gossip lanka

ලෝකවාසි සියලු දෙනාම දැන් ඉතාමත් භායනක තත්ත්වයක ඉන්නේ - රුවන් පෙරේරා

‘හාර කෝටිය’ හා ‘කෝටිපතියෝ’ ටෙලි නාට්‍යයේ ‘ඩිංකා’ ලෙස ඔබේ ආදරය දිනාගත් රුවන් පෙරේරා මේ දිනවලද විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයක ඔබට දකින්නට ලැබේ. මේ වනවිට ලොවපුරා ව්‍යාප්ත වී ඇති ‘කොරෝනා’ වෛරසය පිළිබඳව ඔහුද මෙසේ’සිය රසික, රසිකාවියන් මෙසේ දැනුම්වත් කළා.
මේ වෙද්දි ගෝලිය හා ජාතික වශයෙන් ලෝකවාසි සියලු දෙනාම ඉතාමත් භායනක තත්ත්වයකට මුහුණදීලා ඉන්නේ. අපි හැමෝම දන්නවා ‘කොරෝනා’ වසංගතය ගැන. ඉතින් අද මගේ ආදරණිය ප්‍රේක්ෂකයන්ට දැනුම්වත් කරන්න හිතුණා මේ සම්බන්ධව. අපි හැමෝම සියලු වැඩ අත්හැරලා දාලා නිවසට වෙලා ඉන්න කාලයක් මේක. මමත් දැන් ගමට ඇවිල්ලා ඉන්නේ. මේ වෙලාවේ අපි අවධානයෙන් සිටිය යුත්තේ අපි පරිස්සම් විය යුත්තේ කොහොමද කියලා. මම දැන් ගමට ඇවිල්ලා සති කිහිපයක් වෙනවා. ගමට ආපු දවසේ ඉඳලා මම නිවසින් පිටතට යන්නේ නැහැ. මගේ පවුලේ කට්ටියත් සමගම නිවසට වෙලා ඉන්නවා. ඒ වගේම අපේ නිවසට පැමිණෙන පිරිස් අද සිමා වෙලා ඉන්නවා. කොටින්ම කියනවා නම් අපේ නිවසට දැන් කවුරුත් එන්නෙත් නැහැ. මොකද අපි දන්නවා අපි ආරක්ෂා වෙන තරමට අනිත් හැමෝමත් ආරක්ෂා වෙනවා කියන එක. මම හිතන්නේ ප්‍රේක්ෂක ඔබත් ඒ කාරණය දැඩිව හිතට ගත යුතුයි.

සාරවිට
gossip lanka