ට්‍රම්ප්ගේ කාලේ හොඳ නෑ - චීන ෆෙංෂුයි විශාරදයෝ කියති

මේ වසරේ (2019) දෙසැම්බර් 6 වැනිදා සිට ලබන වසරේ (2020) ජනවාරි 6 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එමින් ඔහු බලයෙන් ඉවත් කළ හැකි යැයි චීන ෆෙංෂුයි විශාරදයෝ අනාවැකි පළ කරති.

චීන නව අවුරුද්ද ලබන සතියට යෙදී තිබෙන අතර චීන රාශී චක්‍රයට අනුව මේ වසර ඌරගේ වර්ෂය යනුවෙන් නම් කර ඇත. ඒ අනුව මේ වසරේදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අතීත රහස් එළිදරවු වනු ඇතැයි ද ඔවුහු පවසති.

වසර 30කට පසු ජනප්‍රිය නිළි මධුරි හා අනිල් කපූර් ප්‍රේමයෙන් වෙලෙයි

පසුගිය ජනවාරි 27 වැනිදාට ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වූ සුභාෂ් ගායිගේ ‘රාම් ලකන්’ චිත්‍රපටය තිරගත වී වසර 30ක් ගෙවි තිබෙනවා. ඒ වෙනුවෙන් එහි ප්‍රධාන චරිත රඟපැ අනිල් කපූර් හා මධුරි ඩික්සිත් පෙනී සිටින ඡායාරූපයක් සිය ‘ටිවිටර්’ හා ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම්වලට එක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

පොදු ප්‍රවාහන සේවයේ ලිංගික හිංසනය හෙළි කරන තරුණියගේ කතාව

පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනය පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

ඒ අතර මෙලෙස පොදු ප්‍රවාහන සේවයකදී මල්කි නමැති ශ්‍රී ලාංකික තරුණියකට සිදුවූ ලිංගික හිංසනයක් පිළිබඳව ඇය විසින්ම හෙළිදරව් කිරීමත් සමඟ ලංකාව පුරා අවධානය යොමුව තිබෙනවා.

බැටළුවන් 20 කගේ දිවි ගැල වූ බ්‍රිතාන්‍ය ගොවියා

සිවලිංගම් වසන්තකුමාර් බ්‍රිතාන්‍යයේ ඩේවොස්‌ ප්‍රදේශයේ ගොවියෙකි. ඔහුගේ ගොවිපලේ සිට බැටළුවන් 20 ක්‌ ඝාතකාගාරය වෙත ගෙන යන අවස්‌ථාවේ ඔහුට කාරුණික සිතුවිලි පහල විය. ඒ මේ අහිංසක බැටළුවන් මස්‌ පිණිස මරන්නේ කුමකටද යන්නයි.

ලෝකයේම කෙල්ලො පිස්සු වට්ටපු නික් ප්‍රියංකාට ආදරේ කරන හැටි

පහුගිය දවස්වල ලෝකයේම කතාබහට ලක් වූ චරිත රැසක්ම අපිට දැකගන්න ලැබුණා. ඒ අතර ජනප්‍රියත්වයත් කඩවසම් බවත් උතුරායන චරිතයක් ගැන ගොඩක් අයගේ අවධානය යොමු වුණා. බොලිවුඩයෙන් හොලිවුඩයට පායපු අපේ ආදරණීය පීසී එහෙමත් නැතිනම් ප්‍රියංකා පහුගිය දවස්වල විවාහ දිවියට ඇතුළත් වුණා. ඇයගේ අත ගත්තු ඒ කඩවසම් කුමාරයා ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඒ වෙන කවුරුත්ම නෙවෙයි. නික් ජෝන්ස්. නික්.

අත් අකුරින් ජීවිත 6000ක් බේරූ මිනිසෙකුගේ කතාව

සුගිහාරා ඉගෙන ගන්නට දක්ෂයෙකි. ඒ නිසා ඔහුගේ තාත්තාට වුවමනා වූයේ ඔහුව වෛද්‍යවරයෙක් කරන්නටය. එහෙත් සුගිහාරා හිතුවක්කාරයෙකි. ඔහුගේ වැඩි කැමැත්ත තිබුණේ සාහිත්‍යයටය. භාෂාවන් ඉගෙන ගෙන රට රටවල සංචාරය කරන්නටය.

එහෙත් තාත්තාගේ කැමැත්තට ඉඩ දී වෛද්‍ය පීඨයේ විභාගයට වාඩි වෙන්නට ඔහුට සිදු විය. ඔහු මුළු උත්තර පත්‍රයම හිස්ව තැබුවේය. විභාගය අසමත් වූයේය. ඉන්පසුව ඔහුට කැමැත්තක් කරගන්නට තාත්තාගෙන් අවසර ලැබිණ.

