2019 පිළිගන්න ලොව පුරා මැවුනු ගිණි කෙළි රටා - (Photos)

2019 වසර උදාව ඉතා උත්සවශ්‍රියෙන් පිළිගන්නට ලොව පුරා බොහෝ රටවල් කටයුතු කර තිබුණා. ඒ අනුව දර්ශනීය ගිණි කෙළි සංදර්ශන ඇතුළු විශේෂාංග රැසකින් ඊයේ රාත්‍රිය චිචිත්‍රවත් කරන්නට රටවල් කටයුතු කර තිබුනා.

මේ අතර නව අවුරුදු උදාවත් සමග ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී  නව යුවලවල් සිය ගණනක් සඳහා නොමිලේ විවාහයන් සිදුකර දීමට එරට රජය කටයුතු යොදා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. එසේම පසුගියදා ඇතිවූ සුනාමියෙන් විපතට පත්වූ බැන්ටෙන් ඇතුළු වෙරළ කලාපය ආශ්‍රිත ප්‍රාන්තයන් මෙවර නව වසර උදාවීම සැමරීමෙන් වැලකි සිටීමට පියවර ගෙන තිබීමද විශේෂත්වයක්

සාමාන්‍ය පවුලක ඉපිද ක්‍රිකට් නිසා කෝටිපතියෙකු වූ සචින් තෙන්ඩුල්කාර්ගේ කතාව - (Photos)

සචින් මුල්වරට අන්තර්ජාතික තරග අත්දැකීම ලැබුවේ පකිස්තානය වෙනුවෙන් පන්දු රැකීමෙනි. ඔහුගේ මුල්ම අන්තර්ජාතික තරගයට වසර දෙකකට පෙර එනම් 1987 වසරේ දී මුම්බායිහි දී පැවති පාකිස්තානය සහ ඉන්දියාව අතර පැවති ප්‍රදර්ශනාත්මක ඕවර 40 තරගයක් අතරමඟදී පාකිස්තාන ක්‍රීඩකයින් වූ අබ්දුල් කදීර් සහ ජාවෙඩ් මියන්ඩැඩ් තරගයට ක්‍රීඩා කිරීම අත්හැර ඔවුන්ගේ හෝටලයට ගියහ. ආදේශක ක්‍රීඩකයින් නොමැති නිසා පකිස්තාන නායක ඉම්රාන් ඛාන් ඉන්දියානු කණ්ඩායමෙන් ඉල්ලීමක් කළේ පන්දු රකින්නන් දෙදෙනෙක් ලබාදෙන ලෙසයි.

"කරීනා මගේ අම්මා කියලා මම කිසිම වෙලාවක පිළිගන්නේ නැහැ. ඒක මට කරන්න බැහැ" - සයිෆ්ගේ දියණිය කියයි

කාලෙන් කාලෙට අලූත් තරු පායන බොලිවුඞ්වල මේ දවස්වල සුපර් හිට් එක වෙලා තියෙන්නේ ඔයාල ගොඩක් ආදරය කරන තරු දෙපළකගේ තරු දියණියක්. නම කිව් සැණින් මේ වෙනකොටත් ඔයාල ගේ හිත් වල මැවෙන තරමටම පුංචි කාලයක් ඇතුළත ඇය ගොඩක් ජනප්‍රිය වෙලා. ඒ වෙන කවුරුවත් නෙවෙයි. සාරා අලී ඛාන්. ජනප්‍රිය නළු සායිෆ් අලී ඛාන්ගේ සහ අම්රීතා සිං ගේ වැඩිමහල් දියණිය.

කීර්ති පැස්කුවෙල් ගෙන් Fill T ට කනේ පහරක්?

ප්‍රවීණ ගායක කීර්ති පැස්තුවෙල් වර්තමානයේ රැප් සංගීත කලාවට සිදුව ඇති හානිය පිළිබඳව පැහැදිලි කිරීමක් තම ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහන් කර තිබෙනවා. මේ කාරණාවට හේතුව වී ඇත්තේ පසුගිය දිනෙක රැප් ගායක Fill T විසින් එළිදැක්වූ ගීතය බවයි බොහෝ දෙනාගේ අදහස් වන්නේ.

මේ කාරණාව සම්බන්ධයෙන් කීර්ති පැස්කුවෙල් තබා තිබූ සටහන

මනෝගෙ අසනීපය නිසා ‘වන ලැහැබ’ නැවතිලා - මාදනී මල්වත්ත

ඇය වේදිකාව, පුංචි තිරය, සිනමාව තුළ නැතුවම බැරි චරිතයක් කිවහොත් අවිවාදයකින් තොරව එය පිළිගත යුතු කරුණක්. චරිතාංග නිළියක ලෙස වේදිකාව, පුංචි තිරය තුළ චරිතාංග රංග භූමිකාවක් පේ‍්‍රක්‍ෂකාගාරය ඉදිරියේ සටහන් තබන ඇය ලංකාවේ වේදිකා නාට්‍ය කලාවේ කඩණම්  නාට්‍ය රැුසකටද සිය රංගන දායකත්වය ලබාදෙනවා.

