.” කියලා තමයි ඇය අවසාන වශයෙන් කියා සිටියේ.නිත්‍යා දේවින්දි කියලා කියන්නේ රංගන ක්ෂේත්‍රයට නවක යොවුන් තරුණියක්.නමුත් ඉතා කෙටි කාල සීමාවක් තුලදී විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ප්‍රමාණයක් ලබා ගැනීමට ඇයට හැකියාව ලැබුණා.ඉතින් ඇයගේ කලා කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම ඇගේ සුන්දර ඡායාරූප පෙලක් ඔබවෙත ගෙන ඒමටද අමතක කලේ නෑ.

ලංකාවෙ මිනිස්සු මාව නැති කරලා දැම්මා... හැම චැනල් එහෙකින්ම තෙතමනයක් නැතුව මාව පාගල දැම්මා - අමල් පෙරේරා

අමල් පෙරේරා කියලා කියන්නේ මර්වින් පෙරේරා නැමැති ආදරණීය ගායකයාගෙ පුතා. පියාගෙන් උරුම වූ කටහඬ සහ ඒ දක්ෂ ගායන හැකියාව නිසාම ඔහු බොහෝ දෙනෙක් අතර දක්ෂ ගායකයෙක් විදිහට ප්‍රසිද්ධ වුණා.

‘ මල් පිට මල් ‘  ‘ඉඩෝරයේ නගර කොනේ’ ආදී  ගීත හරහා ශේත්‍රයට පැමිණි අමල් පෙරේරා බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුණේත් මේ ගීත නිසාමයි. ඉතින් ඔහු මේ වෙද්දි විවාහකව ඉතාමත් සතුටින් පවුල් ජීවිතය ගත කරනවා කියලා අපි කවුරුත් දන්නවා.

කලින් ඔහු විවාහ වෙලා හිටපු බිරිඳගෙන් වෙන් වෙලා මේ වෙද්දි ක්ෂේත්රයේ ම දක්ෂ රංගන හා නර්තන ශිල්පිනියක් එක්ක තමයි ඔහු විවාහ වෙලා ඉන්නේ. ඉතින් පළමු කසාදයෙන් ඔහුට ආදරණීය පුතෙක් ඉන්නවා. ඔහු තමන්ටම කියලා ආවේණික සංගීත අනන්‍යතාවක් ගොඩනගා ගත් දක්ෂ ගායකයෙක් වන නදීමාල් පෙරේරා යි.

ඒ වගේම දෙවෙනි කසාදයෙන් ඔහුට ආදරණීය දුවක් සිටිනවා. කෙසේ නමුත් මෙය අපූරු ගායන ශිල්පියා පසුගිය කාල වකවානුවකදී ඇති වෙන්නා වූ යම් කිසි ගැටලුවක් නිසා බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වෙනවා. ඒ ඩුබායි රාජ්‍යයේ සාදයකට සහභාගි වෙමින් ඇති වන යම් කිසි ගැටළුකාරී තත්ත්වයක් නිසයි.

ඉතින් ඒ පිළිබඳව ප්‍රසිද්ධ  වැඩසටහනකට සහභාගි වන ඔහු සඳහන් කරන්නේ  මේ සිදුවීම නිසා දවස් 79ක් අමල් ඔහුගේ පුතාත් එක්ක ඩුබායි රාජ්‍යයේ අනේකවිධ දුක් වින්දා කියලයි. ඒ වාගේම මේ සිදුවීමේ සත්‍යතාවය නොදත් පහත් මාධ්‍ය සියල්ලම ඔවුන්ට මට පිට මට එල්ල කරා වගේම  ඔහුව නැත්තටම නැති කලා කියලා සඳහන් කරනවා. ඒ මොනවා වුනත් ජීවිතයේ එක්තරා තැනකදී ඔහුට මේ සියලුම දේ හරිගස්සන්න අවස්ථාවක් උදා වෙනවා. ඒ පිළිබඳව අමල් පෙරේරා මහතා සඳහන් කළේ මෙන්න මෙහෙමයි.

හැබැයි මට ජයක් ලැබෙනවා මචං අර මගේ පරාජය කියලා දැක්ක මිනිස්සුන්ට  පේන්නම හිරු එකෙන් මං ගිහින් ගිහින් වාඩි වෙනවා. මට මඩ ගහපු මිනිස්සුම ඊට පස්සේ මට සර් කියනවා. එක පැත්තකින් වට්ටන්න හදද්දි අනිත් පැත්තෙන් නැගිටින්න දෙයක් හම්බෙනවා මේක මාරයි මචං.

ඒ ආකාරයෙන් තමයි ඔහු ජීවිතය සම්බන්ධව අදහස් දැක්වුවේ. ඒ සියලු මඩ ප්‍රහාරයක් මේ වෙද්දි අසත්‍යයි කියලා ඔප්පු වෙලා තියෙනවා. ඉතින් ඉදිරියේදිත් අලුත්ම නිර්මාණ කීපයක් එක්ක ඔහු ප්‍රේක්ෂකයා හමුවට එන බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලත් ආරංචියි.අමල් පෙරේරා නමැති මේ සොඳුරු කලාකරුවා ගේ සියලුම වැඩ වැඩකටයුතු එයාකාරයෙන්ම ඉෂ්ට වේවා කියා අපි හදවතින්ම සුභ ප්‍රාර්ථනා  එක් කරන්නෙමු.

“අවුරුදු 4ක් ගිහිල්ලත් අතීතෙන් ගොඩඑන්න බැරුව දගලන, උතුම් රටේ ශ්‍රී ලාංකික පිරිමි” - ශලනි රිදෙන්නම කියපු කතාව

ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය සම්මානනීය නිළියක්. බොහෝ දෙනාගේ ආදරය ආකර්ෂණය දිනා ගත්ත ශලනි මේ දිනවල නිරන්තරයෙන්ම පුංචි තිරය හරහා දැකගන්න පුළුවන්.

පසුගිය දිනක ඇය සිය මුහුණු පොතට එක් කළ ඡායාරූපයක් නිසා ඇතැම් පිරිස් නින්දිත අයුරින් එම ඡායාරූපය සඳහා කමෙන්ට්ස් ලබාදී තිබුණා.

කෙසේ නමුත් මෙවැනි දෝෂාරෝපණ හමුවේ නොසැලී ඉදිරියට යන මේ අපූරු තාරකාවිය එලෙස ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාට ස්තූතිවන්ත වෙමින් අපූරු පිළිතුරු කමෙන්ටුවක් තබා තිබුණා .

එහි සඳහන් වූයේ මෙවැන්නක් ..

“බොහොම ස්තූතියි හැමෝගෙම ආදරණිය අදහස්වලට ඒවගේම අවුරුදු 4ක් ගිහිල්ලත් අතීතෙන් ගොඩඑන්න බැරුව දගලන අයියලා මල්ලිලාටත්, ඔයාලා තමා මගේ ගමනේ ශක්තිය, ජීවිතේ එක් ඛේදවාචකයකින් ඇදවැටුනු මට මේ තරම් උඩන එන්න සවියක් වුනේ ඔය දෙගොල්ලන්ගෙම වචන. තව අවුරුදු 100ක් ගියත් ඒ පරණ මඩ වලේම පිනුම් ගහන්න ආස කණ්ඩායමටත් මගේ උපහාරය. එතනින් 99%ක්ම උතුම් රටේ ශ්‍රී ලාංකීය පිරිමි”

"හෙමින් හෙමින් අත්හරින්න පුරුදු වෙන්න" – කාවින්ද්‍යා අධිකාරිගේ ආන්දෝලනාත්මක සටහන මෙන්න

ආදරය දෙන්න..හැමදේම තාවකාලිකයි.. ඒ නිසා, හෙමින් හෙමින් අත්හරින්න පුරුදු වෙන්න.. – කාවින්ද්‍යා අධිකාරිගේ ආන්දෝලනාත්මක සටහන මෙන්න..!

කාවින්ද්‍යා අධිකාරි කියන්නේ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය. ඒ වගේම ඇය සිනමා තිරයෙත් දක්ෂතා දැක්වූ අයෙක්.

නිතරම සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන ඇය ඇගේ ඉන්ස්ටර්ග්රෑම් ගිණුමට පසුගිය දවසක මෙන්න මේ විදිහේ සටහනක් එකතු කරලා තිබුණා.

