“සර්..! අනේ මිනිත්තුවක් මගේ අම්මව බලන්න..! ” - කොවිඩ් හමුවේ විසාලා මහනුවරක් වූ ඉන්දියාව උදව් ඉල්ලා අඬා වැටෙයි - කම්පන සහගත වීඩියෝ පට රැසකුත් එළියට - (video)

ඉන්දියාව කොරෝනා වෛරස් දෙවෙනි රැල්ල හමුවේ මහා ව්‍යසනයක් කරා යමින් සිටියි.

ලොව සෙසු රටවල් අභිබවමින් අසල්වැසි ඉන්දියාවේ කෝවිඩ් රෝගීන් වාර්තා වීමේ වේගය ඉහළ ගොස් ඇත.
 
බ්‍රහස්පතින්දා (අප්‍රේල් 22) පැය 24 ක කාලයක් තුළ 2,000 ට වැඩි සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති අතර අලුතින් රෝගීන් 300,000 වාර්තා වී තිබේ.

මේ අතර... ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තියත් සමඟ හුවමාරු වූ සංවේදී වීඩියෝ කිහිපයක් බීබීසී වෙබ් අඩවිය මඟින් වාර්තා කර තිබුණා.

මූලාශ්‍ර - BBC සිංහල