gossip lanka

“ඉතින් මට මොකටද හාදු ...ඔයාගේ මූණ පුරා හිනාවක් උනත් ඇති” - කොරෝනාව මැද මිනිසුන් වෙනුවෙන් ජීවිතය කැප කළ සෙබළකු ගැන, බිරිඳකගේ සංවේදී හෙළිදරව්ව

කොරෝනා මුළු රටම වසාගත්තු මේ මොහොත ඔබටත් ඒ අපහසුව, අසීරුකම දැනෙන්න ඇති...! ඒත් හිතන්න.... සුවවිරුවන් රණවිරුවන් පොලිස් නිලවිරුවන් ඉන්න පවුල්වල අය ඒ අසීරුව කොහොම දරාගන්නවා ඇද්ද ?

ඇත්තටම ඔවුනුත් කඳුළු බිබී ඇති.. දුක කියාගන්න බැරුව ඇති..

මේ අපිට මුහුණු පොතෙන් හම්බවුණු සංවේදී කතාවක්. සෙබළ බිරිඳක් කියන කඳුළු කතාවක්....

සෙබලෙක් විවාහ කරපු යුවතියකගේ දිනපොතෙන්
එයාට නිවාඩු දවස් 10 යි
අවුරුද්දට නිවාඩු වාර උපරිම 8 යි.(මේ කොරොනා කාලේ ඔයිටත් අඩුයි)
එතකොට අවුරුද්දට නිවාඩු දින 80 යි.
එතකොට දෙයියනේ අවුරුද්දට ඔයා එක්ක ඉන්න වෙන්නෙ දින අසූවද?
අවුරුදු 22 ට නිවාඩු දින 80*22=1760
ඒ ගාන අවුරුදු කලොත් 4.8
හත්දෙයියනේ ......
ගණන් හැදිල්ල එතනින්නම මට එපා වුනා.සංසාරික ප්‍රේම හොයන කොල්ලත් එක්ක වැස්සෙ තෙමෙන්න ,ප්‍රේමණීය හෝරාවන් සොයන කෙල්ලො අතරේ අපි වගේ ප්‍රේමවන්තියොන්ට කරන්න තියෙන්නෙ මහ කැප කිරීමක්.ඒ අතින් අපි හරි පව්.
නෑ නෑ එහෙම කියන්නෙ කොහොමද ?
මට ඔයාගේ මූණ බලාගෙන එහෙම කියන්න බෑ.එතකොට ඔයාලත් පව්නේ.මං නැති කොට ඔයා තනි වෙනවනේ.හැමෝම ඔහොම ආත්මාර්ථකාමීව හිතුවොත් ඔයාල ඔක්කොම තනි වෙයි නේ.නෑ මට ඔයා නැතුව කොහොමත් ඉන්න බෑ.
එහෙමයි කියලා නැව බදන් ඉන්න එපා ඉක්මනට එන්න .මං ඔය හොටු කෙල්ලො වගේ නෙමේ .මටත් මිලිටරියට අයිතිවාසිකමක් තියෙනවා .ඉතින් දරාගන්න පුහුනුව නිතිපතා කරන මට දවස් 10 ත් ඇති.10 කිව්වට කී පාරක් නම් නිවාඩු ඉවර වෙන්න කලින් ගියාද ? ඒ වුනත් මට ඒ ලැබෙන දේ හොඳටම ඇති.මාස ගනන් දින ගනින මට තත්පරයත් ඔයා ලග මට වටිනවා.ඔය දෑත් අතර නිවෙන්න මට ඒ හොඳටම ඇති.
මම ආයෙත් දුරකතනයට එබුනා. කව්දෝ ශෙයා කරලා...
හැමදේම පිරුණ එකම එක හාදුවක් දවසම ප්‍රබෝධමත් කරයි....
මට ඒක දැකපු ගමන් හිනා ගියා.මට එතකොට ප්‍රබෝධමත් වෙන්න බැරිද. මල සමයං...
දුරකතනය පැත්තකින් තැබූ මම අපගේ වෙඩින් පොටොව දෙස බැලු විට සිනා වෙන් පිරුණ ඒ මොහොත හිතේ මැවිණ.
ඉතින් මට මොකටද හාදු ...ඔයාගේ මූණ පුරා හිනාවක් උනත් ඇති.
ආදරේදි පිරිමහ ගන්නවා කියන්නෙ සමහර විට මේක වෙන්න ඇති.

'ඒත් ඉතින් අනේ මන්දා' සමූහයට 'බෝහිමියානුවා' විසින් ලියූ ලිපියකි.
gossiplanka,gossiplankanews.com,gossiplankahotnews.com,gossiplankanews.lk,harigosip,harigossipnews.com
gossip lanka