gossip lanka

කොරෝනා අමතක කර පිළියන්දල රෝහලම නටයි - (වීඩියෝ)

කොවිඩ් රෝගීන් ගේ සහ රෝහල් සෞඛ්‍ය සේවාකාර්රයමණ්ඩල වල ආතතිය අවම කිරිම සහ ඔවුන්ගේ මානසික සුවය වෙනුවෙන් “අසිරි හදවත එකමුතුව ” නම් සංවිධානයක් විසින් දිවයින පුරා කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගොස් සංගීත ප්‍රසංග පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔවුන්ගේ එම කර්තව්‍යයේ සමාරම්භක අවස්ථාව ඊයේ පිළියන්දල දිසා රෝහලේ දී සිදු කරනු ලැබුවා.

මෙහිදී එම සංවිධානයේ සංගීත කණඩායම විසින් ගීත ගයමින් රෝහලේ කොවිඩ් රෝගීන් සහ සෞඛ්‍ය සේවකයින් පිනවූ අතර ඒ සඳහා රෝගීන් මෙන්ම රෝගීන් කාර්‍යා මණ්ඩලය ද විශාල ලෙස දායකත්වය දැක්වමින් සිය වෙහෙස , ආතතිය දුරු කර ගැනීමට වෙය්හෙසුනු බවටයි වාර්තා වන්නේ.
gossip lanka