gossip lanka

"ඔබ කැවා වගේම අනිත් කෙනත් කෑවාද කියලා හොයලා බලන්න" - ලෝචනා ඉමාෂි

ටෙලි නාට්‍යය හා සිනමා නිළියක් ලෙස ප්‍රසිද්ධ ලෝචනා ඉමාෂිට බොහෝ දෙනෙක් ආදරය කරනවා. කටකාර දගකාර ඇය කොරෝනා තත්ත්වය නිසා පිඩා විදින ජනතාවට පුංචි පණිවිඩයක් මේ විදිහට ලබා දෙනවා.


"අපේ රටේ වගේම ලෝකයේ ජිවත් වෙන මිනිසුන්ගේ හෙට දවස තිරණය කරන්න බැරි මොහොතක තමයි අපි ඉන්නේ. මොකද, ‘කොරෝනා’ වෛරසය මුළු ලෝකයම ගිළගනිමින් ඉන්නේ. වෙනත් රටවල්වල ඉන්න මිනිස්සු අපි දැක්කා වෛරසය නිසා පිඩා විඳින අයුරු. ඔවුන් විඳි අත්දැකිම් දැන් අපිටත් ලැබිලා තියෙනවා. හැබැයි මට හිතෙන දේ නම් අපේම මිනිසුන්ගේ අනුවණ ක්‍රියාවන් නිසා තමයි අපිට මේ තත්ත්වය උදා වුණේ කියලා. මම හැම කෙනෙක්ගෙන්ම ඉල්ලා සිටින්නේ මේ තත්ත්වය තව තවත් වර්ධන කරන්න එපා කියන එක. ඔබට පුළුවන් ඔබට ආදරය කරන ඥාතින් සමිපතමයන් ඔබ දන්න ඔබ නොදන්න මේ හැම දෙනාවම බේරා ගන්න. ඒකට ඔබ ආරක්ෂාව ඔබ විසින්ම සළසා ගත යුතුයි කියලයි මම හිතන්නේ. ඔබ කැවා වගේම අනිත් කෙනත් කැවාද කියලා හොයලා බලන්න අවශ්‍යයි. ඒ නිසා ඔබ අනිත් අයත් ගැනත් මේ අවස්ථාවේදී හිතනවා නම් ගොඩක් වැදගත්..."

gossip lanka