gossip lanka

මට අඳින්න බැරි ඇඳුම් මම කාටත් දෙන්නේ නැහැ - මෙනුෂි බණ්ඩාර

පසුගිය වසරේ සිරස අවුරුදු කුමරිය ලෙස කිරූළ දිනාගත් මෙනුෂි බණ්ඩාර මේ වනවිට විවිධ කලා නිර්මාණ තුළින් ඔබ හමුවේ. විලාසිතාවලටද දැඩි ලෙස ප්‍රිය කරන්නියක් වන මෙනුෂිගෙන් අපි මෙවර ඇය කැමති විලාසිතා ගැන විමසුවා. මේ ඇය ඒවාට දුන් පිළිතුරු.


විලාසිතාවලට මෙනුෂිගේ තියෙන කැමැත්ත කොහොමද?

විලාසිතාවලට මම ගොඩක් කැමතියි. එහෙම කියලා එන හැම විලාසිතාවක්ම කරන්නේ නැහැ. මට ගැළපෙනවා කියලා හිතෙන විලාසිතා මම කරනවා. ගොඩක්ම විලාසිතා විදිහට කරන්නේ ඉතින් ඇඳුම් පැළඳුම් තමයි.

මාසයකට ඇඳුම් කියක් විතර මිළඳි ගන්නවාද?

සාමාන්‍යයෙන් මාසයකට ඇඳුම් තුනක් හෝ හතරක් මිළඳි ගන්නවා. ඇඳුම් තුනක් හතරක් කියලා වෙනසක් නැහැ ලස්සන හිතට වැඳන ඇඳුමක් තිබ්බොත් මම ගන්නවා.

ගන්න ඇඳුමේ ආයු කාලය කොපමණද?

ලස්සන හිතට වඳින හා මට ගැළපෙනවා කියලා හිතෙන ඇඳුමක් මම ගොඩක් කල් අඳිනවා. මොකද, ඒ වගේ ඇඳුමක් මම හරි පරිස්සමින් පාවිච්චි කරන්නේ. කොහොමත් මම මිළඳි ගන්න ඇඳුමක් පුළුවන් කාලයක් මම අඳිනවා.

අඳින්න බැරි ඇඳුමක් තිබුණොත් කාට හරි දෙනවාද ඒවා?

මෙහෙමයි ඇත්තටම, ගොඩක් අසරණ වෙලා ඉන්න ළමයිට මම ගොඩක් ඇඳුම් අරන් දෙනවා. මට ඒක ලොකු සතුටක්. ගැණු ළමයි ඉතින් ගොඩක් කැමතියි නේ විලාසිතා කරන්න. හැබැයි මට අඳින්න බැහැ කියලා හිතෙන ඇඳුමක් මම කාටවත් දෙන්නේ නැහැ.

ඇඳුම් ගන්න විශේෂ තැන් තියෙනවාද?

නැහැ එහෙම විශේෂ තැන් නැහැ. මට ලස්සනයි කියලා හිතෙන ඇඳුමක් මම ඕනෑම තැනකින් මිළඳි ගන්නව. එකෙ හොඳ නමක් තියෙන කාඩයක්ද? එහෙමත් නැත්නම් ඒක පාරේ අයිනේ තියෙන අඳුම් කඩයක්ද කියලා විශේෂයක් නැහැ.

ඇඳුම් ගන්න යන්නේ වැඩිපුරම කාත් එක්කද?

ගොඩක් වෙලාවට මම තනියම තමයි ඇඳුම් ගන්න යන්නේ. නැත්නම් අම්මා එක්ක. යාළුවෝ එක්ක නම් ඇඳුම් ගන්න යන්නේ නැහැ. කලබලකාරි වුණාම හොඳම ඇඳුම සමහරක් වෙලාවට තෝර ගන්න බැරි වෙනවා.

විලාසිතා කරද්දි ඔබට යම් සීමාවක් තියෙනවාද?

ඔව්. මම සීමාවක් ඇතුලේ ඉඳලා තමයි විලාසිතා කරන්නේ. කලින් කිව්වා වගේ එන හැම විලාසිතාවක්ම මම භාරගෙන කරන්නේ නැහැ. ඇඳුම් විතරක් නෙමෙයි වෙනත් විලාසිතාවක් වුණත්.

බුද්ධික සේනාධීර
සාරවිට
gossip lanka