gossip lanka

බොට්ස්වානා යෞවන රූපසුන්දරිය ලෙස ලාංකික තරුණියක් කිරුළ පලදී (PHOTOS)

"මිස් ටීන් බොට්ස්වානා ඉන්ටනැෂනල් 2021" කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලාංකික යෞවනියක් වන ගිම්හානි පෙරේරා සමත් වුණ අතර ඇය බොස්ට්වානා රාජ්‍යයේ "පිළික්වේ" දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එම තරඟයට එක්වී තිබුණා.

ගිම්හානිගේ පියා, ඉන්දික පෙරේරා මහතා පැවසුවේ මූලික වටය සඳහා තරුණියන් 42ක් ඉදිරිපත්ව සිටි බවත් ඉන් අවසන් වටය සඳහා 14 දෙනෙකු තේරුණු බවත් ය.

බොස්ට්වානා නියෝජනය කරමින් ඉන්දියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර යෞවන රූපසුන්දරිය තේරීමේ තරඟයකට තමා සුදුසුකම් ලැබූ බව 17 හැවිරිදි ගිම්හානි සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පැවසුවාය.

ඇය පැවසුවේ "මගේ අභිප්‍රාය එම කිරුළ ජයගැනීමයි" යනුවෙනුයි.
gossip lanka