gossip lanka

ගයාන්ගේ සහ චතුරිකාගේ දෝණි ආරාධනාගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න - (PHOTOS)

කළා ක්ෂේත්‍රය තුල මෙන්ම පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් අපේ රටේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගෙන සිටින ජනප්‍රිය රංගන ශිල්පීන් දේපලක් තමයි ගයාන් වික්‍රමතිලක වගේම චතුරිකා පීරිස් කියලා කියන්නේ. ඉතින් ඒ වගේම කළා ක්ෂේත්‍රයේ කළා කරුවන් අතරින් බොහෝම දක්ෂ ප්‍රවීණ තරු යුවලක් විදිහටත් ගයාන් සහ චතුරිකා යුවල හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ කළා යුවල කාටත් ආදර්ශයක් ලබා දෙමින් මේ වනවිට සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන යුවලක් කිවුවත් වැරද්දක් නැහැ. ඉතින් මේ දෙන්නගේ ආදරණීය සුන්දර කැදැල්ලට පහුගිය කාලේ තවත් අමුතෙක් එකතු වුනු බව දැන්නම් අපේ රටේ කාටත් රහසක්නම් නෙමෙයි. ඉතින් ඒ තමයි ආරාධනා පුංචි දෝනි. ඉතින් මේ හුරතල් දෝනි චතුරිකාගෙයි ගයාන්ගෙයි කැදැල්ලට ඇවිල්ලා අදට හරියටම අවුරුදු දෙකක් වෙනවා. ඉතින් මේ වෙනුවෙන් චතුරිකා පීරිස් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට සටහනක් එකතු කරමින් මෙන්න මේ වගේ සෙනෙහෙබර කතාවක් තමයි කියලා තිබුනේ.

මගේ රත්තරං, මගේ ලෝකේ, මගේ ජීවිතේ, මගේ බෝනික්කි, ඔයා අපේ ලෝකේට ඇවිත් අදට හරියටම අවුරුදු 2යි. මේ අවුරුදු 2කට ඔයා අපිට දීපු සතුට, ආදරය, සැනසීම, අපේ ලෝකේ තව තවත් ලස්සන කලා. ඔයාට පිං මගේ රත්තරං. ඔයා මගේ ආයුෂත් අරං ජීවත් වෙන්න ඕන. ඔයා තමයි අප්පච්චිගෙයි මගෙයි මුලු ආත්මෙම. පුංචි රෝස මලක් වගේ ඉන්න ඔයාට නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා රත්තරං. කිසිම දුකක් කරදරයක් නොවේවා. තිස් තුන් කෝටියක් දෙවියෝ ආරක්ෂා කරත්වා. බුදු සරණයි. මේ ඔයාගේ අම්මා කියලයි චතුරිකා පීරිස් උතුරා යන සෙනෙහසින් පවසලා තිබුනේ.

මේ වෙනුවෙන් ආරාධනාට surprise birthday party එකක් arranged කරලා තිබ්බා චතුරිකායි ගයිනුයි එකතුවෙලා. මේ උත්සවයට පුර්ණිකා, පේෂල ඇතුළු දරු දෙදෙනත් සහභාගි වෙලා තිබුනා.
gossip lanka