gossip lanka

කොල්ලකරුවන් විසින් ධාවනය වන යතුරුපැදියට පයින් ගසා පෙරළා කාන්තාවකට කරපු අපරාධය

යතුරුපැදියේ යමින් සිටි පෞද්ගලික රක්ෂණ සමාගමක මූල්‍ය උපදේශිකාවකගේ ගෙල බැඳි පවුම් එක හමාරක රන්මාලය පෙරේදා (14 දා) ඇය යමින් සිටි යතුරුපැදිය පෙරළා දමා කඩාගෙන ගොස් ඇතැයි තලාව පොලිසිය පැවසීය.

මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ මිහින්තලේ කරුක්කන්කුලම ප‍්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය පෞද්ගලික රක්ෂණ සමාගමක මූල්‍ය උපදේශිකාවකි. ඇය තම මිතුරියක් මුණගැසීම සඳහා තලාව ප‍්‍රදේශයට ගොස් ආපසු යතුරුපැදියෙන් එන අතරතුර තලාව නගරයේදී පසුපසින් යතුරුපැදියක පැමිණි දෙදෙනකු ධාවනය වෙමින් තිබූ ඇගේ යතුරුපැදියට පා පහරක් එල්ල කර ඇත. එහිදී ඇය යතුරුපැදියත් සමග පෙරළී ගොස් ඇති අතර කොල්ලකරුවන් තුවාල වී සිටි ඇය වෙතට පැමිණ රන්මාලය කඩාගෙන පලාගොස් ඇත. පසුව ඇය තලාව රෝහලට ඇතුළත් කර ඇත. තලාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
gossip lanka