ප‍්‍රශ්න තියෙනවා ඒත් සතුටින් ඉන්නවා - ජනිත් වික‍්‍රමගේ

ජනිත් වික‍්‍රමගේ මේ දිනවල හමුවන්නෙ ජයප‍්‍රකාශ් සිවගුරුනාදන්ගෙ දූවිලි අහසෙ මිගාර ලෙස සහ සඳුන් රාජකරුණාගේ නීල පබළු නාටයයේ රාජ් මෙන්ම සඳරුවන් ජයවික‍්‍රමගෙ නිරාශා නාට්‍යයේ, ලසිත් හෙවත් ලසියා ලෙසයි. විවිධ චරිත රංගනයන් සමග මෙලෙසින් හමුවන ජනිත් ජීවිතයේ සැබෑ අරුත වටහාගෙන ගමනක් යන තාරුණ්‍යයේ චරිතයක් ලෙස නම් කරන්න පුළුවනි. ජනු - 29 ලෙස සෑම ජනවාරියකදීම ලේ දන්දීමක් පවා කරනු ලබන ජනිත් එක්ක කළ පිළිසදරකි මේ.

කසාදය කියන්නෙ හිර කූඩුවක් නෙමෙයි - විශ්ව කොඩිකාර

විශ්ව කොඩිකාර කියන්නේ කලා ක්ෂේත‍්‍රයේ වැඩි ආදරයක් ආකර්ෂණයක් ලබාගත් චරිතයක්. ඔහුගේ අලුත්ම තොරතුරු ගැන පුවත්පත් සාකඡාවක දී මේ විදිහට කියලා තිබුණා.

මේ දිනවල නියැළෙන කලා කටයුතු මොනවද?

මේ දිනවල වැඩිපුරම ප‍්‍රතිචාරයක් ලැබෙමින් විකාශය වෙන අහස් මාලිගා ටෙලිනාට්‍යය. ඊට අමතරව අලූත් නාට්‍ය දෙකක රූගත කිරීම් සිදුවෙමින් පවතිනවා. මේ ටිකේ ඒ නිර්මාණ වෙනුවෙන් තමයි සම්බන්ධ වෙලා ඉන්නෙ.

අයිෂ් අතුකෝරාල අලුත් අමුත්තියත් එක්ක නත්තල් සැමරූ හැටි - (Photos)

අයිෂ් අතුකෝරාල කවුද කියලා දැන් ගොඩක් දෙනෙක් දන්නවා. ඇය මෝස්තර නිරූපණ ශිල්පිණියක් වගේම රංගන ශිල්පිණියක්.  පසුගියදා ඇයගේ නිවසට පැමිණි අලුත් අමුත්තා එක්ක නත්තල් සැමරූවේ මේ ආකාරයෙන්.

සීගිරි සිතුවම් අතර ආ කාටවත් නොපෙනුණු අබිරහස් කාන්තා රුවක්

සීගිරි චිත්‍ර දකින්නට ගිය අයටත්, පොතපතින් පමණක් ඒ රූප දැක රසවින්ද අයටත් නොපෙනුණු සිතුවම් තව කොතෙක් ඇද්දැයි කිසිවකුත් සොයා බලන්නට නැතිවා වන්නට පුළුවන. එම සිතුවම් විශාල කර දැකිය හැකි සියුම් ඡායාරූප ශිල්පීය උපක්‍රම භාවිතයෙන් සීගිරි සිත්තරා සිතුවම් අඳින්නට පෙර කළ සටහන්වල ඇතැම් රේඛාද ඒ අතරින් මේ නිසා දැක ගත හැකි විය.

පෙර ආත්ම භවවල සත්ත්ව ජීවිත හෙළි කළ දරුවෝ

පෙර භවයේදී සත්ත්ව ජීවිත ගත කළ බැව් අනාවරණය කළ දරුවෝ පස් දෙනෙක් පුනර්භව පර්යේෂණ අතරට එක් වී සිටිති. ඔවුන් ප්‍රකාශ කළ සත්ත්ව ජීවිත අතර හාවෙකු මුවෙකු වඳුරෙකු පිඹුරෙකු සහ නාගයෙකු ඇතුළත්ය. නාගයෙක් ලෙස සිටියදී මරණයට පත් වූ බැව් ප්‍රකාශ කළ ප්‍රථම දරුවා උපත ලැබුවේ ශ්‍රී ලංකාවේය. ප්‍රජනීය ස්ථානයක් අසල ගස් බෙනයක ජීවත් වූ බවත් මුගටියෙකුගේ පහර දීමක් නිසා මරණයට පත් වූ බවත් එම දරුවා ප්‍රකාශ කළේය.

රනිල් 2020 දී පොදු අපේක්ෂකයා වුණොත් එජාපයට වන දේ මෛත්‍රී කියයි

රනිල් වික්‍රමසිංහ මහත්මයා 2020 ජනාධිපති අපේක්ෂකයා වෙලා එන්න උත්සාහ කරන අතර එසේ වුවහොත් එක්සත් ජාතික පක්ෂය තවත් වසර ගනනාවකින් පස්සට යනු ඇතැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ මෛත්‍රි ගුනරත්න මහතා ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඒ මහතා මේ අදහස් පැවසුවේ ඊයේ (31) දහවල් ගාල්ල කතළුවේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

මුලතිව් මුහුදේ පාවෙන අරුම පුදුම යාත‍්‍රාව ගොඩගැනීමේ මෙහෙයුම අසාර්ථකයි - (video)