පාපන්දු තරඟය අම්මාගේ දෑස්වලින් අන්ධ පුතු දැක්ක හැටි - (Photos)

බොහෝ දෙනෙක් ක්‍රිකට් ක්‍රීඩාවට වගේම පාපන්දු ක්‍රීඩාවටත් ඇලුම් කරනවා.

Silvia Grecco කියන්නේ බ්‍රසීලයේ ජිවත් වෙන කාන්තාවක්, ඇයත් පාපන්දු ක්‍රීඩාවට බොහෝ සෙයින් ආදරේ කරන කෙනෙක්.

ඒඩ්ස් රෝගීන් රැසකගේ නම් සහ ලිපිනයන් හෙළිවෙයි

HIV ආසාදිත විදේශිකයින් ඇතුළු 14,000කට අධික පිරිසකගේ රහසිගත ‍තොරතුරු සිංගප්පූරුවෙන් සොරා ගෙන අන්තර්ජාලයට මුදාහැර තිබේ.

ඒ අනුව බලධාරීන් විසින් 2016 වසරේ සෞඛ්‍ය තොරතුරු උල්ලංඝනය පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇති අතර මෙම සොරකම පිටුපස සිංගප්පූරු ජාතික ජ්‍යෙෂඨ වෛද්‍යවරයකුගේ සහායකයකු වූ HIV ආසාදිතයකු සම්බන්ධ බව ඔවුහු විශ්වාස කරති.

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ කාලසටහන එළි දැක්වේ

2020දී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ කාලසටහන ඊයේ ඔස්ට්‍රේලියාවේදී එළි දැක්වුණා.

ලබන වසරේ පැවැත්වෙන තරඟාවලියේ පිරිමි අංශයේ තරඟාවලිය ඔක්තෝම්බර් 18 වැනිදා ආරම්භ නියමිතයි.

"දොර අරිනකොටම එයා හිටියේ ලේ ගොඩක් මැද.." - සුරූපී තරුණිය මානසික අසහනකාරයෙක්ගේ ගොදුරක් වූ හැටි

තිස් හැවිරිදි කාරා හේල්ස් (cara) අකාලයේ මරුමුවට පත්වීමට සුදුසු කෙනෙක් වුණේ නැහැ. ඕස්ට්‍රෙලියාවේ පර්ත් වලට උතුරෙන් පිහිටි මන්ස්ටර් නගරයේ පදිංචිකරුවන් අතර අතිමහත් ජනප්‍රියත්වයක් හිමි කර ගැනීමට හැකි වූ ඇගේ අකල් මරණයත් ඇය ඝාතනය වී තිබූ ආකාරයත් මුළු මහත් ඕස්ට්‍රේලියාව පුරාම දැවැන්ත ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වුණා.

"කැමරාව ඉස්සරහා නිරුවත් වෙන්න වුණා..ඒ වීඩියෝ සජීවීව වෙබ් අඩවිවලට දුන්නා" චීනයට ගිය තරුණියන් දෙදෙනෙකු ලිංගික සේවයට කොටු වූ සංවේදී කතාව

ජියුන් රටින් පලා ගියේ 2010 වසරේදී ය. ඒ වන විට ඇයගේ වයස අවුරුදු 16ක්. තීරු කීපයකට ඉරා ගත් ඇඳ ඇතිරිල්ලක කොටස් එකිනෙක යාකොට ගැටගසා තිබුණි.එහි එක් කෙළවරක් තුන්වන මහලේ කවුළුවකින් පහතට විසි කළේ තරුණියකි. තවත් තරුණියක් එහි අනෙක් කෙළවර සුරැකිව අල්ලාගෙන සිටියාය.එය මහල් නිවාස ගොඩනැගිල්ලකි. පිහිටියේ චීනයේ යැන්ජි නගරයේ ය.ඉරාගත් තීරු යාකෙරුණු ඇඳ ඇතිරිල්ල නැවත ඉහළට එසැවිණි. එහි කෙළවරට සවිමත් කඹයක් අමුණා තිබුණි.කවුළුවෙන් පිටතට පැමිණි තරුණියන් දෙදෙනා බිමට බැස්සේ ඒ කඹයේ ආධාරයෙනි.

නිරුවත් ඡායාරූප ලීක් වුණු හැටි ගැන සුරුපි නිළිය කියයි

ඉන්දීයාවේ සුරූපී චිත්‍රපට නිළියක් වන හංසිකාගේ බවට සඳහන් වන ඡායාරූප පෙළක් අන්තර්ජාලට එක්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇයගේ ඉන්ටර්ග්‍රෑම් ගිණුම හැක් කිරීමකට ලක්වීමෙන් මෙලෙස විවිධ වර්ගයේ ඡායාරූප අන්තර්ජාලයට එක්ව ඇති බවයි.