බාහිරින් ලැබෙන දේ ට වඩා අභ්‍යන්තරව සතුට උපදවා ගත්‍තොත්, ඒක හැමදාටම පවතින දෙයක් විදියට අපිට මතකයේ තියාගන්න පුලුවන්… හැබැයි අපි බාහිරින් ලැබෙන දේ ගැන නිතර නිතර වද වෙනවා නම්, අපිට කවමදාවත් තෘප්තිමත්ව හෝ සැනසීමෙන් ජීවත් වෙන්න බැරි වෙනවා.

ආදරය දෙන්න, හොඳ කුසල් වඩන්න, පුලුවන් තරම් තමන්ට පාලනය කරන්න බැරි දෙයක් නම් ඒවා ගැන නිතරම හිතලා වද වෙන්න එපා, හැමදේම තාවකාලිකයි. ඒ නිසා, හෙමින් හෙමින් දේවල් අත්හරින්න පුරුදු වෙන්න. තනියෙන් ජීවත් වෙන්න පුලුවන් කියන තැනට ජීවය ගොඩනගන්න උත්සහ කරන්න.

අපි හැමෝම මේ ඉන්නවා, මේ මැ’රෙනවා…ඒ නිසා ජීවිතවල වෛ’රය, තන්හාව, ආශාව කියන දේවල් පුලුවන් තරම් අඩුකරගන්න උත්සහ කරන්න…එතකොට තමන්ට, හිතේ සැනසීම පිරි, සතුටුදායක, දුක අඩු ජීවිතයක් ගත කිරීමට වරම් ලැබෙනවාමයි

-කවී

යොහානි ගේ “මැණිකේ මගේ හිතේ ” ඉන්දීය ජන්ද ව්‍යාපාරයටත් - (video)

යොහානි ද සිල්වා ගේ මැණිකේ මගේ ගීතය ඉන්දියාවේ ජනප්‍රිය වීමත් එක්ක බොහෝ දෙනා ජදඩැර ිදබට නිර්මාණය කිරීමට පෙළඹුනා.

මේ අතර ඉන්දීය මැතිවරණ ව්‍යාපාර වලටද එම ගීතය ප්‍රතිනිර්මාණය වෙමින් පවතිනවා.

මැණිකේ මගේ හිතේ කියන පද පේළිය වෙනුවට මව් බිම සහ ජනතාව වෙනුවෙන් ලෙස අර්ථවත් වන අයුරින් ප්‍රතිනිර්මාණය කර සිය මැතිවරණ ව්‍යාපාරයට මම්තා බැනර්ජී විසින් යොදා ගෙන තිබෙනවා.

බෙංගාල ප්‍රාන්ත මැතිවරණයේ මේ වනකොට එම ගීතය ජනප්‍රය වී ඇති අතර නිෂ්පාදකයින් පවසන්නේ ඉන්දියාව පුරා එය ජනප්‍රිය වන බවයි.

ඇත්තටම අවුරුදු 18යි..ගොඩක් අය හිතන් ඉන්නේ මම වයසින් වැඩි කෙනෙක් කියලා - වගීෂා සල්ගාදු

උපතින්ම තමන්ට ලද ඒ කලා හැකියාවන් උරුමකර ගනිමින් ඇය මෙලොවට බිහිවි ඇත. අඩු වයසකදි කලා නිර්මාණයක විවිධ පැතිකඩ ඔස්සේ පිය මැන යෑමට තරම් ඈ සමත්ය. ඒ රංගනයෙන් පමණක් නොව කැමරාකරණය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, වේශ නිරූපණය යන අංශයන්ටද දායක වෙමිනි. මේ දිනවල ඇය හිරු රූපවාහිනි නාළිකාවෙන් රාත්‍රී 8.00ට විකාශය වන දිවිතුරා ටෙලි නාට්‍යයේ කාව්‍යා නම් චරිතයට රංගනයෙන් දායක වෙමින්ද බෙහෙවින් ජනප්‍රිය වී ඇත. එමෙන්ම අයි.ටී.එන්. නාළිකාවෙන් පසුගියදා විකාශය අවසන් වුණු ධ්දබඥප නැසනල් ටෙලි නාට්‍යයේ සුලෝ ටීච(ර්) ලෙස කා අතරත් ජනප්‍රිය කතා බහට ලක් වූ චරිතයක් බවටද පත්වූවාය. රූපවාහිනි නාළිකා කිහිපයකින්ම ඈ වැඩසටහන් නිවේදිකාවක් ලෙසත් රංගන හා ගායන ශිල්පිනියක් ලෙසින්ද කලාවේ නිරත වන්නීය. වගීෂා සල්ගාදු නම් ඒ යොවුන් කලා ශිල්පිනිය ඉකුත්දා මෙලෙසින් සරසවිය හා කතා බහට එක්වූවාය.

දැන් ඔබේ වයස කීයද?

 හරියටම අවුරුදු දහ අටයි (18)

ඇත්තටම අවුරුදු දහ අටයිද? ඊට වඩා වැඩි නැද්ද?

නෑ ඇත්තටම අවුරුදු 18යි අයියේ. ගොඩක් අය හිතන් ඉන්නේ මම ඊට වඩා වයසින් වැඩි කෙනෙක් කියලා.නමුත් මගේ ඇත්තම වයස තමයි ඒ කිව්වේ.

එහෙනම් උපන්දිනය කියමුද?

2002 මාර්තු මස 24 වෙනිදා.

ඔබ කෙටි කලක් තුළ කලාවේ සැලකිය යුතු දුරක් මේ වන විටත් ඇවිත් නේද?

ගොඩාක් දෙනා එහෙම කියනවා. ඇත්තටම මම සතු‍ටු වෙනවා ඒ ගැන. කොළඹ සුජාතා විද්‍යාලයේදි නරි බෑණා නාට්‍යයට සම්බන්ධවෙලා එහි නරියාගේ චරිතය රඟපෑමෙන් ආරම්භ වුණු මේ ගමන වේදිකා නාට්‍යවලින් රාජ්‍ය ළමා නාට්‍ය උලෙළෙදී ලැබුණු ඇගයීමත් එක්ක තමයි මෙහෙම දුරක් මට එන්න ලැබුණේ.

 

රංගනයට එහා ගිය ඔබේ හැකියා දක්ෂතාවයන් ගැන මතක් කළොත්?

සහය අධ්‍යක්ෂණය, කැමරාකරණය, නිෂ්පාදනය, සංස්කරණය, වේශ නිරූපණය, පිටපත් රචනය, තිර රචනය, ගායනය හා සංගීතය යන නිර්මාණයක සියලු අංශවලට දායක වෙමින් මම මේ දක්වාම කටයුතු කරනවා.

වගීෂා ගායිකාවක්, නිවේදිකාවක් ලෙසත් ක්ෂේත්‍රයේ ඉන්නවා නේද?

ඔව්. මේ වෙනකොට ගායනය පැත්තෙන් මගේම අලුත් සින්දු දෙකක් කරලා තියෙනවා. තව මගේ අලුත්ම සින්දු දෙකක් මේ අවුරුද්දේ සැප්තැම්බර් ඉවර වෙන්න ප්‍රථම රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා. නිවේදිකාවක් ලෙසත් ජාතික රූපවාහිනිය සේවය තුළින් ඉදිරියේදි අලුත්ම වැඩසටහනකින් ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ස්වාධීන රූපවාහිනි සේවයේ නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා. රිසිර රූපවාහිනි නාළිකාවේ හොලිවුඩ් ඇන්ඩ් බොලිවුඩ් වැඩසටහනෙත් නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා. ඒ වගේම මම සහය අධ්‍යක්ෂණයෙන් කටයුතු කළ මියුසික් විඩියෝවක් පසුගියදා රිලීස් වුණා. ආයාසයේ කියලා හර්ෂදේව ආරියසිංහගේ (ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ ගායක හා සංගීත ආචාර්ය ඩබ්ලිව්.ඩී. ආරියසිංහ මහතාගේ පුතාගේ )

ඔබ වඩා කැමති මේවායින් කුමන අංශයටද?

රංගනයට වඩා මම කැමති අධ්‍යක්ෂණයට. ඒත් මම රංගනය ඇතුළු අනෙකුත් සෑම අංශයකින්ම ඉදිරියට යන්නත් බලාපොරොත්තු වෙනවා.

මේ අංශවල හැදෑරිමක් කරලා තියෙනවද?

