gossip lanka

වැඩ තහනම් කළ පොලිස් නිළධාරීන් දෙදෙනා යළි සේවයේ පිහිටුවන්න - පොලිස් නිළධාරීන් වෙනුවෙන් සමාජ ජාලා ක්‍රියාකාරීන් පෙරට එයි - (photos)

ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මාර්ගයේ සැරිසැරූ පුද්ගලයින් සිව්දෙනෙකුට දඬුවම් කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පෙරේදා  (13) කටයුතු කර තිබුණා.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුල  මරදාන ඩාලි පාරේ ගමන් කළ අදාළ පුද්ගලයින්ට එම පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් දඬුවම් ලබා දී අවවාද කර තිබුණා.
ඒ අනුවයි කොළඹ නාගරික රථවාහන කොට්ඨාසයට අනුයුක්ත සේවය කරන මෙම නිලධාරීන් දෙදෙනාට  අණට අකීකරු වීම හා අපකීර්තිදායක හැසිරීම  යන චෝදනා එල්ල වී තිබුණේ.

කෙසේ නමුත් සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වමින් බොහෝ දෙනෙකු ප්‍රකාශ කර තිබුණේ එම පොලිස් නිළධාරීන් දෙදෙනා යළි සේවයේ පිහිටුවන ලෙසයි. රටතුල පවතින තත්වය හමුවේ පොලිස් නිළධාරීන් මේවන විට ඉතා විශාල කැපකිරීමක් සිදුකරමින් සිටින මොහොතක රටේම ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් එම පොලිස් නිළධාරීන් කටයුතු කළ බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

මේ අතර වැඩතහනම් කෙරුණු පොලිස් නිලධාරීන් දෙදෙනා යළි සේවයේ පිහිටුවා ඇත.
gossip lanka