කරීනා කපූර් දේශපාලනයට?

හින්දි සිනමාවේදී ලබාගෙන තිබෙන අසීමිත ජනප‍්‍රියතාව උපයෝගී කර ගෙන කාලෙන් කාලෙට හින්දි තරු දේශපාලනය සඳහා පැමිණීම අමුත්තක් නොවේ. විටෙක ජයා බච්චන්, හේමා මාලිනී, රේඛා හින්දි තිරයේ ලැබූ ජනප‍්‍රියත්වයෙන් දේශපාලනය ජය ගත් පිරිස අතර සිටියා. දැන් දැන් වාර්තා වන්නේ මේ කාන්තා චරිත අනුව යමින් කරීනා කපූර් ඛාන් දේශපාලනයට පිවිසීමේ ආසාවකින් පෙළෙන බවයි. ඇය බෝපාල් හි ලෝක් සභා ඡන්දය සඳහා ඉදිරිපත් වන බවට මේ වනවිටත් පුවත් මැවෙමින් තිබේ.

අවුරුදු 63 කට පෙර අයින්ස්ටයින්ගේ මොළය සොරාගත් හැටි!

ලොව හොඳම මොළය විය හැක්කේ කාගේ මොළයද? මෙහිදී හොඳම මොළය යනු කවර වර්ගයේ මොළයක් ද යන ප‍්‍රශ්නය හටගනී. සාමාන්‍ය තලයේදී හොඳම මොළයක් යනු වැඩිම දත්ත ගබඩාවක් මතක තබාගත හැකි, ගණිත ගැටලූ සහ සමීකරණ වැඩිම ප‍්‍රමාණයක් ක්‍ෂණිකව විසඳිය හැකි මොළයකි. ඒ අනුව ග‍්‍රීක ගණිතඥ ආකිමිඩිස් (ක‍්‍රි. පූ. 287-212) ගේ මොළය හොඳම මොළයකි. ක‍්‍රි. ව. 1473 සිට 1543 දක්වා පෝලන්තයේ ජීවත් වූ පුනරුද යුගයට අයත් ගණිතඥයකු සහ තාරකා විද්‍යාඥයකු වූ නිකුලස් කොපර්නිකස්ගේ මොළය හොඳ මොළයකි. ගුරුත්වය පිළිබඳ නියමය සොයාගත් බි‍්‍රතාන්‍ය ජාතික ගණිතඥ අයිසෙක් නිව්ටන්ගේ (1643 - 1727) මොළයද ඉහළම තත්ත්වයේ මොළයකි.

දරුණු අනතුරකින් මියගිය දියණියන් දෙදෙනා යළිත් මවුපියන් සොයා ආ හැටි

1957 මැයි මස එක් ඉරිදාවක ජෝන් පොලොක් නම් තැනැත්තාගේ දියණියන් දෙදෙනා වන 11 හැවිරිදි ජෙනීපා පොලොක් දැරිය සහ සය හැවිරිදි ජැක්විලියන් දරුවා රිය අනතුරකින් මරණයට පත් වූහ. සිත් පැහැරගන්නා වියේ සුරතලයට හැදුණු වැඩුණු මේ දැරියන් නැති නිවහන පාළු සොහොනක් මෙන් විය. පොලොක් මහතාට මෙය දරා ගන්නට බැරි තරම් වුණේ ඔහු ඒ තරමටම දරුවන් කෙරෙහි අප්‍රමාණ වූ සෙනෙහසකින් ජීවත් වී සිටීමයි. සිය බිරියගේ මානසිකත්වය හැඩගස්වා ගැනීමට මහත් අසීරු වන තරමටම ඇය වඩාත් කම්පනයට පත්ව සිටියාය.

ඉන්දියාව ලොව සැහැල්ලුම චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කරයි

ඉන්දියාව විසින් ලොව සැහැල්ලුම චන්ද්‍රිකාව අභ්‍යවකාශයට යවා තිබේ.

ග්‍රෑම් 1260 ක්‌ වන කලාම් සැට්‌ - ඪ 2 නමැති මෙම චන්ද්‍රිකාව නිපදවන ලද්දේ අභ්‍යවකාශ පාඨමාලා හදාරන සිසු පිරිසක්‌ විසිනි.

ෆේස්බුක් සමාගම නව පිම්මකට සැරසේ

ෆේස්බුක් සමාගම විසින් සිය ඉන්ස්ටග්‍රෑම් වට්ස්ඇප් හා ෆේස්බුක් මැසෙන්ජර් සේවා ඒකාබද්ධ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

මෙම සමාජ ජාල සේවාවන් මේ වන විට තනි තනිව සිය සේවාවන් සපයන අතර ඉදිරියේදී මෙය ඒකාබද්ධ කිරීම තුලින් පණිවිඩ හුවාමාරු කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීමට හැකි වනු ඇති බවයි ෆේස්බුක් සමාගම සඳහන් කරන්නේ.