ඇත්තටම මම හිතන්නේ මට මේ හැකියාවන් උපතින්ම ආපු ඒවා කියලා. ක්ෂේත්‍රයේ කටයුතු කරන අතර ඉගෙන ගනිමින් තමයි මේවාට දායක වෙන්නේ. මම මහෙන්ද්‍ර අංකල්ගේ (ප්‍රවීණ රංගන ශිල්පි මහේන්ද්‍ර පෙරේරා)රංගන පාසලට දවසක් ගියා. එයට ඇතුළත්වෙලා රංගනය ගැන ඉගෙන ගන්න. එතැනදි මහෙන්ද්‍ර අංකල් මට කීවා දුවේ ඔයාට මේකට ඇතුළත්වෙලා ඉගෙන ගන්න දෙයක් නෑ. මෙහෙට ඇවිල්ලා වැඩක් නෑ. ඔයා ක්ෂේත්‍රයේ ඉඳන් කටයුතු කරමින් ඉගෙන ගන්න යමක් තියෙනවා නම් ඒ තැන්වලින් ඒවා ලබා ගන්න කියලා.

වෘත්තිය ලෙස කලාවේ මින් කුමන හෝ එක් අංශයක් ඔබ ‍තෝරා ගන්නවද?

නැහැ. කලා කටයුතු වෘත්තියක් ලෙස කරන්න මගේ අදහසක් නෑ. කලාවේ මේ කටයුතුවල නිරත වෙමින් ඊට අදාළ දේවල් ඉගෙන ගනිමින් මම කරන සෑම කාර්යයක් තුළින්ම වගීෂා සල්ගාදු කියන නම මිනිසුන් අතරට යවන්නත් ඒ නම මිනිසුන්ගේ මතකයේ රඳවන්නත් තමයි මට මේ තුළින් වුවමනා වෙලා තියෙන්නේ.

එතකොට ඔබේ අනාගත වෘත්තිය?

දැනට මම නීතිවේදය, අපරාධ හා මනෝවිද්‍යාව පිළිබඳ හදාරමින් ඉන්නේ. මගේ අනාගත වෘත්තිය ඒ අනුව තීරණය වේවි.

මේ දවස්වල ඔබ රඟපාන දිවිතුරා ටෙලි නාට්‍යයේ කාව්‍යාගේ චරිතය ගැන කිව්වොත්?

කාව්‍යා කියන්නේ හොඳට සින්දු කියන්න පුළුවන් කෙනෙක්. රියැලිටි ගායන තරගයකට ගිහින් තමන් ජයග්‍රහණය කරන්න ඉදිරිපත්වන විට එයට අභියෝගයක් වෙමින් ජනප්‍රිය ගායකයෙකුගේ දියණියක් වන නීෂා ඒ තරගයට ඉදිරිපත් වෙනවා. එතැනදි කාව්‍යා ටිකක් නපුරු වෙලා ඉරිසියා සහගත තත්ත්වයක් එක්ක ඇයත් සමඟ ගැ‍ටුමකට යන මට්ටමක් තමයි මේ චරිතය තුළින් පෙන්නුම් කරන්නේ. දිවිතුරා ටෙලි නාට්‍යය දිගටම නැරඹුවොත් මේ තත්වය ප්‍රේක්ෂකයන්ට හොඳීන් බලාගන්නත් පුළුවන් වෙයි.
 
හේමන්ත බංඩාර

පෙනුම තිබ්බට විතරක් මදි හැකියාවත් තියෙන්න ඕනේ - අමන්දා සිල්වා

මේ දවස්වල විවිධ නාළිකාවල රියැලිටි වැඩසටහන් විවිධ අයුරින් අපි දකිනවා. ඒ වැඩසටහන් අතර ප්‍රමුඛත්වයක් ගෙන තිබෙන ‘හිරු මෙගා ස්ටාර්’ තරගාවලියේ දක්ෂතා පෙන්නපු තරු අතර හැඩවැඩ දාපු තවත් සුවිශේෂී රංගන ශිල්පිනියක් තමයි අමන්දා සිල්වා. ඇයගේ නර්තනයන් ගැනත් ඉදිරි කලා කටයුතු ගැනත් අපි ඇය එක්ක කතා කළා.

අමන්දා පසුගිය දවස්වල ලොකු තරගයකට මුහුණ දුන්නා?
‘හිරු මෙගා ස්ටාර්’ තරගාවලියේ අවසන් නව දෙනා අතරට මම දැන් තේරිලා ඉන්නේ. ඉතින් මම සමග තරග කරපු සියලුමදෙනා මට අභියෝගයක් වුණා. ඒ වගේම මට මාවත් අභියෝගයක් වුණා. එහෙම කිරුළ ගන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මොකද මම දැන් මේ ඉන්න තැන ගැන සතුටු වෙනවා. මොකද මේ කිරුළ හිමිවන්නේ එක්කෙනාටයි. එය කාට හිමිවුණත් මම හදවතින්ම සුබපතනවා වගේම සතුටු වෙනවා.

ඔබේ නර්තනයට විනිශ්චය මණ්ඩලයෙන් හොඳ පැසසුම් ලැබුණා නේද?
ඔව්… එය මට වටිනා අගය කිරීමක්. මම ඉදිරිපත් කළ නිර්මාණ වලට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ විතරක් නෙවේ මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ගෙන් පවා හොඳ ප්‍රතිචාර ලැබුණා.

මෙයට පෙර අමන්දා නර්තනය ගැන හැදෑරීමක් කළාද?
පොඩි කාලේ ඉඳලා මට නැටුම් කරන්න ආශාවක් තිබුණා. පසුකාලීනව මම කුලසිරි බුදවත්ත ගුරු පියාණන් යටතේ උඩරට නර්තන හැදෑරුවා. කපිල පලිහවඩන යටතේ බැලේ හැදෑරුවා. මම ලොකුවට හැදෑරීමක් කළේ නැහැ. නමුත් මම ඒ ප්‍රගුණ කරපු දේවල් ‘හිරු මෙගා ස්ටාර්’ තරගයට මුහුණ දීමට රුකුලක් වුණා.

‘ෂෙලීනා’ට පසු ඔබේ රඟපෑම් කටයුතු මගහැරුණාද?
මම රඟපාපු පළමු චිත්‍රපටය ‘ෂෙලීනා.’ එයත් ‘කොවිඞ්’ ප්‍රශ්නත් එක්ක තිරගත වුණා. නිර්මාණවලින් ආරාධනා ලැබුණත් ‘කොවිඞ්’ ප්‍රශ්නත් එක්ක ඒ සියලුම වැඩකටයුතු
කල්ගියා.

ඔබේ බාහිර ස්වරූපයත් රඟපෑමට කැඩපතක් වන්නට ඇති?
එයත් බලපාන්න ඇති. හැබැයි ඉතින් දක්‍ෂතාවයත් බලපානවා රඟපෑම් කටයුතුවලදී ඉදිරියට යන්නට නම්.

ඔබේ ආදරණීය නැඟණියත් දැන් ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත්වෙලා. ඇයගේ රඟපෑම ගැන මොකද ඔබට හිතෙන්නේ?
මගේ පොඩි නංගි උදාරි සෞභාග්‍යා ඇය මේ තරම් ලස්සනට රඟපායි කියලා මම හිතුවේ නැහැ. මගේ මාමා හරහා තමයි ඇයට මේ ක්‍ෂේත්‍රයට යොමුවීමට අවස්ථාව ලැබුණේ. ඉතින් මමත් ඇයට දැනමුතුකම්, අවවාද දෙනවා, මේ ගමන යන්න ඕන විදිය ගැන. සතුටුයි කෙනෙක් මෙහෙම ඉන්නවා දකිනකොට.

-වසන්ත විතාරණගේ

“මේක ශ්‍රී ලංකාවේ සිංහල සිංදුවක් ” Yohani ඇමරිකාවේ වයලින් කෙල්ලට කියයි !

” මැණිකේ මගේ හිතේ “මේ දවස්වල ජනප්‍රියම ගීතයයි, ඒකට විවාද කරන්න දෙයක් නැ.
 
මේ ගීතයට ලොකු කුඩා සියලු දෙනාම එකසේ ආදරය කරන්න පටන් අරගත්තේ බොහොම ටික කාලෙකින්. අපේ රටේ විතරක් නෙවෙයි ඉන්දියාවේත් මේ ගීතයට ලැබුන පැසසුම් කියලා ඉවර කරන්න බැරි තරම්.
 
ලෝකයේ වැඩිපුරම ඇසූ ගීත අතරට ඒ ගීතයත් එකතු වෙද්දි Karolina Protsenko නම් වූ 12 හැවිරිදි වයලින් වාදන ශිල්පිනියක් වූ ඇයත් මැණිකේ මගේ හිතේ ගීතය වයලීනයෙන් වාදනය කරනවා.

