gossip lanka

පුද්ගලයින් දෙදෙනෙකු විසින්, කාන්තාවකට කළ අයුතු යෝජනාවක් නිසා සිද්ධ වෙච්ච දේ - ඇඳිරිය අස්සෙ මහඔය කැළඹූ ඝාතනයේ සුලමුල මෙන්න

මහඔය 69 හන්දිය ප්‍රදේශයේ ඇතිවූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තිබෙනවා.

ඊයේ (14) දින සවස 5.40 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳට එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අයුතු යෝජනාවක් කර ඇති අතර ඒ පිළිබඳ කාන්තාව විසින් තම ස්වාමි පුරුෂයාට දැනුම් දීමෙන් පසුව ඇතිවූ ආරවුලක් යාම නිසා මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

මරණයට පත්වූ තැනැත්තා වයස අවුරුදු 35ක් වූ මහඔය ප්‍රදේශයේ පදිංචි ඉහත කාන්තාවගේ ස්වාමි පුරුෂයා යි.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මහඔය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

gossip lanka