gossip lanka

උපාලි ෆියට් හදපු රටට පිටරටින් එවන බාල වාහන... පර්යේෂණ තත්ත්වයේ බාල ඉන්දියන් කාර් ලංකාවේ ගැනුම්කරුවන් හිඟමනට පත්කළ හැටි

2015 දී මහ බැංකුව විසින් කරන ලද හෙළිදරව්වකින් තහවුරු වූයේ ඒ වන විට ලංකාවේ තිබුණ මුළු වාහන ගණන ලක්‍ෂ 63 ක් බවය. නමුත් එයින් කියවෙන්නේ රටෙන් තුනෙන් එකක් වාහන භාවිත කරන බවට ඔබ වැරදියට වටහා ගත යුතු නැත. වාහන දෙක තුන පාවිච්චි කරන අය මෙන්ම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, හමුදා වැනි රාජ්‍ය අංශයේ වාහන මෙන්ම පෞද්ගලික ආයතන සතු වාහනත් මේ ලේඛනයට ඇතුළත් ය.


2014 දී වාහන ලියාපදිංචිය වැඩි වූයේ පුදුමාකාර ලෙස ය. මීට හේතු වූයේ ලෝක ආර්ථිකය හැල හැප්පීම්වලින් යුද වකවානුවක් බිහිවීම ලංකාවේ දේශීය ණය නිකුතුවේ පොලී අනුපාත අවම රික්තයට ඒම තෙල් මිල අඩු කිරීම ද මෙයට හේතු විය.

ලංකාවේ වාහන ගැන මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවකින් අරුම පුදුම කරුණක් තහවුරු වූයේ පසුගිය වසරේදී ය. එම ප‍්‍රකාශයට පදනම් වූයේ 2018 ජූලි මස 1 වැනිදා වන විට තත්ත්වයයි. එම වාර්තාව අනුව ලංකාවට අවශ්‍ය වාර්ෂික කාර් අවශ්‍යතාව 45,000 ක් පමණ වේ. ඒත් ඒ වන විට කාර් 2,34,000 ක් ලංකාවට ආනයනය කොට තිබිණි. ද්විත්ව කාර්ය වාහනවල ලංකාවේ වාර්ෂික ඉල්ලූම 4000 ක් වුවත් ඒ වන විට 24,276 ක් ආනයනය කොට තිබුණේ නැව් වලය. ඒ වන විට වාහන ආනයනකරුවන් ෆිනෑන්ස් කොම්පැණි, ත‍්‍රිරෝද රථ 1,68,415 ක් තම යාඞ්වල ගාල් කරන් තිබුණ ද ලංකාවේ වාර්ෂික ත‍්‍රිරෝද රථ අවශ්‍යතාව ඇස්තමේන්තු කොට තිබුණේ 20,000 ක් ලෙසය. මෝටර් සයිකල් නම් වාර්ෂිකව අවශ්‍ය ප‍්‍රමණයට වඩා හතර ගුණයක් වඩා ආනයනය කොට තිබුණි. ඒ අවස්ථාවේ මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව ප‍්‍රකාශයට පත් කරන ලද්දේ වසර 2023 වන තුරු ප‍්‍රමාණවත් තරම් වාහන මෙරට යාඞ් තුළ ගාල් කර තිබෙන බවය.

ලංකාවේ වාහන මාර්කට් එක පැහැදිලිව බෙදන තීරකය වන්නේ මිලදී ගන්නාගේ ආදායමයි. අඩු ආදායම්ලාභීන් හා රජයේ සේවකයන්ගේ ප‍්‍රියතම කාර් බවට පත් වී ඇත්තේ ඉන්දියන් කාර් ය. බ‍්‍රෑන්ඞ් නිව් ගණන් කිරීම, අමතර කොටස්වල මිල අඩුවීම හා ලංකාවේ මාර්ගවලට ඔරොත්තු දීම ද මීට හේතු වී තිබේ. ලංකාවේ ඉන්දියන් කුඩා කාර් ජනපි‍්‍රය වීමට පෙර ජපානයේ නිෂ්පාදිත ඩයිහට්සු බාරේයි, ටොයෝටා ස්ටාලට්, මිට්සුබිෂි කෝල්ම්, නිසාන් චාඞ් රථ පැවතියේ ජනපි‍්‍රය තත්ත්වයේ ය. ඒ අතර ජපානයේ නිෂ්පාදිත සුසුකි 800 කුඩා රථය ද විය.