මෙතනදී ඇය කියලා තියෙන්නේ මේක ඉන්දියානු ගීතයක් කියලා…Karolina Protsenko සිය You Tube නාලිකාවේ සටහනක් තබලා තියෙන්නේ මේ විදියට ….

My violin cover of Manike Mage Hithe (original by Yohani & Satheeshan). It’s beautiful Indian song. I hope you like it.

යෝහානිත් එක දැකලා නිවැරදි කිරීමකුත් කරලා තියෙනවා… “මේක ශ්‍රී ලංකාවේ සිංහල සින්දුවක් ” කියලා….

ලංකාවේ ලස්සනම නිරූපිකාව කෞෂිගේ වටිනාකම ඩොලර් මිලියන 1.5ක්..!

 
නිරූපන ක්ෂේත්‍රයේ නමක් දිනාගත් ජනප්‍රිය චරිත බොහොමයක් අපේ රටේ ඉන්නවා. එ අතරින් රටට කීර්තියක් පවා ලබාදෙන්නට සමහරුන්ට හැකියාව ලැබුනා.

ඔවුන් නවීන විලාසිතා හරහා සිය සුන්දරත්වය ලෝකය හමුවේ පෙන්වන්නට නිරන්තරයෙන්ම උත්සාහ කරනවා. නිරූපන ක්ෂේත්‍රයේ නමක් දිනාගන්නවා කියන එක එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් වෙන්නේ නැහැ. මොකද ඒ සදහා ලොකු කැපකිරීමක් කරන්න සිද්ද වෙනවා. මොඩ්ලින් එහෙමත් නැතිනම් නිරුපන ක්ෂේත්‍රයේ සිය නම ඉහලින්ම ඔසවා තැබීමට සමත්වූ ලස්සනම නිරූපිකාවක් තමයි කෞෂි පෙරේරා කියන්නේ.

කෞෂි පෙරේරා උපත ලබන්නේ 1999 වර්ෂයේ අගෝස්තු මස 10වනදා. ඇය තවමත් හිරිමල් වියේ ඉන්න තරුණියක්. ඇයව නොහදුනන තාරුණ්‍යයේ කෙනෙක් නැති තරම්. ඇය මේ වෙද්දී ප්‍රසිද්දම ඉන්ස්ටර්ග්‍රෑම් තරුවක් බවට පත්වෙලා ඉන්නවා.

ඇය සමාජ මාධ්‍ය තාරකාවක් කියන්න පුළුවන්. විශේෂයෙන්ම ඇයගේ විලාසිතාවන් ජිවන රටාව ෆොටෝ හේතුවෙන් ඇයට සමාජ මාධ්‍ය විශේෂයෙන්ම ඉන්ස්ටර් ග්‍රෑම් තුල අති ඉමහත් ජනප්‍රියත්වයක් ලබා තිබෙනවා. වඩාත් ජනප්‍රිය ඉන්ස්ටර්ග්‍රෑම් තරු ලයිස්තුවේ සිටින්නා වූ තරුවකි ඇය. අපේ රටේ ඉන්නා වූ ජෝතිර් වේදීන් පවසන්නේ ඇය සිංහ ලග්නයේ උපන් තරුණියක බවයි.

විශේෂයෙන්ම විශ්ලේෂණයන්ට අනුව අත්කළ විකිපීඩියා , ෆෝබ්ස් ,බිස්නස් ඉන්සයිඩර් මෙම නිරුපිකා කුෂි පෙරේරාගේ දළ ශුද්ධ වටිනාකම ඩොලර් මිලියන 1.5ක් බව වාර්තා කරනවා.

මේ වන විට දැනගන්න ලැබෙන ආරංචි මාර්ග වලට අනුව කෞෂි පෙරේරා තවමත් අවිවාහක ජිවිතයක් ගතකරන තරුණියකි. ඇය කිසිවෙකු සමග පෙම් සබදතාවක් හෝ පවත්වන්නේද නැත. ලංකාවේ මෙතෙක් ඉපදුන කීර්තිමත් ප්‍රසිද්ද ප්‍රභූ ලයිස්තුවේ ඇයගේ නම ශ්‍රේණිගත කර ඇත.

අය ගැන නරක ආරංචි වාර්තා වන්නේද නැත. නමුත් ඇයගේ විලාසිතා නිසාවෙන් නිරන්තරයෙන්ම ඇය සමාජ මාධ්‍ය තුල දැඩි ලෙස විවේචනයට ලක්වේ. නමුත් නිරුපිකාවන් සිදුකරන්නේ අලුත් අලුත් විලාසිතාවන් හරහා සිය සුනදර්ත්වය විදහා දැක්වීමයි.

ඇය මිට මාස කිහිපයකට ඉහතදී ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ දෙකකම ලංකාවට ලබාදුන්නා ඒ ඇයගේ සුන්දරත්වය තුලින්මයි. ලංකාවේ ලස්සනම නිරූපිකාව වුන ඇයට ගොඩක් කරනවා. විශේෂයෙන්ම තරුණයන් ඇයට දැඩි ඇල්මක් දක්වනවා. මේ ඇයගේ චායාරූප එකතුවකි.

අවුරුදු 16 දුවෙක් ඉන්න කඩවසම් තරුණයා..ලස්සනවීමේ අමුතුම රහස

මේ දවස්වල වෙන්න තියෙන හොඳම දේ වෙනවා.

ඒක දැනට රහසක් විදිහට තියාගන්නම්. ඒකට මම පුහුණුවීම් කටයුතුවල නිරත වෙනවා.

සමහර දවස්වලට පැය පහක් හයක් විතර පුහුණු වෙනවා.

ඊට අමතරව ගෙදරට වෙලා කනවා. බොනවා.

අලුත් නිර්මාණ කටයුතු නම් මේ දවස්වල වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ දවස්වල නිදහසේ ඉන්නවාද?

ඔව්. නිදහසේ හිටියට නිකම්ම නම් ඉන්නේ නැහැ හැබැයි අනිවාර්යයෙන්ම වොයිස් ට්‍රේනින්ග් කරනවා.

ෆැලෑස් බෑක් සංගීත කණ්ඩායමට සම්බන්ධවෙලා දැන් ලොකු කාලයක් නේද?
ඔව්. 2003 වසරේ අගෝස්තු 31 වැනිදා තමයි ෆැලෑෂ් බෑග් සංගීත කණ්ඩායමට සම්බන්ධ වුණේ. දැන් අවුරුදු 18ක් වෙනවා. ගැලැක්සීස් සංගීත කණ්ඩායමේ ක්‍රිස්ටෝපර් අයියා තමයි මාව ෆැලෑෂ් බැක් සංගීත කණ්ඩායමට සම්බන්ධ කළේ.

ෆැලෑෂ් බැක් සංගීත කණ්ඩායම ගැනත් මතක් කරමු?
ෆැලෑෂ් බැක් කියන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්. මට හැමදේම ලැබුණේ බෑන්ඩ් එක නිසා. මම බෑන්ඩ් එකට සම්බන්ධ වෙනකොටත් ලංකාවේ උසස් ගණයේ සංගීත කණ්ඩායම් අතර ඉහළම තිබුණේ ෆැලෑෂ් බැක්. ඒක අදටත් එහෙමයි.

නම්බර් 01 මම මේ සංගීත කණ්ඩායමට එන්න පුළුවන් වුණ එක හීනයක් වගේ. රොෂාන් ප්‍රනාන්දු, කින්ස්ලි පීරිස් වගේ අය එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න ලැබුණු එකත් මට හීනයක් වගේ.

දැන් ඒ ගොල්ලෝ මට මගේ පවුලේ අය වගේ. ඩොනල්ඩ් ප්‍රනාන්දු මහත්මයාවත් මේ වෙලාවෙ මතක් කරන්න ඕනේ. අදටත් මම ඔවුන්ට ගරු කරනවා.

සංගීත කණ්ඩායම එක්ක මම රට වටේ ගියා. ලෝකේ වටේ ගියා. හරිම සුන්දර කාලයක් තමයි බෑන්ඩ් එකත් එක්ක ගෙවුණේ.

රෝස් අලගියවන්න ගායකයෙක් නොවුණා නම්?
ඉස්කෝලෙ යන කාලේ මට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. ක්‍රිකට්, බාස්කට් බෝල්, ෆුට් බෝල් සහ මලල ක්‍රීඩා කළා. නාට්‍ය කළා. කෙටි කතා ලිව්වා. පරිගණක අංශයේ වැඩ කළා. මාව සංගීත ක්ෂේත්‍රයට යොමු වුණේ දිනේෂ් කියලා යාළුවෙක් ඉන්දා.

