gossip lanka

නලීන් පෙරේරාගේ දියණිය ස්වේතාගේ උපන් දිනය ජයටම සැමරූ හැටි (PHOTOS)

කණ්ඩායම් සංගීතය ගැන කතා කරනවිට ලංකාවේ මිනිස්සුන්ට අමතක නොවන නාමයක් හැටියට හඳුන්වන්න පුළුවන් මේරියන්ස් කණ්ඩායම. මේරියන්ස් කියනකොට හැමෝටම මතක් වන නමක් තියෙනවා. ඒ තමයි නලින් පෙරේරා.
බොහොම ලයාන්විත කටහඬක් හිමි මේ ගායන ශිල්පියා තරුණ මහලු සියලු දෙනාගේම හදවත් වල එදා ඉඳන් අද වෙනකම්ම නොනැසී පවතින චරිතයක් බවට පත්වෙලා තියෙනවා.
පසුගිය දිනක නලීන් පෙරේරා මහතා ඔහුගේ ආදරණීය දියණියගේ උපන් දිනය සමරා ඇති බව සඳහන් වනවා.

ඔහුගේ දියණිය නමින් ස්වේතා. ඔහු දියණියට එම නම තබා තියෙන්නේ ‘යහපත් සිතුවිලි ඇත්තී’ යන අරුත පිළිබිඹු කරන ලෙසට.ඇත්තෙන්ම ඇය යහපත් සිතිවිලි වලින් පිරුණු දියණියක් බවයි ඔහු සඳහන් කරන්නේ.
නලින් පෙරේරා ගායන ශිල්පියා ගේ පවුල ගැන කතා කරන විට ඔහු මීට අවුරුදු තුනකට පමණ පෙර පවුලෙන් වෙන් වී දෙමව්පියන් සමග වාසය කරන බව තමයි ඔහු පවසන්නේ.

කොහොම වුණත් ඔහුගේ දියණිය ඔහු පිළිබඳව සෑම විටම සොයා බලා කටයුතු කර තිබෙනවා. එමෙන්ම ස්වේතා කියන්නේ වයසට වඩා වැඩියෙන් මුහුකුරා ගිය අත්දැකීම් සහිත තරුණියක්.ඊට හේතුව විදිහට නලින් පෙරේරා මහත්මයා සඳහන් කරන්නේ පවුලේ ප්රශ්න වලින් බොහෝ විට අසරණ වෙන්නට සිදු වුණේ ඔහුගේ දියණිය සහ පුතාට බවයි.

එමෙන්ම ස්වේතා කියලා කියන්නේ විටෙක දියණියක්, සහෝදරියක් මවක් වගේම යෙහෙලියක් ලෙසත් හඳුනාගන්නට පුළුවන් කෙනෙක් කියලා නලීන් පෙරේරා මහතා කියනවා.කෙසේ වෙතත් ඔහු අවුරුදු ගානකට පස්සේ පවුලෙන් වෙන් වෙලා නැවතත් පවුල හා සමග සම්බන්ධ වෙලා තියෙන්නෙ මේ ශ්වේතා දියණිය නිසාම බවයි නලීන් මහත්මයා සඳහන් කරන්නෙ.
gossip lanka