gossip lanka

මට විවාහ වෙන්න කෙනෙක් ඉන්න නිසා අපි තීරණය කරන හොදම දවසේ විවාහ වෙනවා - මනීෂා චංචලා

වර්තමානයේ තාක්‍ෂණය දියුණුවත් සමගින් සමාජ මාධ්‍ය ජාලාවන් භාවිතයට ලොව වැඩි පිරිසක් යොමුව තිබෙනවා. කොහොම නමුත් ලොව වැඩි පිරිසක් භාවිතයට ගන්නා සමාජ මාධ්‍ය තුළින් සත්‍ය තොරතුරු මෙන්ම අසත්‍ය තොරතුරු රැසක් සීඝ්‍රයෙන් හුවමාරු වෙනවා.

ඉතින් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය තුළින් පැතිර ගිය අසත්‍ය තොරතුරු කිහිපයක් නිසාවෙන් ලාංකීය කලාකරුවන් රැසකට නොසිතූ ආකාරයේ සිද්ධීන් කිහිපයකට මුහුණ දීමට සිදුවුණා. විවිධ පුද්ගලයන් විසින් ගොතන කටකතාවන් හේතුවෙන් ඔවුන්ට පෞද්ගලික ජීවිතයේදී පවා නොසිතූ ආකාරයේ සිද්ධීන්ට මුහුණ දීමට සිදුවෙනවා. ඉතින් අද අපි කියන්න යන්නේ ඒ වගේ කතාවකුයි.

කොහොමහරි ඉතින් මනීෂා චංචලා කියල කියන්නේ ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ඉතාමත් සුන්දර දක්ෂ කලාකාරිනියක්. ඇය ගායන ශිල්පිනියක් , නිවේදිකාවක් , මෙන්ම රංගන ශිල්පිනියක ලෙසත් කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත්ව සිටිනවා.

කදුරට FM නාලිකාවේ ළමා නිවේදිකාවක් විදිහට මුලින්ම කලාවට පිවිසෙන ඇය පසුකාලීනව දෙරණ little star රියැලිටි තරගාවලියේ 12 න් පහළ ගායන අංශයේ සිව්වන ස්ථානය දිනාගැනීමට සමත් වෙනවා. අනතුරුව ගායන ශිල්පිනියක ලෙස කටයුතු කරන ඇය පසුව රංගනයට පිවිසෙනවා.

කොහොම නමුත් වර්තමානයේ මනීෂාව හැමෝම හදුනන්නේ සිදූ ටෙලිනාට්‍යයේ තෙරුණිගේ චරිතය තුළිනුයි. ඇයගේ පෙම්වතා දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදකයෙකු ලෙස කටයුතු කරන කළිදු කරුණාරත්නයි. මේ අතර පසුගිය කාලයේ මනීෂා පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ කටකතාවන් රැසක් පැතිර ගියා. ඒ ඇය පළමු විවාහායෙන් වෙන්වී මේ වන විට කළිදු සමග විවාහ වීමට සිටින බවටයි.

ඉතින් ඒ ගැන අදහස් දක්වමින් ඇය කියන්නේ තමන් මීට පෙර කාත් සමගවත් විවාහ වී නොසිටි බවයි. ඒ වගේම ඒ ගැන ඇය කියලා තිබුනේ මෙන්න මේ වගේ කතාවකුයි “විවාහයෙන් වෙන් වෙන්න මම තවමත් විවාහ වෙලා නෑ. හැබැයි මට විවාහ වෙන්න කෙනෙක් ඉන්න නිසා අපි තීරණය කරන හොදම දවසේ විවාහ වෙනවා” කියලයි.

එපමණක් නොවෙයි ඇයට මේ තරම් කල් විවාහවෙලා කියලා කියූ කටකතා හමුවේ කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම පිළිබඳ ඇය කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි “මම ගැන කියන බොරු දේවල් මට අදාල නැති නිසා මම එයට ප්‍රතිචාර දැක්වූයේ නෑ. මේ බොරු හදපු අයගේ අරමුණ ඉෂ්ඨ වෙන එකට බාධාවක් වෙන්න මට ඕනි වුණේ නෑ.” කියලයි.

නමුත් මනීෂා ඒ දේවල් ඉවසා සිටියත් ඇගේ පවුලේ සාමාජිකයන්ට සහ ඇගේ ආදරණීයන්ට එයින් කැළලක් වන නිසාවෙනුයි ඇය මෙවර හඩ අවදි කරලා තිබුණේ. ඉතින් ඒ පිළිබඳ අදහස් දක්වමින් ඇය සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් යොදා තිබුනේ මෙලෙසයි.



gossip lanka