gossip lanka

‘ඉරාජ් තනිකරම කරන්නේ හින්දි මෙලඩි උස්සන එක’ ලස්සන කෙල්ලෙක් ළඟ තියන් ලහිරු කියන කතාව

ලංකාවේ කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ජනප්‍රිය ගායකයෙක් තමයි ලහිරු පෙරේරා කියන්නේ. විවිද ගීත රැසක් ගායනා කල ලහිරු ලංකාවේ වැඩිම ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න සමත්වුනේ ‘රම්බරී කියපන් උඹෙ නොම්බරේ’ ගීතය හරහායි. ලහිරු කළා ලෝකයේ ජනප්‍රිය වුනේ ලහිරු පෙරේරා ලෙස වුනත් පසුව ඔහු ඔහුගේ නම ‘ලා සිඤ්ඤෝ’ ලෙස වෙනස් කරගත්තා. ශබ්ද පරිපාලන විෂය පිළිබඳ විද්‍යාත්මක හැදෑරීම්වලින් සන්නද්ද ඔහු, තවත් අතකින් ඒ පිළිබඳ පාඨමාලාවක් පවත්වාගෙන යන ගුරුවරයෙක්. හැමෝම ලහිරුගෙන් අහන ප්‍රශ්නයක් තමයි ලහිරු පෙරේරා ‘ලා සිඤ්ඤෝ’ ලෙස නම වෙනස් කලේ ඇයි කියලා. ඉතින් ඒ පිලිබඳ ලහිරු කිවුවේ මේ වගේ කතාවක් ”මෙහෙමයි ඉදිරියේදී මම ගීත එළිදක්වන්නේ ‘ලා සිඤ්ඤෝ’ නමින්. මම මීට කලිනුත් ඒ නමින් ගීත කිහිපයක්ම එළිදැක්වූවා. ඇත්තම කියනවනම් වෙළෙඳ උපක්‍රමයක් ලෙසින් ගෙනයාමේ අවශ්‍යතාව නිසා තමයි මම ‘ලා සිඤ්ඤෝ’ කියන චරිතය ගොඩනැගුවේ. ‘සිඤ්ඤෝ’ කියන්නේ නූතන පරපුරේ ආරච්චිලා කෙනෙක්. එයා පනාවක් ඔළුවේ ගහගෙන ඉන්නවා. පිත්තල බොත්තම් ඇල්ලූ නවීන පන්නයට සකස් කළ නමුත් ,පැරැණි ආරච්චිලා ඇන්ද හැඩයේ ඇඳුමක් තමයි ඇඳගෙන ඉන්නේ. ඉතින් මේ වෙනස නිසා ඒ චරිතය හැමෝම අතර ගොඩක් ජනප්‍රියයි.” කියලයි.
 
‘ලා සිඤ්ඤෝ’ කියන චරිතය දැන් හැමෝම හඳුනනවා. ඉතින් ලහිරු මේ ‘ලා සිඤ්ඤෝ’ භූමිකාව සමඟ දිගටම රැ‍ඳෙන්නද අදහස් කරන් ඉන්නේ කියලා අහපු පැනයකට ඔහු දුන්නේ මේ වගේ පිළිතුරක් ”මෙහෙමයි මේ මම මේ චරිතය ගොඩනැගුවේ මේ තුල දිගටම රැඳෙන්න බලාගෙන. හැබැයි ලහිරු වෙනයි ‘ලා සිඤ්ඤෝ’ වෙනයි. මම මේ චරිතය වෙනුවෙන් ඉදිරියේදී කාටූන් පොතක්, කාටූන් චිත්‍රපටයක් කිරීමටත් සැලැසුම් කර තිබෙනවා. ඇත්තම කියනවනම් අපිට අපේම කියලා සුපිරි වීරයෝ නෑනෙ. සුපර් මෑන්, බෙන්ටෙන්. ඉතින් ඒ වගේ අනාගතේ දවසක දරුවෝ “ලා සිඤ්ඤෝ” ගැන කතා කරයි.” කියලයි.
 
ලහිරු කියන්නේ අපේ කළා ලෝකයේ ඉන්න දක්ෂ ගායකයෙක් ඉතින් මේ දිනවල අපේ සංගීත ක්‍ෂේත්‍රය පිලිබඳ ලහිරු කියන්නේ මේ වගේ කතාවක් ”මෙහෙමයි සංගීතය කියන්නේ මගේ ප්‍රධාන වෘත්තීය ඉතින් මම ඒකට ගොඩක් ගරු කරනවා. හැබැයි මම කොපි කරන්නේ නෑ කියලයි” කොහොම වුනත් පසුගිය දිනක ලහිරු විසින් යුටියුබ් නාලිකාවකදීත් මේ වගේම පප්‍රකාශයක් සිදුකරලා තිබ්බා. එහි නිවේදිකාව ඇසු පැනයකට ලහිරු පිළිතුරු දුන්නේ මෙහෙමෙයි. ප්‍රශ්නය – අපේ කළා ලෝකයේ කපටි කමයි, හොර හිතයි සහ නපුරුම කෙනා කවුද? මේ පැනයට ලහිරු දුන්නේ මේ වගේ පිළිතුරක් ” කපටි කමයි හොර හිතයි කියලා එහෙම කවුරුවත් මට මුණගැහිලා නෑ. හැබැයි වෙන ගීත වල මෙලඩි, ඒ කියන්නේ මෙහෙමයි හින්දි ගීතවල මෙලඩි වලට වැඩිම ගීත හදලා තියෙන්නේ ඉරාජ්. නපුරු කම අතින් ගත්තොත් ලංකාවේ නපුරුම ගායකයා තමයි වික්ටර් රත්නායක. එයාගේ සමහර දේවල් තියෙනවා ඒවා කිවුවොත් එයාගේ ඉමේජ් එකට ගොඩක් හානි වෙනවා ඒ නිසා වික්ටර් මහත්තයා ගොඩක් නපුරුයි” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ලහිරුගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.
gossip lanka