gossip lanka

කාන්තා හිංසනය පිටු දැකීම වෙනුවෙන්, ඕෂධී හිමාෂා කළ අමුතුම ෆොටෝ ෂූට් එක බුකියේ කතාබහට

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් එක්ක, කුඩා දරුවන්, කාන්තාවන්, දූෂණයට ලක්වීම, හිංසනයට ලක්වීම කියන දේ, ඔබ දිනපතා මාධ්‍ය තුළින් කියවමින් ඉන්නවා.

එවන් මොහොතක ලෝකයටම පණිවුඩයක් ලබා දෙමින් දක්ෂ ඡායාරූප ශිල්පියෙකු වන Lakmal Sinharage විසින් සිදු කළ අපූරූ, නිර්මාණාත්මක ඡායාරූප පෙළක් අපට බුකියෙන් හමුවුණා.

මේ තියෙන්නෙ ඒ ඡායාරූප කතාව...

කාලෙකින් සටහනක් තැබිය යුතු කාලයක සිටිමි යැයි සිතමි.පින්තූර පෙලෙන් මා කීමට අදහස් කරන කතාව ඔබට වැටහේ යැයි අනුමාන කරමි.කෝරෝනා වසංගතයත් සමගම ලෝකය පූරා සීග්‍රයෙන් වර්ධනය වන "කාන්තා හිංසනය" පිටු දැකීම මෙහි මූලික පරමාර්ථය වූනා. ගැහැනියගේ දුක-කදුල-වේදනාව-ජායාරූපශිල්පියෙකු ලෙස මාගේ වෘත්තීය මට්ටමින් මෙවැනි නිර්මාණයක් සිදු කිරීමට හැකි වීම පිළිබද ඇත්තේ නිහතමානී සියුම් ආඩම්බරයකි...

අදහස ඇවිත් දවස් 3කින් මේ විදියට මේක කරන්න පුලුවන් වුනේ නිර්මාණයේ කතා නායිකාව වන ඕෂධි හිමාෂා කාවින්දී මට ලබා දුන්න සහයෝගය නිසාමයි. නිරෑපිකාවක් විදියට ඇයගේ පරිණතභාවය මෙහිදී මෙහි සාර්ථකත්වයට රැකුලක් වුනා. ඒ වගේම බෙහෙවින් ස්තූති විය යුතුයි ඇයගේ ආදර සැමියත් මේ නිර්මාණය සදහා මට අපූරෑ සහයෝගයක් දැක්වූවා. ඕෂදීව මේ විදියට පාට කලේ සුභාෂ් අබේවික්‍රම මල්ලී. ඇත්තෙන්ම මේ Shoot එකේ ඉන්නේ ඕෂදීමද කියන එක ගොඩක් වෙලාවට ඔබට සිතෙන කාරණයක් වේවී.ඒ තරම් සියුමැලී වේෂ නිරෑපනයක් අපි මෙහිදී භාවිතා කලා....

ඒ වගේම මෙහි භාවිතා වුන හැම නිෂ්චල උපකරණක්ම නිදි මරාගෙන එක රැයින් හැදුවේ මමමයි.කවි ටිකත් පුලුවන් විදියට හදිස්සියේ ලියව්වා. මම කැමතියි මේ පින්තූර දකිද්දී එන අදහස් ඔබ කවී වලින් මෙහි සටහන් කරනවා නම්.....
අපි හැමෝම අපේ අම්මාට ගොඩාක් ආදරෙයි...ලෝකයේ වෙසෙන හැම ගැහැණියක්ම අම්මා විදියට සලකලා අපි ආදරේ කරමූ...ගරැ කරමු....කාන්තා හිංසනය පිටු දකිමු..."කාන්තාවට- මගේ අම්මාට මේ නිර්මාණය උපහාරක්ම වේවා...!!!"

ලක්මාල් සිංහාරගේ
gossip lanka