දවසක් මම ඉස්කෝලේ ඩෙස් එකට ගගහා සින්දුවක් කිව්වා. දිනේෂ් ඒක අහන් ඉඳලා මම හොඳට ඒක කිව්වා කියලා කිව්වා. දවසක් විපුල කියලා සර් කෙනෙක් කිව්වා පන්තියේ කාට හරි රැස්වීමකට සින්දුවක් කියන්න කියලා.

දිනේෂ් ඒකට මාව දැම්මා. දිනේෂ් තමයි මාව සංගීත තරගවලට පවා තල්ලු කරලා යැව්වේ. එහෙම තමයි මම සංගීත ක්ෂේත්‍රයට යොමු වුණේ.

සංගීතය පැත්තට ආවෙ නැත්නම් මම මොන ක්ෂේත්‍රයකට යයිද කියලා හිතාගන්න බැහැ.

සංගීත ක්ෂේත්‍රයේ ඉන්න නවකයෝ ගැන මොකද හිතෙන්නේ?
මාරම දක්ෂ පිරිසක් ඉන්නවා. සින්දු කියන, හොඳට ප්ලේ කරන ගොඩක් දක්ෂයෝ ලංකාවේ ඉන්නවා. හැබැයි ඒ අස්සේ කරන්නන්වාලේ සංගීතය කරන පිරිසකුත් ඉන්නවා.

සංගීතය කියන්නේ ගොඩක් ව්‍යාප්ත වුණ විෂයක්. ඒ නිසා අපි අඩුම මාස 6ක්, අවුරුද්දක්වක්වත් සංගීතය ගැන අධ්‍යයනය කරන්නට ඕනේ. සින්දුවක් කියන්න පුළුවන් වුණ පළියට, ගිටාර් එකක් ගහන්න පුළුවන වුණ පළියට බෑන්ඩ් පටන් අරන් වැඩක් නැහැ.

අපි අප්ඩේට් වෙන්න ඕනේ. එහෙම නැත්නම් පැවැත්මක් නැහැ. මම මුල් කාලේ සින්දු කිව්වා වගේම දැන් සින්දු කියලා හරියන්නේ නැහැ.

ඊට වඩා දියුණුවක් තියෙන්න ඕනේ. ඒකට අපි අප්ඩේට් වෙන්න ඕනේ. මම අලුත් අයගෙන් ඉල්ලන්නේ විෂයට අදාළ අලුත් දේවල් ඉගෙන ගනිමින් ඉස්සරහට යන්න කියලා.

පවුලේ අය ගැනත් මතක් කරමු?
මගේ පවුලේ මගේ අම්මා, තාත්තා, අයියා, මල්ලි ඉන්නේ. දැන් මම විවාහකයි. මට අවුරුදු 16ක දුවක් ඉන්නවා. දුව ෂෙලී මරියා, බිරිය ඉමේෂා පෙරේරා.

ඔවුන්ගෙන් ඔබට ලොකු සහයෝගයක් ලැබෙනවා ඇති?
ඔව්. සංගීතඥයෙක්ගේ බිරියක් විදිහට මගේ බිරිය මාව හොඳින් අවබෝධ කරගෙන ඉන්නේ. ඇගෙන් මට 1000%ක සහයෝගයක් ලැබෙනවා.

අම්මා, තාත්තා, අයියා මල්ලිගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.

ළඟදී පිය ගුණ ගීතයක් ගැයුවා නේද?
ඔව්. රහතන්ගම නාගිත ස්වාමීන් වහන්සේ රචනා කළ පිය ගුණ ගීතයක් ගායනා කළා. මට මීට කලිනුත් ස්වාමීන් වහන්සේලා ගීත රචනා කරලා දුන්නා. නමුත් මේ ගීතයේ වචනවල ලොකු තේරුමක් තිබුණා.

වචන ටිකත් ලස්සනයි. මම මගේ ස්ටුඩියෝ එකේ තමයි මේ ගීතය වොයිස් කළේ. මම ඒ ගීතයටත් සාධාරණයක් කළා කියලා හිතෙනවා.

මේ මාසේ 15 වැනිදා ගුවන් විදුලි නාළිකාවල ගීතය විකාශනය ඇරඹුණා.

ළඟදීම ගීතයට රූප රචනයක් නිර්මාණය කරයි. ඊට පස්සේ ප්‍රේක්ෂකයන්ට මේ ගීතය නරඹන්නත් පුළුවන් වෙයි.

ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙ වගේම තවමත් ගැහැනු ළමයින්ගේ ප්‍රතිචාර වැඩිද?
ඔව්. ඔව්. ප්‍රතිචාර තියෙනවා. වයස් භේදයක් නැහැ. මම වයස කෙනෙක් කියලා හිතන්නේ නැහැ. අදටත් ජිම් ගිහිල්ලා ලස්සනට ඉන්නවා.

අපිට ඉස්සර හිටිය වගේම දැන් ඉන්න බැහැ. වයසට යනවනේ. ඒත් බෑන්ඩ් එකට යනකොට හිටිය වගේම එළියෙ ඉන්න කෙනෙක් දකිනකොට හැමදාම ලස්සනට ඉන්න මම උත්සාහ කරනවා.

විදෙස් ආරයේ ගී ගායනයට වැඩි රුචිකත්වයක් දක්වනවද?
බෑන්ඩ් එකේ මට වැඩි ඉඩක් ලැබිලා තිබුණෙ ඒ ගීත ගායනයට. මම එන්රික් චාර්ලි පුත්, මාර්කි ඇන්තනී, ෂෝන් මෙන්ඩස්, වගේ අයගේ ගීත ගායනා කරන්න ආසයි. මගේ සංගීත ලෝකේ වීරයා රූකාන්ත ගුණතිලක මහත්මයා.

ඔහු මාර චරිතයක්. මගේ ආසම ගායකයා අමල් පෙරේරා. නදීමාල් පෙරේරා සහ කසුන් කල්හාරගේ වොයිස් එකටත් ආසයි.

ප්‍රේක්ෂකයන් වෙනුවෙනුත් යමක් කියමු.
මේ දවස්වල පරිස්සම් වෙලා ඉන්න කියලා තමයි ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ. යම් අවශ්‍යතාවකට එළියට ගියත් පුළුවන් තරම් ගෙදරින් එක්කෙනෙක් යන්න.

මම කඩේකට ගියත් මාස්ක් දාලා, ෆේෂ් ෂීල්ඩ් එකකුත් දාගෙන යන්නේ. මොකද අතපසුවීම් වෙන්න බැහැ. තමනුත් ආරක්ෂා වෙන ගමන් පවුලේ අයවත් ආරක්ෂා කරගන්න ඕනේ.

ආණ්ඩුවටම බැන බැන ඉඳලා හරියන්නේ නැහැ. පුළුවන් තරම් පරිස්සම් වෙලා ඉන්න ඕනේ.

මේ තත්ත්වය යහපත් අතට හැරුණම ඉතාම ඉක්මනින් අලුත් නිර්මාණත් අරගෙන අපි ප්‍රේක්ෂකයො අතරට එනවා.

අනේ කොහේ හිටියත් දරුවෙක් අසනීප වුණාම ළඟම තියෙන රජයේ රෝහලට ගෙනියන්න මට වුන දේ කාටවත් වෙන්න එපා - අයෝමි ශානිකා