මුලතිව් මුහුදේ පාවෙමින් තිබෙන අරුම පුදුම යාත‍්‍රාවක් ගොඩට ගැනීම සඳහා පළාතේ ධීවරයෝ යුද හමුදාව පොලිසිය හා සෙසු ආරක්ෂක අංශ සමග එක්ව පැය තුනකට වඩා කාලයක් මහන්සි වී ඇතත් එම යාත‍්‍රාව ගොඩට ගැනීමට ඔවුන්ට හැකි වී නැත. මුලතිව් ධීවරයින්ට 30 දා සවස මුහුදේ පාවෙමින් තිබූ මෙම අරුම අපුදුම යාත‍්‍රාවක් දැක ගන්නට ලැබී තිබේ. මේ පිළිබදව ධීවර නිලධාරීන්ට හා පොලිසියට දැනුම් දීමෙන් පසුව ඔවුන් මේ පිළිබදව විමර්ශනය කිරීමේදී යුද හමුදා නිලධාරීන්ද එම ස්ථානයට පැමිණ තිබේ. මුහුදේ පාවෙමින් තිබූ අරුම පුදුම යාත‍්‍රාවට විශාල කඹයක් ගැට ගසා යුද හමුදාවේ ට‍්‍රැක්ටරයක හා සියලූ දෙනාගේ මහන්සියෙන් යාත‍්‍රාව ගොඩට ඇදීමට උත්සාහ කොට ඇතත් එම උත්සාහය අසාර්ථක වී ඇත.

රංගෙට මං කතා කළේ නෑ. රංගෙයි මට කතා කළේ - එස්.බී

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාට තමන් කතා නොකළ බවත් තමන්ට කතා කළේ ඔහු බවත් "ඔයා එනවද ?" යනුවෙන් විමසුවේ ඔහු තුන්වන වතාවටත් තමන්ව ඇමතූ මොහොතේදී බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

මංගල දැන්වීම් බලලා තරුණියන් රවටා කෝටි ගණන් සල්ලි ගැරූ වැලිගම චමින්ද කොටුවුණු හැටි

අනුලා කුමාරි රත්මලාන ප‍්‍රදේශයේ පදිංචි තරුණියකි. යමක් කමක් ඇති පවුලක උපත ලැබුවත් ඇය ගතකළේ ඉතා චාම් සරල ජීවිතයකි.
හොඳ අධ්‍යාපනයක් ලැබූ ඇය රජයේ උසස් රැකියාවක නිරත වූවාය. මනරම් රූ සපුවක් නැති වුවත් ඇයගේ මුහුණෙන් අමුතු සිරියාවන්ත කමක් දිස් වූවාය.
නිසි වයස පැමිණීමත් සමග ඇයගේ යහළු යෙහෙළියන් සියල්ලන්ම පාහේ යුග දිවියට එළැඹුණහ.

"වැසිකිලියක් නෑ ,වතුර නෑ ,අදින්නට ඇත්තේ එක සිවුරයි" - වකුගඩුවක් අලෙවි කර සංඝාවාසය තනා ගැනීමට වෙහෙස දරන බුද්ධ පුත්‍රයා - (video)

සිය වකුගඩුවක්  තවත් අයෙකුට ජීවත්වීම සඳහා ලබාදී තම විහාරස්ථානය ඉදිකරගැනීමේ දැවැන්ත උත්සාහයක නිරතව සිටින හිමිනමක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ  පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වයාඋල්පත පරණ ගමේ වැඩ සිටිනවා.

පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වයාඋල්පත පහලගම ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරාධිපති ඇටවීරගොල්ලෑව නන්දරතන හිමියන් මෙසේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ ඉතා දිළිඳු ජනතාවක් වෙසෙන ගම්මානයක  අවාස  ගෙය සහ දහම් පාසල සකසා ගැනීම සඳහා වෙහෙස දරනවා.

උසස් පෙළින් අංක එක වූ දිරිය දියණියට සරසවි වරම සිහිනයක් වන හැඩයි

මගේ තාත්තගේ එක ඇසක් පේන් නෑ. උසස් අධ්‍යාපනය ලබා කථිකාචාර්යවරියක් වෙන්න ආසාව තිබුණත් ඒ ආශාව ඉටු කරන්න මට හැකියාවක් නැහැ“යි කලා අංශයෙන් පොළොන්නරුවේ ප්‍රථම ස්ථානය දිනාගත් එච්. ආර්. අකිලා ඉෂානි විජේරත්න සිසුවිය කඳුළු පිරි දෑසින් පැවසුවා.

මෙවර උසස් පෙළ විභාගයෙන් සිංහල, බෞද්ධ ශිෂ්ඨාචාරය, භූගෝල විද්‍යාව යන විෂයන් තුන සඳහාම “ඒ“ සාමාර්ථ තුනක් ලබාගනිමින් මැදිරිගිරිය ජාතික පාසල් විදු මෑණියන්ට පමණක් නොව පුලතිසි පුරවරයටම ගෞරවයක් අත්කර දීමට අකිලා ඉෂානි සිසුවියට හැකිවුණා.

වසර මිලියන තුන්සීයකින් සෙනසුරුට වෙන දේ

සෞරග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහලෝක අතරින් කැපී පෙනෙන පෙනුමක් හිමිව ඇත්තේ සෙනසුරු ග්‍රහයාටයි. ඊට හේතුව ඒ වටා ඇති වළලු කිහිපයයි. සෙනසුරු ග්‍රහයාගේ ඇති විශේෂත්වය කුමක්දැයි ඇසුවහොත් ප්‍රථමයෙන් අපට මතකයට එන්නේත් මේ වළලුයි. එහෙත් තවත් වසර මිලියන 300කට පසුව සෙනසුරුගේ විශේෂත්වයක් ඇසුවහොත් එහි ඇති වළලු ගැන පැවසීමට අවස්ථාවක් නැතැයි විද්‍යාඥයෝ පවසති.  