රන්වීර්, දිපීකා නැවත ලංකාවට

මීට සති කිහිපයකට පෙර සිය මධුසමය ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බොලිවුඩ් සුපිරි නළුනිළි යුවලක් වූ දිපීකා පදුකෝන් හා රන්වීර් සිං දෙදෙනා පසුගිය ජනවාරි 22 වැනිදා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඒ දිපීකාගේ සමිපතම මිතුරියකගේ විවාහය මංගල්‍යයකට සහභාගි වීම සඳහායි.

ජනාධිපති ට්‍රම්ප් වෙනිසියුලාවට නව ජනාධිපතිවරයකු නම් කරයි

වෙනිසියුලාවේ ජනාධිපති ලෙස විපක්‍ෂ නායක ජුවන් ගුවයිවෝ නම් කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. වෙනිසියුලානු කොංග්‍රස්‌ සභාව පාලනය කරන්නේ ගුවයිවෝයි.

එසේම වෙනිසියුලාවේ තෙල් ක්‍ෂේත්‍රයට සම්බාධක පනවන බවද ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

ගෙදර සියල්ල නිදාගත් පසු මරණය නොසලකා සෞදි අරාබියෙන් පැන්න සොහොයුරියන් දෙදෙනා

සෞදි අරාබියේ දිවි ගෙවන කාන්තාවන්ට තහනම් බොහෝ දේ ගැන මේ දිනවල නැවත අවධානය යොමු වී තිබේ.

සිය පවුලේ සාමාජිකයන්ගෙන් එල්ලවන පීඩාවන් දරාගත නොහැකිව පළා ගිය දහඅට හැවිදිරි රහෆ් මොහොමඩ් පිළිබඳ පසුගිය සතියේ සමස්ත ලෝකයේම අවධානය යොමු විය.

සිහිසුන්ව ඇද වැටුණු ස්‌වාමියාගේ දිවි ගලවාගත් සුනඛයා

චීනයේ මහා මාර්ගයක්‌ අසල පිහිටි පටු මාවතකදී සිහිසුන්ව ඇද වැටුන පුද්ගලයකුගේ දිවි බේරා ගැනීමට උපකාරී වූ සුනඛයකු ගැන වාර්තා වේ.

මෙම සුනඛයා මාර්ගයේ මැදට වී ගිලන් රථයට මග පෙන්වීම නිසා එම පුද්ගලයාගේ දිවි ගැලවී ඇත.

විවාහ ජීවිතවල ඇතිවෙන ගැටලුවලට මම විසඳුම් හොයලා දෙන්නේ නෑ – ගයාත්‍රි ඩයස්

මමත් Facebook ගිණුමක් පාවිච්චි කරනවා. ඒත් අද ගයාත්‍රි ඩයස් කියලා Facebook එකේ Type කරද්දී එක ‍පෝලිමට ගයාත්‍රි ඩයස්ලාගේ Facebook ගිණුම් හමුවෙනවා. මේ රටේ ගයාත්‍රි ඩයස් කියන නම තවත් කෙනෙකුට තියෙන්න බැරි නැහැ. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ Facebook එකේ හමුවෙන මේ හැම ගයාත්‍රි ඩයස් කෙනෙකුටම මගේ මුහුණ තියෙන එකයි ඒ ගිණුම් ඇතුළට ගිහින් බැලුවාම මගේ පින්තූර තියෙන එකයි. ඒ කියන්නේ මේ හැමෝම මගේ නමින් පෙනී සිටින අයයි. ඒ විදියේ ව්‍යාජ ගිණුම් හින්දා තමයි මට නම් Facebook පරිහරණය කරද්දී හුඟක් ප්‍රශ්න මතුවෙලා තියෙන්නේ.

පාපන්දු ශූරයා ගමන් කළ යානාව මුහුදට කඩන් වැටිලා

ආජන්ටිනා ප්‍රකට පාපන්දු ශුරයකු වූ එම්ලියානෝ ශාලා ගමන් කළ කුඩා ගුවන් යානාව බ්‍රිතාන්‍ය ඇල්ඩර්නි ප්‍රදේශයේදී මුහුදට කඩා වැටී ඇත.

 මෙම යානාව කඩා වැටීමට පෙර ඔහු වට්‌ස්‌ ඇප් පණිවුඩයක්‌ මගින් තම මිතුරන් වෙත දන්වා ඇත්තේ යානාව කඩා වැටෙන බවත් තමාව සෙවීමට ක්‍රියා කරන ලෙත්ය.