අයෝමි ශානිකා කියනවාටත් වඩා ඇයව ගොඩක් දෙනා හඳුන්වන්නේ සුදු නංගි කියන්න නමින්.ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වු ටෙලි නාට්‍යයක් ඇසුරෙන් ජනප්‍රියත්වයට පත් වූ ඇය මේ වන විට ආයුර්වේද වෛද්‍යවරියක් ලෙස සිය වෘත්තීමය කටයුතු කරගෙන යනවා.පසුගිය දිනකදී ඇයට ඉතාමත්ම කණගාටුදායක අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවෙනවා.එම සංවේගී සිදුවීම පිළිබඳව ඇය සිය මුහුණුපොතෙහි සනිටුහන් කර තිබුණේ මෙසේයි. එදා 2021 සැප්තැම්බර් 11. මිට පෙර ජීවිතේ කවදාවත් මුහුණ නොදීපු අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වුණා නිසා මට හිතුන ඒ අත්දැකීම ඔබත් එක්ක බෙදා හදා ගන්න.මගේ පුතාට wheezing ආපුු නිසා මම එයාව අරගෙන මුලින්ම මහනුවර ආසිරි පෞද්ගලික රෝහලට අරගෙන ගියා. ඒත් ඔවුන් ඔහුව භාර ගත්තේ නෑ. ඉන්පස්සේ කෙලින්ම අරගෙන ආවේ පේරදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක (විශේෂිත) ළමා රෝහලට.එහිදී කරපු rapid antigen test එකෙන් බබා positive මම negative. ඉන් ඇතිවුණු මානසික වේදනාවයි පීඩනයයි දරාගෙන කාර් එකෙන් බඩු ටික වත් ගන්නේ නැතිව, පාන්දර 1.30- 2.00 ට විතර 11 වන වාට්ටුවට ඇතුලත් වුණා.වාට්ටුවට ඇතුළත් වුණ ගමන්ම අපි දෙන්නට ඇඳන් දෙකක් ලැබුණ. ඒ එක්කම රාත්‍රී සේවාව භාරව සිටි හෙද නිලධාරිණියන් කිහිප දෙනෙක් ඇවිත් packing පිටින් අලුත්ම කොට්ටෙකුයි, බෙඩ් ශීට් එකකුයි, towel එකකුයි දුන්න. බිස්කට් පැකට් කීපයකුත් දුන්නා.

“Kettle, කිරිපිටි, සීනි, tea bags ඔක්කොම තියෙනවා. කැමති වෙලාවක හදාගෙන බොන්න. මොනවහරි ඕන වුනොත් කතා කරන්න කියල ගියා. රජයේ රෝහලක ඇත්තටම මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද කියන කාරණේ තමයි මට ඒ වෙලාවේ හිතුනෙ. පහුවදා උදේ තමයි දැක්කෙ කවුරු කවුරුද ඉන්නේ කියලා. මාස 02ක චූටි දුවත් එක්ක අම්මා කෙනෙක්, මාස 11ක පුතෙක් එක්ක අම්මා කෙනෙක්, අවුරුදු 03 මාස 08ක ලියුකේමියා හැදුන පුතෙක් එක්ක තාත්තා කෙනෙක් සහ මගේ පුතා එක්ක මම. හැමෝම හැමෝටම පුළුවන් උදව්වක් කරගෙන ඉන්නවා.

එදා උදේම චිත්‍ර පොතකුයි අලුත්ම පාට පැන්සල් පැස්ටල් මේ ඔක්කොම අරගෙන හෙද නිලධාරිණියක් ඇවිත් බබාගෙ අතට දුන්න. දවස ගානෙ මේ වාට්ටුවල ඉන්න හැම බබෙක්ටම තෑගි ලැබෙනව. ඒ අතරෙ කතා පොත්, සෙල්ලම් බඩු විතරක් නෙවෙයි බිස්කට් චොක්ලට් වගේ දේවල් ඇති තරම් තිබුණ බබාලට සතුටින් කාලය ගත කරන්න. හවස තුනට විතර අලුත් මැෂින් එකක් ward එකට consultant එවලා තිබ්බා. RHO ඇවිල්ලා ඒක පාවිච්චි කරන විදිය, වෙලාව කියල දුන්නා. කොහොම හරි දවස සන්සුන්ව ගෙවිලා ගිහින් රෑ 9 වගේ වෙනකොට බබාට මුළු ඇගේම පලු දැම්මා. ඒ වෙද්දි බබාගේ saturation අඩු නිසා අලුත් මැෂින් එකෙන් ආපහු oxygen දුන්නා.

ඇතිවුණු බය නිසාම මම වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරයාට කතා කරා. ඒ වෙද්දි Dr. Aruna Herath ව දැකලා තිබුනෙ නෑ. ඒත් බබාගෙ history එක ගැන කියල, බබාගේ සෞඛ්‍ය තත්ත්වය manage කරන විදිය හා ඒ වෙනුවෙන් ඉදිරියේදී ගන්න ක්‍රියා මාර්ග ගැන හරිම සරලව පිළිවෙලට පැහැදිලි කරාම තමයි මට තේරුණේ මම හරිම තැනට තමයි දැන් ඇවිත් ඉන්නේ කියලා.කොහොම හරි පහුවදා දවල් ආපහු බබාගේ rash එක ආවා. ඒ වෙලාවේ විශේෂඥ වෛද්‍යවරයා වාට්ටුව ඇතුළට ඇවිත් බබා බැලුවා. කරන්න ඕන දේවල් බොහොම හොදින් තේරුම් කළා.දවස් 2-3 ක් යනකොට බබාගේ හැම ලක්ෂණයක්ම අඩුවෙලා ගිහින් තිබුණා. මෙහෙම ගිහින් හරියටම සතියක් ගෙවන දවසෙ දරාගන්න බැරි තරම් දුක හිතෙන දෙයක් සිද්ධ වුණා. ඒ තමයි අර මම කලින් කියපු ලියුකේමියා හැදුනු චූටි දරුවා ජීවිතෙන් සමු ගත්ත එක. විනාඩි දහයක් වගේ පොඩි කාලයක් ඇතුළත ඔහු සදහටම අපෙන් සමුගත්තේ එවෙලෙ වින්ද වේදනාව අපි හැමෝටම දුක්බර දර්ශනයක් විදියට ඉතිරි කරලා.

අන්තිම විනාඩි කීපයේ එයා තමන්ගෙ තාත්තගෙ මූණ එයාගේ පැත්තට හරව හරව දුක වේදනාව ප්‍රකාශ කරපු විදිය අදටත් මට මැවි මැවී පේනව. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කොයි තරම් උත්සාහ ගත්තත් ඔහු ජීවිතය අතහැරල ගිහින් තිබුනා. ඒත් මම යටි හිතෙන් හිතුවේ තවත් වේදනාව විඳින්නේ නැතිව සිද්ද වුණ දේ හොඳයි කියල, මොකද දරුවා වගේම තාත්තත් නොසෑහෙන්න දුක් වින්දා. අනික කොයි තරම් මහන්සි ගත්තත් ජීවත් කරන්න බැරි තත්ත්වයකයි ඔහු හිටියේ.එවෙලේම අපිව වෙනත් වාට්ටුවකට මාරු කරා. කඳුළු පිරුණු ඇස් වලින් අර පුංචි පුතාටත් තාත්තට සමුදෙන ගමන් මගේ පුතා ගෙන් සිදු වෙච්ච දේ හංගන්න ලොකු පරිශ්‍රමයක් ගන්න උණා. ඇයි මල්ලි අපිත් එක්ක ඒ ward එකට එන්නෙ නැත්තෙ. ඇයි එයා එක පාරටම නිදාගත්තෙ. ඔය වගේ දාහක් ප්‍රශ්න පුංචි හිතේ තිබුන.

මේකෙ බරපතලකම මට දැනුනේ පහුවදා පුතා මගෙන් ඇහුවා අර මල්ලි dead වුනා නේද කියල. මං ඇහුවා ඇයි එහෙම අහන්නෙ කියල.” නෑ මට හිතුනා” කිව්ව පුතා මට කියනව “මට තියන ප්‍රශ්නේ ඊළඟට dead වෙන මම ද කියල”. ඒ ප්‍රශ්නෙන් අකුණු සැර වැදුනේ මගේ ඔලුවට. ඒ මල්ලිට germ එකක් ගිහින්. ඒ නිසා වෙනම treatment කරන්නේ. ඔයාට එහෙම වෙන්නෙ නෑ පුතා” කියලා මම කිව්වා.

අලුත් වාට්ටුවට අපිත් එක්කම ආපු තව මුස්ලිම් දුවෙක් හිටියා. එයාගෙත් තාත්තට cancer එකක්. ඊළඟ දවස වෙද්දි එයාටත් අමාරු වෙලා ගෙදර ඉන්න අනිත් ළමයි මේ දුවටයි අම්මටයි තාත්තව පෙන්නුවා. ඒ අම්ම phone එක අරන් මගේ ලගට ආවා. අපි ඔක්කොම බල බල ඉදිද්දිම ජීවිතේ අවසන් හුස්ම හෙළුවා. මේ වෙද්දි මගේ පුතාගේ වයසෙ පුතෙක් කලින් දවසෙ අලුත් වාට්ටුවට ඇතුල් වෙලා හිටියා. නැතිවුණු තාත්ත වෙනුවෙන් අම්මයි දුවයි දුක්වෙන මොහොතෙ අර දරුවටත් ලියුකේමියා කියන රිපෝට් එක ආවා. එහෙමම ඒ දරුවා මහරගම පිළිකා රෝහලට මාරු කරලා යැව්ව. මේ කෙටි කාලයක් තුළ සිදු වුණ සිදුවීම් කීපයක් විතරයි. මේ වගේ දේවල් ලංකාවේ හතර වටේම දවස ගානෙ කීයක් වෙනවද ඇති ද? එතකොට මේ වැඩ කරන දොස්තරලට නර්ලස්ලට, සනීපාරක්ෂක සේවා වල නිරත වෙන අයට ගෙවල් වල දරුවෝ නැද්ද? වයසක අම්මලා තාත්තලා නැද්ද? මෙයාලට කොරෝන හැදෙන එකක් නැද්ද?

