gossip lanka

මගේ මල්ලිගෙ වියෝවෙන් පස්සේ රූගත කිරීම්වලට ගියෙ නෑ... විනාඩි 15 ක්ම මල්ලි පාරේ වැටිලා ඉදලා - පියුමි ශ්‍රීනායක

කාලෙන් කාලෙට ක්ෂේත්රය තුළ පුවත් මවපු රූපශ්‍රීයෙන් අගතැන්පත් නව පරපුරේ නැගී එන රංගන ශිල්පිනියක් තමයි පියුමි ශ්‍රීනායක කියලා කියන්නේ. පසුගිය කාලසීමාව තුළදී ජීවිතය තුළ මුහුණ දිය හැකි සංවේදීම අවස්ථාවකට මුහුණ දෙන්න ඇයට සිදුවුනා. ඒ ඇගේ ආදරණීය මල්ලිගේ වියෝව නිසයි.

මේ රංගන ශිල්පිනියගේ සහෝදරයා එහෙමත් නැත්නම් මල්ලි රිය අනතුරකින් මේ ලෝකෙ හැර දාලා යනවා. බොහෝ අවස්ථාවන්වල දී ඒ වීඩියෝ පටිය සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙන්න පටන් ගත්තා. ඇත්ත වශයෙන්ම මේ වීඩියෝ පටය නිකුත් කරලා තියෙන්නෙත් පියුමි විසින්. ඒකට මූලිකම හේතුව ඒ තුළින් සමාජයට යම්කිසි පණිවිඩයක් දීම ඇගේ එකම බලාපොරොත්තු වුණ නිසා. ඒ පිළිබඳව ඇය අදහස් දක්වන්න මෙහෙමයි.

මගේ මල්ලි ඇ ක්සිඩන්ට් වෙලා විනාඩි පහළොවක් පමණ යන තුරු ම පාර වැටිලා ඉන්නවා. එතන පාරේ ආව ගිය වාහන සහ මිනිස්සු බොහෝ දෙනෙක් ඇවිත් මල්ලි දිහා බලලා යනවා. කිසිම උදව්වක් කරන්නේ නැහැ. ඇත්තටම ඒ වෙලාවෙ මගේ මල්ලිට කවුරුහරි උදව් කළා නම් මගේ මල්ලි බේරෙනවා. දැන් එයාට මාස පහක පුතෙක් ඉන්නවා. එහෙම එයාට කවුරු හරි පිහිට වුණා නම් අද පොඩි දරුවෙක්ට තාත්තා කෙනෙක් නැති වෙන්නේ නැහැ. පෞද්ගලිකව මම වුනත් අපේ මල්ලි ජීවත් වෙලා ඉන්න කාලෙදි පාර බයික් එකක් හැප්පුනොත් ඉක්මනින් බැහැලා ගිහින් ඒ අයට උදව් කරපු අවස්ථා තියෙනවා. ඉතින් එහෙම කෙනාට එදා පිහිට වෙන්න කෙනෙක් හිටියේ නැහැ.

ඉතින් මිනිසුන් තුළ පවතින්නාවූ මේ අමානුෂික ගතිගුණ හේතුවෙන්ම ඇගේ ආදරණීය මල්ලි මේ ලෝකෙන් සමු ගත්ත වීඩියෝ පටය සමාජ මාධ්‍ය වෙත නිකුත් කරන්න ඇය තීරණය කළා කියලා සඳහන් කරා. මල්ලි ගේ වියෝවෙන් පස්සේ පියුමි රූගත කිරීම් වලට සම්බන්ධ වෙලා නැහැ. ඒකට ප්‍රධානම හේතුව ඇගේ හිත තාමත් ඒ පිළිබඳව වද දෙනවා කියා තමයි ඇය සඳහන් කරන්නේ. වරෙක සංවේදී වන ඇය සඳහන් කරන්නේ ‘ අනේ රත්තරන් මල්ලි අක්කා ගෙ කුසේම ඉපදියන් ‘ කියලයි. ඉතින් ඇගේ ආන්දෝලාත්මක ශෝක විලාපයන් සමාජ මාධ්‍ය වෙත නිතරම මුදාහැරලා තිබ්බා අපිට දක්නට ලැබුණා .

ඒ කෙසේ නමුත් කාලයත් සමග සියලු දේට හිත හදාගෙන නිර්මාණ කීපයකම වැඩ කටයුතු භාර ගත්ත කියලා ඇය සදහන් කරා.කෙසේ නමුත් ඇගේ ආදරණීය සහෝදරයාට අපි උතුම් නිවන් සැපත ප්‍රාර්ථනා කරන්නෙමු.
gossip lanka