gossip lanka

ඕස්ට්‍රේලියාවේ විවාහක රූ රැජි⁣ණ වූ කුරුණෑගල දිලිනි අප්සරා - (photos)

ඕස්ට්‍රේලියාවේ සාවිෂ් කෝපරේෂන් සහ එහි අධ්‍යක්ෂ දිල්කි පෙරේරා විසින් සංවිධානය කරන  ශ්‍රී ලාංකික විවාහක රූ රැජින තේරීමේ තරගය පසුගියදා උත්සවාකාරයෙන් පැවැත්විණි.

එම තරඟයේදී ප්‍රථම ස්ථානය හිමිකරගනිමින් ශ්‍රී ලාංකික විවාහක රූ රැජින වීමේ භාග්‍ය උදාකරගැනීමට කුරුණෑගල දිලිනි අප්සරා වික්‍රමසිංහ සමත් විය.

දිලිනි අප්සරා වික්‍රමසිංහ මහත්මිය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අතර නීතීඥවරියකද වේ. අද දවසේ ඇය ඕස්ට්‍රේලියාවේ නීති ක්ෂේත්‍රය තුළ කටයුතු කරමින් සිටින අතර දේපල නීතිය සම්බන්ධව උසස් පාඨමාලාවක් හදාරමින් සිටී...

මෙ⁣ම අවස්ථාව ඇය ජීවිතයේ ලබාගත් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් බවත් විශේෂයෙන්ම තම මව් රට නියෝජනය කරමින් මේ ලබාගත් ජයග්‍රහණයට ඉතා නිහතමානීව අඩම්බර වන බවත් වැඩිදුරටත් කියා සිටියාය. දිල්කි පෙරේරා, සැව් ජයින් සහ විෂ්නි වෙත විශේෂ ස්තූතිය ඇය පිරිණමා සිටියාය.

මෙම තරඟාවලිය 7 වන වරට පැවැත්විණි.

තරඟකරුවන්ට ප්‍රජා සේවය, විෂය බාහිර ක්‍රියාකාරකම් කථා  කිරීමේ හැකියාවන්, අලංකාරය සහ කැට්වෝක් හැකියාවන් පිළිබඳ පුළුල් අත්දැකීම් තිබිය යුතුය. විලාසිතා සඳහා සහභාගී වීමට සහ ප්‍රධාන ධාරාවේ ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තරඟකරුවන්ට බොහෝ අවස්ථාවන් ලබා දී ඇත.

මෙම තරඟාවලිය වික්ටෝරියා හි ඉතා ගෞරවයෙන් යුතුව පවත්වනු ලබන අතර බොහෝ සම්භාවනීය අමුත්තන් සහභාගී වේ.
gossip lanka