ස්වභාවික සම්පත් සොයා චන්ද්‍රයා මත කැණිම් කිරිමේ සුදානමක්

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය ස්වභාවික සම්පත් සොයා ගැනිමේ අරමුණෙන් යුතුව චන්ද්‍රයා මත කැණිම් කටයුතු ආරම්භ කිරීමට සුදානම් වනවා.

නිවේදනයක් නිකුත් කරමින් යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය සඳහන් කරන්නේ වසර 2025 දී මෙම කැණිම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි. මේ සඳහා යුරෝපා අභ්‍යවකාශ සමාගමක් වන "ඒරියන් ගෘප්" සමග වසරක ගිවිසුමක් අත්සන් කර ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා.

සෙල්ෆි නිසා වැළඳෙන අලුත්ම ලෙඩේ සොයා ගැනේ !

පමණ ඉක්මවා සෙල්ෆි ඡායාරූප ගැනීමට පෙළඹීම රෝගයක් බව මේ වන විට ප්‍රජා වෛද්‍යවරුන් විසින් සනාථ කර ඇති අතර, එය හැඳින්වෙන්නේ Selfie Dysmorphia යනුවෙනි.

සෙල්ෆි ඡායාරූප අද වන විට මිනිස් ක්‍රියාකාරකම් මෙන්ම මිනිස් ආකල්පද පමණක් නොව ජීවිතයේ අවධානම් කෙරෙහිද ඇති කර ඇති බලපෑම අති විශාලය.

ලෝක වාර්තාවකට හිමිකම් කියන්න යන, ඕස්ට්‍රේලියාවෙන් හමු වූ අපූරු එළදෙන මෙන්න

2018 වර්ෂයේ දී ඕස්ට්‍රේලියානු සමාජ ජාලා උඩුයටිකුරු කළ එළදෙනකගේ රුවක් ලොව පුරා ජනප්‍රිය වුණා.

ඒ අවුන්ස 2800කට ආසන්න බරැති විසල් එළදෙනක වූ knickers ගේ ගොවිපළ ඡායාරූපයක්.

මෙම අපූරු විසල් එළදෙන අඩි 6.2 ක් උස් වන අතර සෙසු සාමාන්‍ය සිටියර් වර්ගයේ සතුන්ගෙන් ශාරීරිකව වෙනස් වී තිබෙනවා.

ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ගැන දන්නා බව කියා ප්‍රසිද්ධ වූ සුපිරි ගණිකාව හිරෙන් නිදහස් වෙයි

2016 වසරේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වුණු ඇමෙරිකා ජනාධිපතිවරණයේදී, රුසියානු පරිගණක හැකර්වරුන්ගෙන් බලපෑම් එල්ල වුණැයි පැවැසූ බෙලරූස් ජාතික තරුණිය නිදහස් කිරීමට රුසියානු අධිකරණයක් තීන්දු කළේය.

අධිකරණය මෙසේ තීන්දු කළේ අනස්ටාෂියා වෂූකෙවිච් නමැති ඇය පවසා තිබෙන කිසිවක් ඔප්පු කිරීමට ප්‍රමාණවත් කිසිදු සාක්ෂියක් නොමැති බව පෙන්වා දෙමිනි.

ෆෝන් එකේ පාස්වර්ඩ් එක නොදුන් සැමියාට බිරිඳ විසින් පෙට්‍රල් වක්කර ගිණි තබයි - (Photos)

ජංගම දුරකථන වෙනත් සම්බන්ධතා, අනියම් සම්බන්ධතා වැනි හේතුන් මත ඇතැම් අය ජිවිත නැති කරගැනීමට තවත් කෙනෙකුගේ ජිවිත විනාශ කිරීමට උත්සහ කරනවා. මේ කියන්න යන්නේ එහෙම කතාවක් ගැන. Ilham Cahyani කියන්නේ වයස 25ක කාන්තාවක්. ඇයගේ සැමියා 26 හැවිරිදි Dedi Purnama. මොවුන් ජිවත් වෙන්නේ ඉන්දුනීසියාවේ Nusa Tenggara වල.

වසරේ එක්දින හා ටෙස්ට් කණ්ඩායම් මෙන්න

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ එක්දින හා ටෙස්ට් කණ්ඩායම් නම් කර තිබේ. මෙහිදී ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාත්නම පමණක් වසරේ ටෙස්ට් කණ්ඩායමට නම් කර තිබේ.

එම කණ්ඩායම් දෙකේම නායකත්වව ඉන්දිය නායක විරාත් කෝලිට හිමිව තිබේ.

