gossip lanka

“ඉවසලා ඇතිවුණා.. පස්සෙ තමයි මම තීරණයක් ගත්තේ..” - සූරියවැව ගමක්ම බිය ගන්වමින්, නිදි යහනේදීම කාන්තාවක් ඝාතනය කළ හැටි, අනියම් පෙමක තොරතුරු පොලිසියේදී ඝාතකයින් වැමැරූ හැටි මෙන්න

සූරියවැව මහපැලැස්ස ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සහෝදරයන් දෙදෙනෙකු සහ තවත් අයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.

සූරියවැව මහපැලැස්ස උණුදිය පොකුණ අසල නිවසක සිටි 34 හැවිරිදි කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී නිදි යහනේම ඝාතනය කර තිබියදී සොයා ගැණුනේ පසුගිය පළමුවනදායි.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ එකම පවුලේ අවුරුදු 20 සහ 22 වයස්වල පසුවන සහෝදරයන් දෙදෙනෙක් සහ ඔවුන්ගේ මිතුරෙක් වන 22 හැවිරිදි තරුණයෙක්.

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් මියගිය කාන්තාවගේ අනියම් සැමියාගේ දරුවන් දෙදෙනා සහ මිතුරෙක් බව ද සඳහන්.

අත්අඩංගුවට පත් සැකකරුවන් අතර සිටින සහෝදරයන් දෙදෙනාගේ පියා කාලයක සිට මෙම කාන්තාව සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර මේ හේතුවෙන් ඔහු තම බිරිඳ සමග ද නිතර පවුල් ආරවුල් ඇතිකරගෙන ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මෙය ඉවසාගෙන සිටීමට නොහැකිවීම හේතුවෙන් ඔහුගේ දරුවන් දෙදෙනා මිතුරෙකු සමග එක්ව අදාළ කාන්තාව ඝාතනය කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ කරගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.
gossip lanka