රිද්දපු අය රිද්දන හැටි ගැන ප්‍රියංකා කළ හෙළිදරව්වක්

අප හැමෝටම විවිධ හැකියාවන් තියෙනවා. නමුත් ඒවායින් සීමිත වපසරියක සැරිසරන්නයි බොහෝ දෙනෙක් පෙලඹෙන්නේ, කඳවුරුගත කොදෙව්වෙන් නොනැවතී එතැනින් ඔබ්බේ තියෙන ඉලක්ක සපුරාගන්න මහන්සිවී බොලිවුඩයේ කිසිදු දැවැන්තයකුට තවමත් කරගත නොහැකි වූ බටහිර ලෝකය ජයගැනීම සාර්ථකව ඉටුකළ ඇය ප්‍රියංකා චෝප්රා.

බොලිවුඩයේ සුපිරි නළු නිළියන් නත්තල් සැමරු හැටි - (Photos)

පි‍්‍රයංකා සහ නික් ජෝනාස් විවාහක යුවළක් ලෙසින් සැමරූ ප‍්‍රථම නත්තල බොහෝ පී‍්‍රතිමත් වූයේය. නත්තල් භෝජනය ස`දහා නව යුවල, නික්ගේ දෙමව්පියන්, සහෝදරයන් සහ ඥාතින් මෙන්ම පි‍්‍රයංකාගේ මව ද එක් වී සිටින ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර තිබුණේ  මගේ පවුලේ අයගෙන් නත්තල් සුබ පැතුම් යන ස`දහනත් සමගය.

නිරූපන ශිල්පිනී ඒෂියා දසනායක උපන්දිනය සැමරූ හැටි – (Photos)

නිරූපන ශිල්පිනී ඒෂියා දසනායක උපන්දිනය සැමරූ හැටි

රටකජු කනවා වගේ ගීත එක එක කරලා පලක් නැහැ

සංගීත ක්‍ෂේත්‍රය තුළ ‘ජයශ්‍රී’ යනු ජනප්‍රිය සලකුණකි. ලෝකය පුරා ප්‍රසංගවලට දායක වන ඔවුන් ලංකාවේද ප්‍රසංග කිහිපයකට දායක වීමට නියමිතය. දෙසැම්බර් මසදී ‘රෙගේ තංගල්ල’ නමින් ‘harmony beach’හිදී පැවැත්වීමට නියමිත ප්‍රසංගය පිළිබඳ හා සංගීත නිර්මාණ කටයුතු පිළිබඳ කතා කිරීමට ජයශ්‍රී කණ්ඩායමේ රෝහිත අප හා මෙලෙස එක් විය.

ලබන අවුරුද්දේ අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන ප්‍රසංගත් එක්ක ගෙවුණා. අවුරුද්ද ලබද්දී වුණත් හැබෑ කරගන්න ඕනේ කියලා හිතපු බලාපොරොත්තු ගොඩක් මගේ හිතේ තිබුණෙත් නැහැ. ඒ නිසා ගෙවෙන අවුරුද්ද ගැන හිතලා... හැබෑ නොවුණ බලාපොරොත්තු ගැන හිතලා අසතුටු වෙන්න කියලා දුකක් මගේ හිතේ නැහැ.

විදුලි සෝපානය කඩා වැටී මිය ගිය රගර් ක්‍රීඩකයාගේ මරණයට හේතුව හෙළිවෙයි

කොම්පඤ්ඤ විදිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලක විදුලි සෝපානය කඩා වැටීමෙන් 24 හැවිරිදි තරුණයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබූ සිදුවීම අප මීට පෙර වාර්තා කළා. මෙම සිදුවීමෙන් මිය ගොස් තිබුනේ CR&FC කණ්ඩායමේ දක්ෂ රගර් ක්‍රීඩකයෙකු වන කෝකිල සම්මන්දපෙරුම නමැති බත්තරමුල්ල - තලංගම උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කමල්අද්දරආරච්චිගේ කැරැට්ටුව බිරිඳ හෙළි කරයි

කමල් අද්දරආරච්චි කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්ත චරිතයක්.
ඔහු රඟපෑ චරිත අදටත් අපේ සිත් තුළ රැඳී තිබෙනවා. ඔහුව අපි නිරතුරුවම දකින්නේ රිදී තිරය හරහායි. තිරය පිටුපස ඔහුගේ චරිතය ගැන ඔහුගේ බිරිය අනුරානි සතිඅන්ත පුවත්පතකට මේ විදිහට හෙළි කරලා තිබුණා.

නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම උතුරේ ජනතාවගේ ළිං සුද්ද කරයි - (video)

උතුරට ආපු අයහපත් කාලගුණෙන් පීඩාවට පත් ජනතාව මේ වන විට සුභසාධන කදවුරු 11 ක රැදී සිටිනවා. නාවික හමුදාව සහ යුද හමුදාව ප්‍රදේශයේ ළිං පවිත්‍ර කරමින් සහන සේවාවල යෙදෙන ආකාරය දක්ණට ලැබුණු අතර නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාද ඒ සදහා ආරක්ෂක අංශවලට සහය වෙන අයුරුද දක්ණට ලැබුණා.

හිරුණිකා, රනිල් වෙනුවෙන් වුණ බාරය ඔප්පු කරයි !

පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණ එතුමිය විසින් වී තිබු බාරයක් ඔප්පු කරනු ලැබු බව ඇය පැවසීය. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා නිත්‍යානුකූල නොවන ලෙසින් අගමැතිකමින් ඉවත් කිරීමෙන් පසුව තමන්ගේ ආගම අනුව නැවත අගමැතිවරයාට එම තනතුර ලැබීමටත් එය ලැබුනායින් පසුව ශ්‍රී දළදා මාළිගාවට පැමිණ භාරය ඔප්පු කරන බවටත් වු බාරය ඊයේ දින අග්‍රාමාත්‍යවරයා පැමිණ ඔප්පු කල බවත් මෙම බාරය පිලිබඳව හිරුණිකා මහත්මිය අගමැති කාර්යාලයේ නිලධාරින් දැනුවත් කර තිබු බව ද ඇය පැවසීය.

සොනාලි ටීචර්ට හදිසියේම ඔපරේෂන් එකක් කරලා !

දෙවෙනි ඉනිමේ සොනාලී ටීචර් දැන් හරි ජනප‍්‍රියයි. ඇගේ ඇත්ත නම හිමායා බණ්ඩාර කිව්වට කවුරුත් වැඩිය දන්නේ නැහැ. හැබැයි සොනාලී ටීචර් නොදන්න කෙනෙක් නැහැ. පසුගිය දවස්වල මෙයාව වැඩිය දකින්න ලැබුණේ නැහැ. පුංචි කරදරයක් වුණා කියලත් ආරංචියක් ලැබුණා. එ්වායේ ඇත්ත නැත්ත වගේම අලූත් අවුරුද්දේ හා හා පුරා කියලා භාරගත්තු වැඩ මොනවාද කියලා දැනගන්න අපි හිමායාට එහෙමත් නැතිනම් සොනාලි ටීචර්ට මේ ඉඩකඩ වෙන් කළා.

රංජන් අධිකරණයට අපහාස කළේ නැහැ.. අධිකරණයට අපහාස කරන්නේ රනිල්, හකීම්, සම්බන්ධන් තුන්කට්ටුව ! - ඩිලාන්

දේශපාලන අර්බුද නිමා වී ඇතැයි කීවද තවමත් ඒ වගක් පෙනෙන්නට නැත. සියලූ පක්‍ෂ නියෝජනය කරන දේශපාලනඥයින්ද, සිවිල් සංවිධානද, විද්වතුන්ද මේ ගැන විවිධ අදහස් දක්වති. බහුතරයකගේ අදහස වන්නේ තවමත් අර්බුදය නිමාවී නැති බවය. අප හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මුණගැසුනේ මේ කරුණු කාරණා ගැන සාකච්ඡා කරන්නටය. මතු පෙළ ගැසෙන්නේ ඔහු දක්වන ලද අදහස්ය.

උසස් පෙළ විභාගයෙන් දිවයිනෙන්ම අති විශිෂ්ඨ ජයක් ලැබූ උසස් පෙළ හපන්නුන්ගේ ජයග්‍රහණයන් පිටුපස ඇති කතාව - (video)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ඉහළම ලකුණු ලැබූ සිසු සිසුවියන් අතරින් වැඩිම පිරිසක් නියෝජනය කරන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයි.

මෙවර ප්‍රධාන විෂය ධාරා 6 ක් යටතේ පැවැති උසස් පෙළ විභාගයේ සිසුන් 119 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා.

අනියම් බිරිය බලන්න ආ සූරියවැව හිටපු ඕඅයිසීට නිවැසියන්ගෙන් ප්‍රහාරයක්‌

සිය අනියම් බිරිය බැලීමට ඉකුත් 28 දා රාත්‍රි සූරියවැවට පැමිණි සූරියවැව පොලිසියේ හිටපු ස්‌ථානාධිපතිවරයකුට නිවැසියන් විසින් තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇතැයි සූරියවැව පොලිසිය පවසනවා.

මෙලෙස පහරකෑමට ලක්‌ව තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ සූරියවැව පොලිස්‌ ස්‌ථානයේ 2008-2009 වසරවලදී ස්‌ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ දැනට වැඩ තහනමකට ලක්‌ව සිටින පොලිස්‌ පරීක්‍ෂකවරයෙක්.

වෛද්‍ය සිහිනය වෙනුවෙන් කළ අපරිමිත කැපකිරීම මෙවර ප්‍රතිඵලයෙන් සැබෑ වුන හැටි..! - (photos)

මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ ලංකාවේ ඉහල සාමාර්ථ පෙන්නපු සිසු සිසුවියන් ගැන රටම කතා කළා. මේ කියන්න යන කතාවත් ඒ වගේ නොපසුබට උත්සාහය නිසා ලබා ගත් ඒ වගේම ජයග්‍රහණයක් ගැන.  ජීව විද්‍යා අංශයෙන් දිවයින් 16 වන ස්ථානය සහ කොළඹ දිස්ත්‍රික්කයේ 2වන ස්ථානය හිමිකර ගත් කොළඹ ආනන්ද විදුහලේ කුලතුංග මුදලිගේ තුෂාර හංසජිත් සිසුවාගේ මේ ජයග්‍රහණය ගැන අපි ඔබට කියන්නෙ උත්සාහය ඇත්නම් කළ නොහැක්කක් නොමැති බව ඔහු ලෝකයටම පෙන්නපු නිසා.