සිරියාවේ නොසැලෙන නායකත්වය

මේ වනවිට ලොව පවතින වැඩිම හානිදායක සිවිල් යුද්ධය පවතින්නේ සිරියාවේ ය. සිරියානු රජයේ හමුදාව මෙන් ම අමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, තුර්කිය යන රටවල නිල හමුදා ද, ලෙබනනයේ හිස්බුල්ලා මිලීෂියාව ද එහි සන්නද්ධ ව සටන් වැද සිටිති.

ක්‍රිකට් ඉතිහාසය වෙනස් කළ කෝලී

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන ත්‍රිත්වයම හිමි කර ගැනීමට ඉන්දිය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සමත්ව තිබේ.

ඒ අනුව අයි.සී.සී. වසරේ ක්‍රීඩකයාට හිමි සර් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය, අයි.සී.සී. වසරේ එක්දින ක්‍රීඩකායට හිමි සම්මානය, අයි.සී.සී. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය කෝලිට හිමිව තිබේ.

මට ගැළපෙනවා නම් පිටකොටුවෙන් හරි කමක් නැහැ අරන් පාවිච්චි කරනවා - විදූශී

INSIDE MY BAG -විදූශී උත්තරා

1. Hand Bag එක විදූශීට වැදගත් වෙන්නේ කොහොමද ?
• මට Hand Bag එකක් නැතුවම බැහැ. දවසේ මගේ වැඩවලට අවශ්‍ය ඔක්කොම මගේ Hand Bag එකේ තියෙනවා. ඉතිං ඒ නිසා මම ටිකක් ලොකු Hand Bag එකක් දානවා.

ජැක්සන්ගේ ලොකු දුව මාධවීගේ දෙවැනි ගමනේ ඔබ නොදුටු ඡායාරූප එකතුව මෙන්න – (Photos)

ජැක්සන්ගේ ලොකු දුව මාධවීගේ දෙවැනි ගමනේ ඔබ නොදුටු ඡායාරූප එකතුව පහතින්

අම්මා විදියට මගේ පුතා නාස්ති වෙනවා දකිනවට වඩා මම මැරෙන්න කැමතියි - පියුමි

මිනිස්සු මොඩ්ල් කෙනෙක් කියන්නේ ලස්සන රූපයක් මිසක් එතනින් එහාට දෙයක් නැති කෙනෙක් කියලා හිතන්නේ ගොඩක් වෙලාවට නිරූපණ ක්ෂේත්‍රය ගැන තියෙන නොදැනුවත්කමට. මොඩ්ල්කෙනෙක්ට ලස්සන ‍ෆිගර් එකක්, මොඩ්ලින් වලට හරියන රූපයක් තියෙන්න ඕන. ඒ වගේමමොඩ්ලින් වලට හොඳ හැකියාවක් තියෙන්න ඕන. හොඳ වෘත්තිය භාවයක් තියෙන්න ඕන.

ගිනස් පොතටත් ගිය ලොව වයස්ගතම මිනිසා මිය යයි

ලොව වයස්ගතම මිනිසා ලෙස සැලකෙන ජපන් ජාතික මසාසෝ නොනකා මිය ගොස් තිබෙනවා.

1905 වසරේ ජුලි මස උපත ලද ඔහු මිය යන විට 113 වන වියේ පසුවුණා.

තැපැල් කර යැවු පූසෙක්ගේ අපූරු කතාව

බළලෙකු තැපැල් මඟින් සත්ව රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කළ පුද්ලයෙකුට තායිවාන බළධාරීන් විසින් දඩ නියම කර තිබෙනවා.

අදාළ පුද්ගලයා විසින් තම බළලා, ආවරණය කරන ලද කාඩ්බෝඩ් පෙට්ටියක බහා සීඝ්‍රගාමී තැපෑලෙන් සත්ව මධ්‍යස්ථානය වෙත යෙමු කර ඇති බව වාර්තා වෙනවා.

ජනප්‍රිය නිළිය ලස්සන වෙන්න කළ සැත්කම වැරදී විරූපී වෙයි - (Photos)

බොලිවුඞ් සිනමාවේ ඇති ජනප්‍රියත්වය නිසාම එය වෙත පැමිණෙන සුරූපී තරුණියන් තමන්ට උපතින් හිමිවී ඇති රූපය වෙනස් කර ගනිමින් සරාගී පෙනුමක් එක් කරගැනීම සඳහා නිතැතින්ම විවිධාකාරයේ රූපලාවන්‍ය ශල්‍යකර්ම කිරීමට පෙළඹේනවා.

කයිලි පරදා ලෝක වාර්තා තැබූ බිත්තරය

අන්තර්ජාලය යනු ඉතා අරුම පුදුම දෙයක් නොවන්නේ ද?

දුඹුරු පැහැති තනි බිත්තරයක ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයේ මෙතෙක් වැඩිම පිරිසක් 'ලයික්' කළ ඡායාරූපය බවට පත් වී තිබේ.

