gossip lanka

"දේශපාලනය කියන දේ මට ගැලපෙන්නෙ නෑ කියලා මම තේරුම් ගත්තේ එදා" - පබා

උපේක්ෂා ස්වර්ණමාලි කියනවාටත් වඩා ඇයව ගොඩක් දෙනෙක් හඳුන්වන්නේ "පබා" කියන නමින්. ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ “පබා” ටෙලි නාට්‍යය ඔස්සේ ප්‍රේක්ෂකයාගේ ආදරය දිනාගත් ඇය රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් ද වෙනවා. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට අමතරව ඇය පිළිබඳව ගොඩක් දෙනෙක් කතා කරන්න පටන් ගන්නේ ඇය දේශපාලන වේදිකාවට අවතීර්ණ වීමත් සමගයි. නමුත් දේශපාලනයට පැමිණීමත් සමඟම ඇයට ඒ සඳහා ලොකු පිළිගැනීමක් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණේ නැහැ.

යම් යම් ගැටලූ හේතුවෙන් පළමු විවාහයෙන් වෙන් වූ ඇය දෙවන වරට විවාහ වූ අතර මේ වන විට පුංචි දියණියකගේ මවක් ද වනවා. පළමු විවාහය පිළිබඳව ඇය සඳහන් කරන්නේ මෙවැන්නක්. ඇත්තටම මගේ පළමු විවාහය අසාර්ථක වෙන්නේ ප්‍රධාන වශයෙන් හේතුවුනේ ඔහුයි මායි අතර තිබුන අදහස්වල නොගැලපීම. මොකද එයා මට වඩා වයසින් ගොඩක් බාල කෙනෙක්. ඉතින් මම එදා ඔහුගෙන් වෙන් වෙන්න ගත්ත තීරණය හරි කියලා දැන් මට තේරෙනවා. පසුගිය දින කීපයකට පෙර උපේක්ෂා සහභාගී වන රූපවාහිනී වැඩසටහනකදී අදහස් දක්වන ඇය පවසන්නේ ඇය ජීවිතයේ කරගත්තු ලොකුම මෝඩකම දේශපාලනයට ගිය එක කියලයි. ඒ නිසා ඇයට ගොඩක් දේවල් නැතිවුණා කියලා සඳහන් කරනවා.

ඇය දේශපාලනය නොකලා නම් ඊට වඩා ගොඩක් දේවල් අයට දිනාගැනීමට හැකි බවත් ඇය දේශපාලනයෙන් කිසිදු අනවශ්‍ය මුදලක් හරි හම්බ කරගෙන නෑ කියලා සදහන් කරනවා. ඒ වගේම ඇය තවදුරටත් පවසන්නේ ඇයට ඇගේ ම කියලා ගෙදරක් නැති බවත් වර්ෂ 1988 තමන්ගේ මව විසින් මිලදී ගත් ගෙදර තාමත් ඇය ජීවත් වෙන්නේ කියලයි. ඉතින් ඇය දේශපාලන ජීවිතයට පැමිණීම පිළිබඳව කතා කරන්නේ තාමත් ඉතාමත් දුක්ඛිත ස්වරූපයෙන්. නැවත කිසිදු දිනක දේශපාලනයට ඇය එන්නෙ නෑ කියලාත සඳහන් කරනවා. උපේක්ෂා ස්වර්නමාලි කියලා කියන්නේ කලා ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන සිටින දක්ෂ සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
gossip lanka