ෆොන්සේකා කියන්නේ පෝරිසාදයෙක්... දැන් කර්මය පටිසන් දීලා - තෙවරප්පෙරුම

ජනරාල් සරත් ෆොන්සේකා යනු හමුදාපතිවරයෙකු නොව පෝරිසාදයෙකු බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

 එදා තමන්ට වනජීවී නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලැබුණු මොහොතේ, යුද්ධය නිම කළ හමුදාපතිවරයකු යටතේ වැඩ කරන්නට ලැබීම ගැන තමන් සතුටු වුවත් පසුව මෙවන් පෝරිසාදයකු යටතේ වැඩ කරන්නට සිදුවීම ගැන තමන් තමන්ටම සාප කරගත් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

විශේෂ අවුරුදු ලග්න පලාඵල සංග‍්‍රහය

මේෂ

ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති කුජ දොළහේ ද රවි සමඟ ශනි නමයේ ද ගුරු බුධ අටේ ද සඳු සමඟ සිකුරු හතේද රාහු හතරේද ගමන් කරමින් නව වසර උදා වෙනවා. සුබාසුබ මිශ‍්‍රඵල දායක තත්ත්වයක් ඇතිවන බවයි පේන්නේ.

මියුසික් වීඩියෝ වල ගොඩක් අය රගපාන්නේ නිකං. මේ අය තමන් ජනප්‍රිය වෙන්න ඕනම ජරා වැඩක් කරයි – චන්දිමාල් ජයසිංහ

මේ දවස්වල මොනවාද අලුත් තොරතුරු?
මේ දවස්වල මොනවාත් නෑ ඉතිං. පාඩුවේ වැඩකටයුතු කරන් ඉන්නවා.

මේ දිනවල අලුත් ආරංචියක් පැතිරෙනවා ඔබ ඡන්දෙ ඉල්ලන්න සූදානමින් ඉන්නවා කියලා. ඇත්තටම මොකද්ද මේ කතාව?
ඉස්සරහට බලමුනේ. අවස්ථාවක් ආවොත් ඒ අවස්ථාව ගන්නවා. හොඳ වෙලාවක් අවොත් හොඳ තීරණයක් ගන්නවා.

බිරිඳගේ හිස කපා රැගෙන ගිය නරුම සැමියා නැවතුනේ සොහොනකද..? - සැකකරු සොයා ගිය පොලිස් නිල සුනඛයා නැවතුන තැන

රත්නපුර පිටරවුම්පාරේ පදිංචි පුදගලයෙකු සිය බිරිඳ සමඟ ඇතිකර ගත් ආරවුලක් දුරදිග යාම නිසා සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර තිබෙනවා.එම අවස්ථාවේ ගැටුම පාලනය කිරීමට ගිය 21 හැවිරිදි දියණියගේ අතකටද තුවාල සිදුවී ඇති බවයි වාර්තා වුනේ.

එම අව ස්ථාවේදී සැකකාර සැමියා විසින් බිරිඳගේ අතක් සහ හිස කඳින් වෙන්වෙනසේ කපා දමා ඇති අතර ඝාතනයෙන් පසු සැකකාර සැමියා මෘද දේහයෙන් වෙන්කරන ලද හිසද රැගෙන සිය යතුරු පැදියෙන් පලා ගොස් තිබෙනවා.

රෝහිත රාජපක්ෂගේ ජනවාරි 24 වැනිදා විවාහය බොරුවක්ලු

එළැඹෙන ජනවාරි 24 වැනිදා තමන් විවාහ වන්නේ යයි අන්තර්ජාලයේ පලව ඇති වාර්තා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කරයි.

ට්විටර් පණිවුඩයක් මගින් ඔහු සඳහන් කරන්නේ එකී ආරාධනා පත්‍රය කිසිවෙකු විසින් නිර්මාණය කර අන්තර්ජාලයට මුදාහරින ලද්දක් බවයි.

ගාල්ලේදී පිහිපහරකින් කෙළවර වූ තරුණියකගේ පැහැරගැනීම

ගාල්ල නගරයේදී තරුණියක් පැහැර ගෙන යාමට සූදානම් වූ අවස්ථාවේ ඇයව බේරා ගැනීමට ඉදිරිපත් වූ තරුණයෙකුට සිදුකළ පිහි ඇනුමකින් එම තරුණයා බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

බද්දේගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි මෙම තරුණිය ගාල්ල බස් නැවතුම්පොල අසල වෙළදසැලක සේවය කරමින් සිටියදී යුද හමුදා සෙබලෙකු වන ඇගේ හිටපු පෙම්වතා ත්‍රිරෝද රථයකින් පැමිණ තරුණිය පැහැර ගෙන යාමට උත්සාහ කර ඇති බව සඳහන්.

මට සෙක්ෂුවල් හරියට ඕනෑ කරලා තිබුණා! - නටන්නට ගිහින් ‘මත් නැටුමට’ පෙම් බැදි නාටිකාංගනාවිය

තවමත් ප‍්‍රසිද්ධ දේශපාලනඥයකුට ලිංගික ශ‍්‍රමය විකුණුවා...
 

ප‍්‍රබල දේශපාලන නායකයකුගේ පුතෙක් එක්ක සමාජ ශාලාවක කොකෙන් බී පිස්සු නටලා හිරෙත් ගියා...
 

නළුවෙක් ආදරය කළා කුඩුවලට ඇබ්බැහිවීම නිසා මාව දාලා ගියා...

 මීගමුවේ ‘බෙපෙස්දා පුනර්ජීවන මධ්‍යස්ථානය’ කුඩු නිසා වැනසුණු ජීවිත සුවපත් කරන ආයතනයකි. එම මධ්‍යස්ථානයේ භාරකරු දළුවත්තගේ විපුල ප‍්‍රියශාන්තය. ඔහු ද කාලයක් කුඩු ලෝලියකු ලෙස සිට විශෝධනය වී සිටින තරුණයෙකි. දැන් ඔහු මතින් තොර සමාජයක් බිහි කිරීමට තම ජීවිතයම කැප කර සිටින්නේය.

රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග පාටි දාද්දි පොලිස් අත්අඩංගුවට – නිරූපණ ශිල්පියෙක් ඇතුළු 13ක් මාට්ටු

ජනප්‍රිය රංගන ශිල්පී දනුක ඩිල්ෂාන් සහ තවත් නිරූපණ ශිල්පියෙක් ඇතුළු 13 දෙනෙකු දෙමටගොඩ පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගත් පුවතක් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුට එල්ල වී ඇති චෝදනාව වී ඇත්තේ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවයි.

මෙම පිරිස පසුගිය 26 වනදා රාත්‍රියේ දී සාදයක් පවත්වා ඇති අතර ඒ සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටි තිබෙන බවත් ඒ සියලු දෙනා මත්ද්‍රව්‍ය භාවිතා කර සිටි බවත් වාර්තා වනවා.

"උතුරේ ජනතාවට හමුදාව පිහිට වුයේ යුද අපරාධ චෝදනාවලින් බේරීමටයි ! " - විග්නේෂ්වරන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ගංවතුරෙන් විපතට පත් ජනතාවට උපකාර කළ ශී‍්‍ර ලංකා ආරක්‍ෂක අංශ සම්බන්ධයෙන් උතුරු පළාතේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඔහු පවසන්නේ උතුරේ වැසියන්ට ආරක්‍ෂක අංශ උදව් උපකාර කර ඇත්තේ යුද අපරාධ චෝදනාවලින් නිදහස්වීමට බවයි.

සී. වී. විග්නේෂ්වරන්ගේ නව දේශපාලන පක්‍ෂය වන දෙමළ ජනතා සන්ධානය විසින් පිහිටවූ ජනතා සහන සංවිධානය කිලිනොච්චියේදී පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කර තිබෙනවා.

ලෝකයම මවිත කරමින් පිහි පහර 49 ක් ගසා මරා දැමු රූමත් කාන්තාව පුතා ඉදිරියේම දුෂණය කළ ආන්දෝලාත්මක කතාව

එදා හොඳින් හිරු එළිය වැටුණු උණුසුම් දිනයක්. විම්බල්ඩන් කොමන් පළාතේ පදිංචි රේචල් ද සිය පුත්‍රයා ඇලෙක්ස් සමඟ ඇවිදින්නට ගියේ ඔවුන්ගේ බල්ලා කැටුවයි.

රේචල්ට වයස අවුරුදු 23 යි.

පුතා ඇලෙක්ස්ට යන්තම් අවුරුදු තුනයි. බලු සුරතලා මෝලී.

මෝලී සමහර වෙලාවට ඇලෙක්ස්ගේ අතින් මිදී යද්දි ඇලෙක්ස් ඌ පස්සෙන් හඹාගෙන යනවා. විවේකය ගත කරමිනුයි ඔවුන් සිටියේ.

විෂ එන්නත් කර තම පෙම්වතාව මරා දමා, අතුරුදහන්ව සිටි වෛද්‍යවරියගේ කතාව

මැලේසියාවේ උස ගොඩනැගිල්ලකින් බිමට වැටී මරණයට පත් වූ ඉන්දියානු කාන්තාව අබිරහස් ලෙස අතුරුදහන්ව සිටින 59 හැවිරිදි ඔමානා එවාඩාන් නම් දෘෂ්ඨි විශේෂඥ වෛද්‍යවරියද? යන්න නිශ්චිතව දැන ගැනීම සඳහා පොලීසිය මේ වන විටත් උත්සහ කරමින් ඉන්නවා.

මැලේසියාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මඟින් දැනට මෘත ශරීරගාරයේ පවතින කාන්තා මළසිරුර හඳුනාගැනීම සඳහා කේරළයේ සිටින ඔමානාගේ ඥාතීන්ට දන්වා යැවූ නමුත් මේ වනවිටත් ප්‍රතිචාරයක් ලැබී නැහැ.

ඇමෙරිකානුවන් වැඩියම ගරුකරන කත, මිෂෙල් ඔබාමා

ඇමෙරිකානුවන් අතර වඩාත් ආදර ගෞරවයට පාත්‍ර වූ කාන්තාවන් අතින් ඉදිරියටම පැමිණීමට එරට හිටපු ජනපති ආර්යාව වන මිෂෙල් ඔබාමා සමත් වී තිබේ.

ඒ, වසර 1946 සිට වාර්ෂිකව පැවැත්වෙන Gallup මතවිමසුමේ මේ වසරේ ප්‍රථිපලය ලෙසිනි. මෙම මතවිමසුම මෙතෙක් කාලයකට පවත්වා නොමැති එකම වසර1976යයි.

සිනමා නිර්මාණවලින් ප්‍රේක්ෂකයන් හමුවෙනවා - දිනිති

‘හාරකෝටිය’ ටෙලි නාට්‍යයේ ‘අභිෂේකා’ ලෙස ප්‍රේක්ෂක ආදරය දිනාගත් දිනිති වල්ගමගේ පසුගිය කාලයේ සිරස රූපවාහිනියේ විකාශය වු ‘ෆිල්ම් ස්ටාර්’ රියලිටි තරගයේ නිවේදිකාවක් ලෙසද අප අතර ජනප්‍රිය විය. මේ දිනවල විකාශය වන ‘සිල්ලර සමණල්ලු’ ටෙලි නාට්‍යයේ දකින දිනිති ලබන වසරේදී සිනමා නිර්මාණ කිහිපයකින්ම දැකැ ගැනිමට ප්‍රේක්ෂක ඔබට හැකිවෙනු ඇති බව ඇය අපට පැවසීය.