ලොව පුරා වෙසෙන පුද්ගලයන් මිලියන 45කට ආසන්න පිරිසක් මෙම ඡායාරූපයට සිය කැමැත්ත පළ කර ඇත්තේ කිසිදු විශේෂ හේතුවක් නොමැතිවය.

දිනන හැම මුදලක්ම දන් දෙන අපූරු පෝකර් ක්‍රීඩකයා - (Photos)

බුදුදහම සහ දක්ෂ පෝකර් ක්‍රීඩකයෙකු යනු එකිනෙක යා වෙන කාරණා දෙකක් නොවේ. එහෙත්, ස්කොට් වැලේන්බැක් (Scott Wellenbach) සම්බන්ධයෙන් නම් එහි ගැලපීමක් දැකිය හැකියි.

කැනේඩියානු පෝකර් ක්‍රීඩකයෙකු වන ස්කොට්, බහමාස්හි පැවති පෝකර් තරගාවලියකදී තෙවන ස්ථානය හිමි කර ගනිමින් ඇමෙරිකානු ඩොලර් 671,240 ක් ජයග්‍රහණය කළා.

ට්‍රම්ප් - කිම් ජොං ආයෙත් හමුවෙන්න කැමතියිලු

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං උන් අතර හමුවක් ලබන පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිතය. මෙම හමුව පැවැත්වීම සඳහා දැනටමත් රටක් ද තෝරාගෙන තිබේ.

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් උතුරු කොරියානු නායකයා වෙත ලිපියක් යවමින් පවසන්නේ දෙරට නායකයන් අතර දෙවැනි හමුව වියට්නාමයේදී පැවැත්වීමට තීරණය කර ඇති බවයි.

වසරක් පාසා ජනාධිපති සමාව ලැබෙන ඇමෙරිකාවේ කළුකුම් දෙදෙනා

සෑම වසරකම නොවැම්බර් 04 වැනිදා ඇමෙරිකාවේ පැවැත්වෙන ජාතික දෙවියන්ට ප්‍රශංසා කිරීමේ දිනයේදී (Thanksgiving Day) ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අපූරු චාරිත්‍රයක් ඉටු වෙනවා. ඒ තමයි කළුකුම් සතුන් දෙදෙනකුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීම. පසුගිය වසරේ ජනාධිපති සමාව හිමි වූ 'පීස්' සහ 'කැරට්ස්' යනුවෙන් හැඳින්වෙන කළුකුම් දෙදෙනාට ජනාධිපති සමාව හිමිවීම පිළිබඳ ප්‍රකාශ කිරීම සඳහා ඇමෙරිකාවේ ජාතික කළුකුම් සම්මේලනය මඟින් වොෂිංටන් ඩී.සී. හිවිලාර්ඩ් හෝටලයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවා සංවිධානය කොට තිබුණා.

සුරූපී සිසුවිය දූෂණයට ලක් කර ඝාතනය කරලා

ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටි සුරූපී සිසුවියකගේ අමානුෂික ඝාතනයක් පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ප්‍රදේශයෙන්.

තරුණියන් දෙදෙනෙක් සුඛෝපභෝගී ජීප් රථයක වහලයක නැඟ සිදු කළ දේ - (video)

මහමග සුඛෝපභෝගී ජීප් රථයක වහලයක නැගී අසභ්‍ය ලෙස හැසිරුණු කාන්තාවන් පිරිසක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත එක්ව තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. ඇමෙරිකාවේ Saint Louis Science Center ආසන්නයේ ප්‍රධාන මාර්ගයකදීයි මෙම සිදුවීම වී ඇත්තේ. එහිදී කාන්තාවන් දෙදෙනකු සුපිරි ජීප් රථයේ වහලය මත නැගී මෙලෙස සිරුරේ පසුපස පෙන්වමින් අසභ්‍ය ලෙස හැසිරී තිබෙනවා. ජීප් රථයේ ඉදිරිපස අසුනේ ගමන්කරන තවත් කාන්තාවක් එහි කවුළුව මත සිට එම අවස්ථාව රූගත කරන අයුරු අදාළ වීඩියෝවේ දක්නට ලැබෙනවා.

අඟල් 17ක් දිග විෂකුරු පත්තෑයෙක් සුරතලයට ඇති කරන අරුම පුදුම මිනිසා

අඟල් 17ක් දිග විෂකුරු පත්තෑයෙක් සුරතලයට ඇතිකරන පුද්ගලයෙක් පිළිබඳ පුවතක් තායිවානයෙන් වාර්තා වනවා.