මේ වගේ ලක්ෂ ගාණක් ලංකාව පුරාම ඉන්නවා. මොනවා උනත් අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන මට හරි ආඩම්බරයක් දැනෙනව. මේ වෙලාවේ අතරමැදි කොවිඩ් මධ්‍යස්ථානවල දිවා රෑ නොබලා සේවයේ යෙදෙන මගේ සහෝදර ආයුර්වේද වෛද්‍යවරු හෙද නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයත් මතක් නොකළොත් ඒක විශාල අඩුවක්.කොයි දේ කොහොම වෙතත් ජීවිතේ ඕනෑම අසීරු අවස්ථාවක් බොහොම ලස්සනට ගලපගන්න පුළුවන් මානසික ශක්තියක් මට උපතින්ම හිමි වෙලා තියෙනවා. ඒ වගේම වෙනදට වඩා මගේ පුතත් එක්ක ළගින්ම කාලෙ ගත කරන්න මට අවස්ථාව හම්බුනා. අපි දෙන්න ගොඩක් වෙලාවට කිරි එකක් හදාගෙන වාට්ටුවේ veranda එකට යනවා. ගිහිල්ලා ඉස්සරහින් තියන පේරාදෙණිය මල් වත්ත දිහා බලාගෙන ගස් ගැන, අහසේ වළාකුළු ගැන, රෑට හද එලිය වැටිලා තියන ලස්සන ගැන කතා කරනවා.

මේ අතර පුතාගේ ඉස්කෝලේ online classes වලටත් සම්බන්ධ වෙලා අහගෙන හිටියා. කොහොම වුණත් පුතාටත් මටත් මේක හොඳ අත්දැකීමක්. මං හිතන්නේ වැරදිලා හරි එදා ආසිරි එකෙන් ප්‍රතික්ෂේප වුණ එක හොඳ දෙයක්. ඉතින් මට හැමෝටම කියන්න තියෙන්නේ නුවර විතරක් නෙමෙයි කොහේ හිටියත් දරුවෙක් අසනීප වුණොත් අනේ ළඟම තියෙන රජයේ රෝහලට අරගෙන යන්න. නුවර අවට කෙනෙක් නම් මේ පේරාදෙණිය විශේෂ ළමා රෝහල වෙත දරුවාව අරගෙන එන්න දෙපාරක් හිතන්න එපා.ඒ වගේම අන්තිමට කියන්න තියෙන්නේ මේ සුව විරුවොන්ට කවදාවත් හෙම්බිරිස්සාවක්වත් හැදෙන්න එපා කියලා.” කියලා තමයි ඇයගේ ෆේස්බුක් සමාජ ජාලයේ ඇය සටහන් කර තිබුණේ. අයෝමි ශානිකා කියලා කියන්නේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ වෛද්‍යවරියක්.ඇය මුහුණ දුන් එම අත්දැකීම මෙලොව කිසිදු කෙනෙකුට මුහුණ දෙන්නට සිදු නොවේවායි ප්‍රාර්ථනා කරන අතර පුංචි පුතුට ඉක්මන් සුවය පතනවා.

මේ දවස්වල හැමෝම වගේ කතාවෙන ටනාෂාගේ සුන්දර කැදැල්ලේ ඔබ නොදුටු ජායාරූප පෙළක්

වර්තමානය වනවිට සමාජ මාධ්‍ය ජාලාවන් තුළ නිරන්තරයෙන් කතාබහට ළක්වන චරිතයක් බවට රංගන ශිල්පිනී ටනාෂා හතරසිංහ පත්වෙලා තිබෙනවා. ඊට හේතුව වනුයේ ඇගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනා එකට සිටින ජායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සීඝ්‍රයෙන් සංසරණය වීමයි.

කොහොම නමුත් ටනාෂා හතරසිංහ කියල කියන්නේ කලා ක්ෂේත්‍රයට බොහොම සුන්දර ලෙසින් පිවිසි සුරූපී තරුණියක්. ඉතින් ටනාෂා කලා ක්ෂේත්‍රයට පිවිසි ආකාරය පිළිබඳ කියනවානම් ඇගේ මවගේ හොඳම යෙහෙළියකගේ සැලුන් එකක චායාරූපයක් සඳහා පෙනීසිටින ඇය පසුව මියුසික් වීඩියෝවක් සදහා පෙනී ඉදල තිබෙනවා. ඉතින් ඒ විදියට තමයි ඇය කලා ලොවට පිවිසෙන්නේ

කොහොමහරි ඉතින් ඇය මේවන විට සිනමාපට නිලියක්, ටෙලිනාට්‍ය නිලියක්, නිරූපිකාවක ලෙස වගේම නිවේදිකාවක ලෙසත් ලාංකිකයන් අතර ජනප්‍රියයි. කොහොම නමුත් දියණියන් හතරදෙනෙකුගෙන් සමන්විත පවුලේ වැඩිමහල් දියණිය වන්නේද ඇයයි.

මේ අතර පසුගිය දිනක ඇය සිය නැගණියන් තිදෙනා සමගින් පෙනීසිටින ජායාරූපයක් අපට සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබුණා. ඉතින් ඇගේ මේ සුන්දර ජායාරූපයට ලාංකිකයන් රැසක් සිය අදහස් ප්‍රකාශ කර තිබුණා.

ඊට ප්‍රධානම හේතුව වනුයේ ටනාශා වගේම සුන්දර නංගිලා 3දෙනෙකුත් ඇයට සිටීම වගේම ඇගේ මවගේ සුන්දරත්වයයි. කොහොම නමුත් හැමෝම වගේ කියල තිබුනේ ටනාෂාගේ මව ඔක්කෝටම වඩා ලස්සනයි කියල. ඉතින් ඒ නිසාම අද අපි ඇගේ පවුලේ සුන්දර ජායාරූප පෙළක් මේ විදිහට අරගෙන එන්න හිතුවේ. ඉතින් ඒ වගේම මේ ලස්සන පවුලට හැමදාමත් මේ වගේම සතුටින් කාලය ගත කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

චබී දෙවෙනි ඉනිමෙන් ඇත්තටම ඉවත් වුණේ ඇයි?

කනිෂ්ක ප්‍රසාද් කියන්නේ ඉතාම කෙටි කාලයක් තුලදී ප්‍රේක්ෂක ජනාදරයට පත් අපූරු තරුණයෙක්.සිය පළමු රංගන දායකත්වය දැක්වූ ටෙලි නාට්‍යයෙන්ම මෙසේ ජනප්‍රිය වීම සැබැවින්ම ඔහුගේ වූ වාසනා ගුණයකි.දෙවනි ඉනිම ටෙලි නාට්‍යයේ චබීත හෙවත් චබී චරිතයට පණ පෙවූ කනිෂ්ක ප්‍රසාද් මේ වන විට දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයෙන් ඉවත් වී නීල පබළු ටෙලි නාට්‍යයේ රංගන දායකත්වය දක්වන බව තමයි අපිට ආරංචි වන්නේ.දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ විකට චරිතයක් නිරූපණය කරන කනිෂ්ක සිරස නාලිකාවේ විකාශනය කරන නීල පබලු ටෙලිනාට්‍යයේ නිරූපණය කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ චරිතයක්.පසුගිය දා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සිය ගමන පිළිබඳව පවසා සිටියේ මේ අයුරින්.

