gossip lanka

​යොහානිගේ ‘මැණිකේ මගේ හිතේ’ ඉන්දියාවට අයිති වෙයි

සතීශන් රත්නායකගේ ‘මැණිකේ මගේ හිතේ..’ ගීතය ප්‍රති නිර්මාණය කිරීම නිසා නිසා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම අතිශය ජනප්‍රිය වූ මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානි ද සිල්වාගේ යූටියුබ් චැනලය තවත් වාර්තාවක් තැබීමට සමත් වී තිබෙනවා.

ඒ මෙරට පෞද්ගලික විනෝදාත්මක යූටියුබ් චැනලයක් සතු වැඩිම ග්‍රාහකයන් පිරිස ලබා ගැනීමට යොහානි ගේ යූටියුබ් චැනලය සමත් වී තිබෙනවා.

මේ වනවිට යොහානිගේ යූටියුබ් චැනලය නරඹන සමස්ත ප්‍රේක්ෂකයින් ගණන මිලියන 2.25ක් ලෙස් වාර්තා වෙනවා.

මේ අතර මැණිකේ මගේ හිතේ, ගීතයේ අයිතිය ඉන්දියාවේ ‘ටී සීරීස් ’ ආයතනය ලබා ගෙන තිබෙනවා.

ටී සීරීස් ⁣විසින් ⁣සිංහල ගීයක අයිතිය ලබා ගන්නා ලද පළමු අවස්ථාව මෙය වන අතර ඒ අනූව‘ මැණිකේ මගේ හිතේ’ ගීතය ඉන්දියාවේ සෑම භාෂාවකින්ම ගැයීමේ අයිතිය මෙම සමාගම සතු වෙනවා.


gossip lanka