"මේ සම්බන්ධව කටයුතු කෙරෙනවා නම් මේ වට මඩ ගහගන්න ආරවුල් ඇති කරගන්න අවශ්‍ය නෑ.." - ජගත් වික්‍රමසිංහ

ඔහු කවරකුද යන්න හඳුන්වා දෙන්නට අමුතුවෙන් අටුවාටිකා අවශ්‍ය නැත. ඒ මේ වන විටත් සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත‍යින් අතර ඔහු ද ඉහළම නාමයක් දිනා ගනිමින් සංගීත ක්ෂේත්‍රයට මහත් වූ මෙහෙවරක් කරළීමට උරදී ඇති නිසාවෙනි. ජගත් වික්‍රමසිංහ නම් මෙම සංගීතවේදියා එදා මෙදා තුර එකසේ තම ජනප්‍රියත්වය රඳවා ගැන්මට සමත් වූයේ ඔහුගේ හඬ පෞරුෂයේ අභිමානවත් බව තම සංගීත ඥානය තුළින් ඉහළම මට්ටමක පවත්වාගන්නට හැකියාව උරුම කරගත් සංගීතඥයකු වූ නිසාමය. මේ ඔහු ගැනය.

"මගේ දෙවෙනි පුතා නැති වුණ දවසින් පස්සේ මගේ කඳුළු ඉවර වුණා.මම ජීවිතේ ආයි කවදාවත්ම අඬන්නේ නෑ.." - සුජාතා අත්තනායක

‘දැන් මම ගෙවන්නේ හරිම සැහැල්ලු ජීවිතයක්. ජීවිතේ ලබන්න ඕන සියලුම ජයග්‍රහණ මම ලබල ඉවරයි. හරිම නිදහස්, තෘප්තිමත් ජීවිතයක් දැන් ගෙවමින් ඉන්නවා.‘දැනුත් ඉතින් විවේක වෙලාවට මේ භාණ්ඩත් එක්ක මම ජීවත් වෙනවා. ගෙදර විවේකයෙන් ඉන්නව නම් වැඩිපුරම කැමති ශාස්ත්‍රීය සංගීතයට සවන් දෙන්න තමයි. දැන් මමයි මහත්තයයි ඉන්නේ පොඩි පුතා සමින්ගේ ගෙදර. අපි දෙන්නට විවේකීව ජීවත් වෙන්න නිවෙසක ආකාරයෙන්ම ඔහු ඔහුගේ නිවෙසේ කොටසක් සකස් කර තිබෙනවා. මේ ජීවිතේ හරිම සරලයි, සුන්දරයි. මගේ වැල්ලවත්ත ගෙදර දැන් පදිංචි ලොකු පුතා.’

"මම පාසල් නොවාසිකාගාරයේ හැදුන ගැහැනු ළමයෙක්..ඇත්තටම මම අදටත් පෙම්වතියක් නෙවෙයි"- චූලක්ෂී රණසිංහ

දේදුනු ආකාසේ සිනමා පටයෙන් රිදී තිරයට පෑයූ චූලක්ෂි රණතුංග සිනමා නිළියක් පමණක් නෙවෙයි පාසල් වියේ සිට ජාත්‍යන්තරය දක්වා ගිය බාස්කට් බෝල් ශුරියක්. එමෙන්ම චූලක්ෂි ලක් රෑ රුජින කිරුළටද හිමිකම් කියු තරැණියක්. මේ හැම දෙයක් අතරින් නිරූපිකාවක ලෙසද ඉදිරි ගමනක් ඇති ඇය තමන්ගේ දිවියේ හොඳම යෙහෙළිය ගැන කියන්නේ මෙහෙම කතාවක්.

ජනාධිපති තොටලග රා බීපු රස්තියාදුකාරයෙක් වගේ.. අගමැති රනිල් නිහතමානී නායකයෙක් - මර්වින්

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දුන් අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් කරන ලද කතාව තොටලග රා බී වෙරිවුණු රස්තියාදුකායෙක්වත් කර නැති බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

එම කතාව අසාගෙන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවසීම ප‍්‍රගුණ කල නායකයෙකු හා නිහතමානී නායකයෙකු ලෙස සිටි ආකාරය මෙරට සියළු දෙනාට ආදර්ශයක් යයිද ඔහු සදහන් කලේය.

මහින්දගේ බාල පුත් 'චිචී' යුග දිවියට

මහින්ද රාජපක්ෂ මහතාගේ කණිටු පුත් රෝහිත චන්දන රාජපක්ෂ හෙවත් ‘චිචී‘, සිය පෙම්වතිය වන තතියානා ලී සමග 2019 ජනවාරි 24 වැනිදා අතිනත ගැනීමට නියමිත ය.

විවාහ මංගලෝත්සවය පැවැත්වීමට නියමිත ව ඇත්තේ තංගල්ල රන්න 212 හෝටලයේදී ය.

වීරකැටිය කාල්ටන් නිවසට පැමිණෙන ආරාධිතයන්ට එම හෝටලය වෙත ගමන් ගැනීම සඳහා විශේෂ ප්‍රවාහන සේවාවක් ද ක්‍රියාත්මක කර ඇති බව ඔවුන්ගේ මංගල ඇරයුම්පතෙහි දැක්වේ.