gossip lanka

“මොනවද මේ සිස්ටම්? බැරි නම් පුළුවන් එකෙක්ට දීලා යන්න” - ඉසුරු ලොකුහෙට්ටිආරච්චි

මේ දවස්වල බොහෝ දෙනා කාලය ගත කරන්නේ සමාජජාල සමගයි. සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල ජනප්‍රිය නළුවා බවට පත්වෙලා තියෙන්නේ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි.  ජනප්‍රිය රංගන ශිල්පි ඉසුරු ලොකුහෙට්ටිආරච්චි හදිසියේම තම මුහුණු පොත හරහා වීඩියෝව නිකුත් කරමින් තමන්ට සිදු වු අකරතැබ්බයක් මේ ආකාරයෙන් පවසා තිබුනා.

“ මගේ නීතිමය කටයුත්තක් සදහා මුද්දර අවශ්‍ය වු නිසා තලවතුගොඩ ප්‍රධාන තැපැල් කාර්යාලයට ගොස් පැය කාලක් පමණ පෝලිමේ සිට රු.5600ක මුදලක් කවුන්ටරය වෙත ලබා දි මුද්දර ඉල්ලු විට විනාඩි 10ක් විතර පොත් අවුස්සා මුද්දර නොමැති බවට පවසන ලදි. නුගේගොඩට ගොස් මිලදි ගන්නා ලෙසට ඔවුන් පැවසු අතර තලවතුගොඩ වැනි ප්‍රධාන නගරයක රු.5600ක මුද්දර නොමැති වීම මට නම් පුදුම සහ මේ රටේ සිස්ටම් එක පිළිබද ලැජ්ජා විය යුතු කරුනකි.”

අවසන් වශයෙන් ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සදහන් කර ඇත්තේ හැකි ඉක්මනින් මේ රටේ සිස්ටම් එක වෙනස් කල යුතු බවත් වැඩ කිරිමට බැරි නිලදාරින් ඉවත් විය යුතු බවත්ය.
gossip lanka