“මම ගොඩක් දුක් මහන්සි වෙලා මෙතනට ආපු කෙනෙක්.මගේ ගම කොළඹ මෝදර.derana dream star වේදිකාවේ පස්වැනි තැන අරගෙන තමයි මුලින්ම මං ප්‍රේක්ෂකයන් අතරට ගියේ.ඉතිං මං එවෙලෙම හිතුවේ ජීවිතේ දිනන්න පන්නරය අරන් ඉවරයි කියලා.දවසක් මං පොඩි කාලේ සංගීත ප්‍රසංගයකට සහභාගී වෙලා තියෙනවා.එතනදි මම සින්දු කියද්දි මිනිස්සු නැගිටලා යනවා.සංවිධායකවරු කියනවා මට සින්දු කියන එක නවත්වන්න කියලා.නමුත් දැන් මම මෙතැන ඉද්දි මාව ප්‍රතික්ෂේප කරපු සංවිධායකවරුම මට ප්‍රසංගවලට ආරාධනා කරනවා.මේක මගේ තාත්තගේ හීනයක්.තාත්තා අද ජීවතුන් අතර නැති වුණත් ඒ හීනෙට ළඟා වෙන්න පුළුවන් වීම ගැන මම සතුටු වෙනවා.”

“රංගනය සම්බන්ධව මම මුල්ම අත්දැකීම ගත්තේ දෙවැනි ඉනිමේ චබී චරිතය හරහා.දෙවෙනි ඉනම කියලා කියන්නේ මට මහගෙදර වගේ.මම දෙවනුව ඉපදුනේ එහි කියලා තමයි මට හිතෙන්නෙ.චබී චරිතය හරහා ඉතාම කෙටි කාලයක් තුළින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගන්නට මට හැකිවුණා.ඒ ගැන තියෙන්නේ නිහතමානී සතුටක්.මේ දිනවලදී දෙවෙනි ඉනිම චබී චරිතයෙන් මම ඉවත් වී සිටිනවා.ඒ මගේම කැමැත්තෙන්.මම මුල අමතක කරන ජාතියෙ කෙනෙක් නෙවෙයි.කණිෂ්ක කියන චරිතය රංගනය සඳහා යොදාගන්නට මූලිකවම තුඩුදුන් චරිතය වන්නේ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ චරිතය.මගේම කැමැත්තෙන් තමයි මම ඒ චරිතයෙන් ඉවත් වුණේ.හැබැයි ඒ තාවකාලිකව.කවුරුත් නොසිතනා විදිහට මම ඒ චරිතයෙන් නැවත මතුවන්නට පුළුවන්.දෙවෙනි ඉනිම කියලා කියන්න හැම චරිතයක්ම ඉතාම කෙටි කලකදී ප්‍රසිද්ධ වුණු ටෙලි නාට්‍යයක්.”

“නීල පබලු ටෙලි නාට්‍යයේ රංගනයට මට ආරාධනා කලෙත් දෙවෙනි ඉනිමේ චබී චරිතයට සාධාරණයක් කර රඟපාපු නිසා.මේ දිනවල දී ඒ කටයුතුත් සමඟ කාර්යබහුල වෙලා ඉන්නේ.ඇත්තටම මම ගීත දෙකක් කලා.නමුත් මගේ හිතට වදින ගීතයක් තවම කරන්න බැරි වුණා.ළඟදීම මගේ සහකාරිය ගැනත් දැන ගන්න පුළුවන් වෙයි.හැබැයි එයා මේ ක්ෂේත්‍රයේ කෙනෙක් නෙමෙයි.” කියලා තමයි අවසාන වශයෙන් ඔහු පැවසුවේ.මේ වන විට ලංකාවේ විශාල පිරිසකගේ ආකර්ෂණයක් දිනා ඇති කනිෂ්ක සැබැවින්ම පුංචි තිරයේ දකින්නට ලැබෙන නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක්. ඉතින් ඔහුගේ සියලුම වැඩ වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම නව නිර්මාණ රැසකින් ප්‍රේක්ෂක හමුවට එන්න ලැබේවා යි කියලා සුබ පතනවා.

අභාවප්‍රාප්ත ඒලියන්ත වයිට් ගැන මාලිංගගෙන් සටහනක්!

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා ඊයේ (22) අභාවප්‍රාප්ත විය.

මිය යනවිට 48 වන වියෙහි පසු වූ ඒලියන්ත වයිට් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස ද කටයුතු කළේය.
 
ඒලියන්ත වයිට් මහතාගේ හදිසි අභාවය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කර තිබේ.

වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා ක්‍රීඩකයින් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසකට සිය රෝගාබාධ සුවපත් කරගැනීමට උදව් කළ බවත් ඔහුගේ අභාවය සම්බන්ධයෙන් බෙහෙවින් කණගාටු වන බවත් අග්‍රාමාත්‍යවරයාගේ ශෝක පණිවිඩයේ සඳහන්ය.

මේ අතර ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ද සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබුණි.

එහි දැක්වෙන්නේ,

“2008 දී මගේ පාදයේ injury එක…ඇත්තටම හාස්කමකින් සුවය ලබූ injury එකක්.”

“ඒ හාස්කම කරපු එතුමට මම දාපු හැම Yorker එකක් hat trick එකක් ගානෙම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා…”

2008 න් පස්සේ මම දවාගත් හැම කඩුල්ලක් ගානෙම සතුටු වුන ඔබෙත් හදපිරි ප්‍රණාමය එතුමා වෙනුවෙන්ම පුද කරන්න! ඔබට අමා මහ නිවන් සුව පතමි!”

පුෂ්පිකාගේ අලුත්ම ඡායාරූප එකතුවට ඉහළ ප්‍රතිචාර (PHOTOS)

මේ දිනවල දේශපාලන වේදිකාවේ වගේම සමාජ මාධ්‍ය තුනක් කතාබහට ලක්වෙන චරිතයක් තමයි විවාහක රූ කිරුළ දිනූ පුෂ්පිකා ද සිල්වා. ඒ ඇය සම්බන්ධයෙන් පැතිරී පැතිර යන කටකතා නිසයි.

කෙසේ වෙතත් ඇය එම කටකතා සියල්ලම ප්‍රතික්ෂේප කරනවා. පුෂ්පිකා එළැඹෙන වසරේ දී ඇමරිකාවේ las Vegasහි පැවැත්වෙන ලෝක විවාහක රූ රැජිණ කිරුළ සඳහා සහභාගි වීමට නියමිත අතර මේ දිනවල ඇය ඒ සඳහා පුහුණුවීම්වල නිරත වන බව වාර්තා වෙනවා.

මේ ඇය සමාජ මාධ්‍යට මුදා හරිනු ලැබූ ඡායාරූප පෙළකි,

දිනක්ෂිගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ අනුගාමිකයන් මිලියනය පසු කිරීම සමරපු හැටි (PHOTOS)

අපේ රටේ කවුරුත් ආදරය කරන සමාජ මාධ්‍ය තුල නිතරම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය ආදරණීය කළා යුවලක් තමයි සාරංග දිසාසේකර වගේම දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ. කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන කලාවට සම්බන්ධ පවුල්වලින් පැවත එන ආදරණීය යුවලක් විදිහටත් මේ කළා යුවල හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් ඒ වගේම රංගනයට අමතරව නිවේදනය, ගායනය, නර්තනය, නිරූපනය වැනි විවිධ ක්ෂේත්‍රයන් රැසකින්ම මේ ආදරණීය යුවල එක හා සමානව දස්කම් දක්වනවා. කොහොම නමුත් පහුගිය කාලය පුරාවටම මේ යුවල ගැන අපිට නිතරම අහන්නට දකින්න ලැබුණා. ඉතින් ඒ සුබ ආරංචිය තමයි මේ දෙන්නා හා හා පුරා කියලා කුලුදුලේම උතුම් මව් පිය පදවිය ලබන්න සුදානම් වෙන ආදරණීය පුවත නිසා.

ඉතින් මේ දවස් වල මේ පුංචි පැටියා මේ ලෝකෙට එනකන් මේ දෙන්නා කටත් ආදර්ශයක් ලබා දෙමින් ඉතාමත්ම ආදරණීය සුන්දර ජීවිතයක් ගත කරන බව තමයි අපට දැකගන්න ලැබෙන්නේ. ඉතින් ඒ වගේම සාරංග සහ දිනක්ෂිගේ පළමු විවාහ සංවත්සරයත් පහුගිය දිනයකදී යෙදිලා තිබුණා.  

ඒ විතරක් නෙවෙයි, දිනක්ෂි කියන්නේ සමාජ මාධ්‍ය තුළ නිතර ක්‍රියාශීලි කෙනෙක්. ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි සිටින අනුගාමිකයින් සංඛ්‍යාව මිලියන පසු කළා. ඒ වෙනුවෙන් දිනක්ෂිගේ සැමියා වන සාරංග පොඩි සාදයක් සංවිධාන කර තිබුණේ මෙලෙසයි.