gossip lanka

හැමෝම කතා කරන සමාජ දුරස්ථභාවය ගැන ලෝකයේ වේගවත්ම මිනිසා එක ඡායාරූපයකින් පෙන්නූ හැටි - (Photos)

ලෝකයටම බලපා ඇති කොරෝනා වෛරසය නිසා මේ වන විට මුළු ලෝකයකම වගේ කතාකරන්නේ සමාජ දුරස්ථභාවය (Social Distancing) ගැනයි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම වෙනුවෙන් සමාජ දුරස්ථභාවය හැකිතාක් දුරට පුහුණුකරන ලෙසයි වෛද්‍යවරුන් පෙන්වාදෙන්නේ.


මේ අතර "ලෝකයේ වේගවත්ම මිනිසා" ලෙස විරුදාවලිය ලැබූ උසේන් බෝල්ට්( Usain Bolt )සිය ට්විටර් ගිණුමේ අපූරූ ඡායාරූපයක් පළකර තිබෙනවා.

2008 බීජිං ඔලිම්පික් උළෙලේදී මීටර් 100 පිරිමි අවසන් තරගය ජයගත් ඡායාරූපය විදෙස් මාධ්‍යවලද අවධානය දිනාගෙන තිබෙනවා.

එහිදී  තත්පර 9.69 කින් තරගය කළ ඔහු  නව ලෝක හා ඔලිම්පික් වාර්තාවක්ද පිහිටුවනු ලැබුවා.

ඔහු තරඟය ජයග්‍රහණය කළා පමණක් නොව, තත්පර 0.20 ක, වේග පරතරයක් තබාගනිමින් ඇමරිකාවේ රිචඩ් තොම්සන් (Richard Thompson) දෙවන ස්ථානයට පත්කළා.

මෙම දුෂ්කර කාලදී  සෑම කෙනෙකුම සමාජ දුරස්ථභාවය අනුගමනය කළ යුතු ආකාරය නිරූපණය කිරීම සඳහා බෝල්ට් මෙම ජයග්‍රහණය කිරීමේ ඡායාරූපය පසුගිය පාස්කු ඉරිදා සිය රසිකයන් වෙත ඉදිරිපත් කළා.
gossip lanka