gossip lanka

මම ළමයෙක් ගැන හිතන්නෙ මට ඕන කාලෙදි... කවුරුත් ඒ ගැන කරදර වෙන්න එපා - ෂෙරිල් ඩෙකර්

ෂෙරිල් ඩෙකර් කියලා කියන්නේ පුංචි තිරයේ ඉතා කෙටි කලක් තුළදී ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියක් . ඇය රංගන ශිල්පිනියක් මෙන්ම දක්ෂ නර්තන ශිල්පිනියක් ලෙසත් හඳුන්වන්න පුළුවන් .ඇය විවාහ වන්නේද තරුණ පරම්පරාවේ ආකර්ෂණය නිබදව දිනාගත් ජනප්‍රිය ගායක ශිල්පියකුවන රුවන් හෙට්ටිආරච්චි සමඟයි. ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වූ අමා ටෙලි නාට්‍යයේ අමා චරිතයට පණ පෙවීමෙන් පසු ලංකාවේ අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත්වුනා .ඉතින් ෂෙරිල් අදටත් කියන්නේ මේ නාට්‍යයේ අමාගේ චරිතයට රඟපෑවට පස්සේ අදටත් ඒ චරිතයට ඒ වගේම ප්‍රතිචාර ජනතාවගෙන් ලැබෙනවා කියලයි.

2006 වසරේ දී අවුරුදු තරගයකින් කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඇය ප්‍රථමයෙන්ම බෙනට් රත්නායක මහතාගේ “ඉර හද යට “සිනමා නිර්මාණයට තම රංගන දායකත්වය ලබා දුන්නත් ගොඩක් ප්‍රේක්ෂකයන් ඇයව දැන හඳුන ගත්තේ “අමා” ටෙලිනාට්‍යය හරහායි. ඉතින් ඇය මේ වන විට කලාවෙන් මොහොතකට ඈත් වුණත් හොඳම නිර්මාණ කීපයකට ඇය රංගන දායකත්වය ලබාදී ඇති බවත් එවැනි නිර්මාණ කීපයක් ඉදිරියේදී විකාශය වීමට ඉඩ තියෙනවා කියලත් ඇය සඳහන් කරනවා.නිරන්තරයෙන්ම සුරතල් සතුන්ට ආදරය කරන ඇය නිතර සුරතල් සතුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය වලට නිකුත් කරනවා.

නමුත් එලෙස පින්තූර සමාජ මාධ්‍ය වෙත එකතු කරද්දී “සත්තු හුරතල් කරාට වැඩක් නැහැ දැන්වත් ළමයෙක් හදාගන්න”ආදී ආකාරයෙන් කැත කමෙන්ට් ඇයට දාලා තියෙනවා කියලා ඇය කණස්සල්ලෙන් පවසනවා.ඉතින් ඇය පවසන්නේ ඒ වගේ දේවල් වෙද්දි ඇය කෙළින්ම ඒ වගේ පුද්ගලයන්ට සෘජුව පිළිතුරු ලබා දෙනවා කියලා.ඒකට ප්‍රධානම හේතුව තමයි ඇගේ පෞද්ගලික ජීවිතයට පිට මිනිස්සු ඇඟිලි ගහනවට ඇය කිසිසේත් කැමති නැති වීමයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන ෂෙරිල් කියන්නේ පෞද්ගලික ජීවිතයේ කාරණා අපිට අවශ්‍ය විදිහට අපි අවශ්‍ය කාලෙදි විසඳගන්න නිසා කිසි කෙනෙක් ඒවා ඔළුවට ගන්න ඕන නැහැ කියලයි . ශෙරිල් ඩෙකර් කියලා කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක්.
gossip lanka