gossip lanka

අම්මගේ ශක්තිය මට ඒ විදිහටම ඇවිත් තියෙනවා කියලා මම හිතනවා - නිත්‍යා දේවින්දි

නිත්‍යා දේවින්දි කිව්වාම අද වන විට ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ.ඇගේ සැබෑ නමින් ඇයව අමතනවාටත් වඩා ඇයව වැඩි වශයෙන් ජනප්‍රිය වී සිටින්නේ පාරදිගේ ටෙලි නාට්‍යයේ රුවිනි ලෙසිනි.2019 දෙරණ අවුරුදු කුමරිය තරගාවලියේ අවසන් දොළොස් දෙනාගේ වටයට තේරී සිය රංගන ජීවිතයට අවතීර්ණ වන ඇය රංගනයෙන් දායක වූ ප්‍රථම ටෙලි නාට්‍යය වන්නේ දෙරණ නාලිකාවේ විකාශය වූ මුතුලෙන්දොර ටෙලිනාට්‍යයයි.පසුගියදා ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වුණා.එහිදී ඇයගේ රංගන ජීවිතයේ රස මුසු තැන් පිළිබඳව රසිකයන් සමග බෙදාගත්තේ මේ අයුරින්.

“ඇත්තටම මම මුලින්ම දෙරණ නාලිකාවට ස්තුතිවන්ත වෙනවා.මොකද මට රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නට හැකියාව ලැබුණේ දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ අවසන් දොළොස් දෙනාගේ වටයට තේරී පත් වූ පසුයි.ඉන්පසු මට මුතුලෙන්දොර ටෙලි නාට්‍යයේ නෙළුම්ගේ චරිතය රඟපෑමට අවස්ථාව ලැබුණා.එහිදී යම් ප්‍රේක්ෂක පිරිසක් මා වටා එක්රොක් වුණා.නමුත් ටික කාලයක් යද්දි මට ඇතිවූ යම් යම් ගැටලු හේතුවෙන් මට එම ටෙලිනාට්‍යයෙන් ඉවත් වන්නට සිදු වුණා.නමුත් ඒ පිළිබඳව නොයෙකුත් කට කතා පැතිරුනා.බොහෝ දෙනෙක් ප්‍රචාරය කරලා තිබුණා මම ටෙලිනාට්‍ය වල සම්පූර්ණයෙන්ම රඟපාන්නේ නෑ කියලා.නමුත් එම කටකතා බොරු කියලා මම පාර දිගේ ටෙලි නාට්‍ය හරහා ඔප්පු කරනවා.කොහොමත් මම ශක්තිමත් කෙනෙක්.මගේ තාත්තා නැතිවුණේ මම කුඩා කාලයේදිමයි.මගේ අයියා සහ අම්මා මට තාත්තා නැති අඩුව දැනෙන්න දුන්නෙ නැහැ.ඉතින් අම්මගේ ශක්තිය මට ඒ විදිහටම ඇවිත් තියෙනවා කියලා මම හිතනවා.”

“ඇත්තටම පාර දිගේ ටෙලි නාට්‍යය ගැනත් මම මතක් කරන්නම ඕනි.ජයප්‍රකාශ් ශිවගුරුනාදන් ප්‍රවීණ අධ්‍යක්ෂවරයා අධ්‍යක්ෂණය කළ අපූරු ටෙලි නාට්‍යයක් තමයි පාර දිගේ කියලා කියන්නෙ.රුවිනි චරිතයට මට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබෙනවා.ඉතිං මට ඒ ගැන ගොඩක් සතුටුයි.” කියලා තමයි ඇය අවසාන වශයෙන් කියා සිටියේ.නිත්‍යා දේවින්දි කියලා කියන්නේ රංගන ක්ෂේත්‍රයට නවක යොවුන් තරුණියක්.නමුත් ඉතා කෙටි කාල සීමාවක් තුලදී විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ප්‍රමාණයක් ලබා ගැනීමට ඇයට හැකියාව ලැබුණා.ඉතින් ඇයගේ කලා කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම ඇගේ සුන්දර ඡායාරූප පෙලක් ඔබවෙත ගෙන ඒමටද අමතක කලේ නෑ.
gossip lanka