26 හැවිරිදි ජිව විද්‍යා සිසුවෙකු වන නේල් චෙන්ලී මෙම පත්තෑයා ඇතිකිරීමට පටන් ගෙන ඇත්තේ මීට වසර 7කට පෙරයි.

පාපන්දු කණ්ඩායමට පිටතින් ආහාර ගෙන්වූ ලෝක බලවතා කළ දේ මෙන්න - (Photos)

අැමෙරිකාවේ පැන නැගී ඇති අර්බුදය හමුවේ ධවල මන්දිර සේවකයින් නිවාඩු ලබා සිටින බැවින්, ජනාධිපතිවරයාගේ ආරාධනා ලැබ පැමිණි ක්ලෙම්සන් විශ්ව විද්‍යාලයීය පාපන්දු කණ්ඩායමට  පිටතින් ක්ෂණික ආහාර ගෙන්වා සංග්‍රහ කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට සිදු වී තිබෙනවා

Youtube එකට නුසුදුසු වීඩියෝ දාන්නේ බලාගෙනයි. අලුත්ම නීතිය මෙන්න

යූ ටියුබ් සමාගම තම චැනලයන් ඔස්සේ ප්‍රචාරය කරනු ලබන වීඩියෝවන් සම්බන්ධයෙන් නව සීමාවන් කිහිපයක් පැණවීමට තීරණය කර තිබෙනවා.

ඒ භයානක, හානිදායක හෝ වේදනාකාරී සිද්ධීන්ට අදාළ වීඩියෝ දර්ශන එක් කිරීම තහනම් කිරීමටයි.

ඩිල්ෂාන්ගේ වාර්තාවක් කෝලි බිඳ දමයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක‍්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් එක්දින ක‍්‍රිකට් පිටියේ බිහිකර තිබූ වාර්තාවක් අභිබවා යාමට ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ඊයේ (15) සමත් වුණා. ඩිල්ෂාන් මීට පෙර සිය නම, එක්දින ක‍්‍රිකට් වාර්තා පොත් අතර සටහන් කර තිබුණේ වැඩිම ලකුණු ලැබූ 11 වන පිතිකරුවා ලෙසයි. අද, ඔහු 12 වන ස්ථානයට ඇද දමමින් 11 වන ස්ථානයට පැමිණීමට ඉන්දීය නායක විරාත් කෝලි සමත් වුණා.

ට්‍රම්ප් දියණිය ඉවන්කාට ලෝක බැංකුවේ මහපුටුව

ලෝක බැංකුවේ මීළඟ සභාපතිධුරය සඳහා ඇමෙරිකාව නියෝජනය කරමින් ඉදිරිපත් වන ජනපති දියණිය වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

මෙලෙස එම තනතුර සඳහා ඉදිරිපත්වීමට සූදානමින් සිටින්නේ ඇමෙරිකාවේ වත්මන් ජනපති වන ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප්.

ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට සඳ මත සිටවූ බීජ දළු දමලා

සඳ මත යම් ජීව විද්‍යාත්මක ද්‍රව්‍යයක් රෝපණය වූ ප්‍රථම අවස්ථාව ලෙස ලෝක ඉතිහාසයට එක්වෙමින්, සඳ මත සිටවූ පුළුන් බීජ දළු දමා ඇති බව චීන රජයේ මාධ්‍ය අද (15දා) අනාවරණය කළේය.

චීනය විසින් පසුගිය 3දා සඳෙහි අඳුරු පෘෂ්ඨය වෙත ගොඩබැස්වූ Chang'e 4 අභ්‍යවකාශ යානා මෙහෙයුම අතරතුර ඔවුන් මෙම වැදගත් පියවර සනිටුහන් කර තිබේ. සඳෙහි පෘෂ්ඨයේ භූගර්භ විද්‍යාත්මක ලක්ෂණ විශ්ලේෂණය කිරීම මෙම මෙහෙයුමේ මූලික කර්තව්‍යය විය.

'රනිල් ගෙනා ව්‍යවස්ථා යෝජනාව පිලිගනු.. බැරිනම් පුනරුත්පානය වෙනු.. නැතොත් නායකකම බලන්නේ නෑ' - දඹර අමිල හිමි අස්ගිරි-මල්වතු නාහිමිවරුනට තග දමයි

නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්දයෙන් මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවත් පිරිස් විසින් පැමිණ පවසන දේවල් මල්වතු අස්ගිරි නාහිමිවරුන් පිලි නොගත යුතු බව පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.

මාතෘ භූමිය හොද පැත්තට යන ගමන ඒ ජාතියේ වැඩවලින් වලක්වන්නට ඉඩ නොතබන බවත් කී අමිල හිමියෝ නායක හිමිවරුන්ගේ පදවි තනතුරු කිසිවක් තමනට අදාල නැති බවද කීහ.