අනූව දශකයේ දී කෙමෙන් ජපානයේ නිෂ්පාදිත වාහනවලට සමාන වාහන ඉන්දියාවේ නිෂ්පාදනයක් ලෙස ලංකා වෙළෙඳපොළ ආක‍්‍රමණය කරන්නට විය. අන්තිමට සියලූ ජපන්, ජර්මන්, ස්වීඩන්, ඉතාලි වාහන පරදා ලංකාවේ කුඩා කාර් අතර එම රටේ රජ කරන්නට විය.

මේ ලිපිය ලිවීමේ අරමුණ ඉන්දියන් වාහන වෙළෙඳපොළ හුවා දැක්වීම නොවේ. ඉන්දියාවෙන්  පසුගිය වසරවල ලංකාවට ආනයනය කළ ‘පර්යේෂණ තත්ත්වයේ’ වාහන නිසා මෙරට ජනතාව නන්නත්තාර වී හිඟමනට පත් වී ඇති ආකාරය පැහැදිලි කිරීමය. සමහර ජපන් වාහන පවා විකුණා මෙම ඉන්දියන් කුඩා කාර් ගත් අයට යන එනමං නැතිවී ඇත. ෆිනෑන්ස් කර හෝ තම සේවක අර්ථසාධකයෙන් මෙම ඉන්දියන් වාහන ගත් ගැනුම්කරුවන්ට යන එන මං නැත.

වෙළෙඳපොළේ මෙවන් ඉන්දියන් කුඩා කාර් තුනක්ම දක්නට ලැබුණත් එක් වර්ගයක් දැන් අලෙවිය නවතා ඇත්තේ එය මිලදී ගත් ගැනුම්කරුවන් හිඟමනට පත් වූ නිසා විය යුතුය. මේ ඉන්දියන් එක් කාර් වර්ගයක් තවමත් වෙළෙඳපොළේ අලෙවි වේ. මේ වාහනය ගැන මෙලෝ හසරක් නොදත් අහිංසකයෝ මේ ඉන්දියන් කාර් උගුලේ අසු වී මුළු ජීවිත කාලයම අසරණ වෙති.

ඕනෑම කාර් එකක ටයර් එක සවි කරන රිම් එකේ ඇණ 4 ක් තිබීම අත්‍යවශ්‍ය කරුණකි. ඒත් මේ ඉන්දියන් වාහනවල ඇත්තේ ඇණ 3 කි. එක ඇණයක් කැඩුනොත් රථයේ යන පිරිසට තවත් ඇණයක් මවා දෙන ලෙස කියා දෙවියන්ට ‘තුන්සරණ’ කියන්නට සිදු වේ. මේ කාර්වල ඇන්ජිමේ ඔයිල් රැුස්වන සම්ප් එක හදා ඇත්තේ ෆයිබර් වලිනි. ලංකාව වැනි ඝර්ම කලාපීය රටකට කිසිසේත් ගැළපෙන්නේ නැත. ලංකාවේ ඇති වළවල් සහිත පාරවල් මේ සම්ප් එක වැදීම නිසා එය පැලී ඇන්ජින් ඔයිල් ගලා යෑමට ඉඩ ඇත.

සති කිහිපයකට පෙර බොරැුල්ලේ සේනානායක හන්දියේ මෙවැනි රථයක් ගැටුණේ ත‍්‍රිරෝද රථයකය.

අනතුරින් ත‍්‍රිරෝද රථයට සිදු වූ හානිය කුඩා සීරිමක් පමණකි. අනතුරින් මේ ඉන්දියන් රථයේ ඉදිරිපස මුළුමනින් විනාශයට පත්විය. මේ ත‍්‍රිරෝද රථය සමඟ සුළු අනතුරින් ඇන්ජිම සහිත බාර් ඇදවීම නිසා රථයට දැඩි හානියක් සිදුවිය. මෑතකදී මේ ඉන්දියන් රථයක් ‘වයර්ෂෝට්’ වීම නිසා ගිනිගත් අතර අධිවේගී මාර්ගයේ පිවිසුම්වලදී මේ ඇතැම් රථවලට පිවිසීමට අවසර දෙන්නේ නැත.

මෙම පර්යේෂණ මට්ටමේ ඉන්දියන් කාර් එකක තහඩුව පරීක්‍ක්‍ෂා කළ මෝටර් රථ විශේෂඥයකුගේ මතය වූයේ ඒවා සඳහා යොදාගෙන ඇත්තේ උණුකරන ලද අබලි යකඩ බවය. මෙම රථයක් බස් රථයක් හෝ ටිපර් රථයක් සමඟ ගැටුණොත් මගීන්ට සිදුවන්නේ රථයත් සමගම පරලොව යෑමටය.

මෙතැනදී ප‍්‍රශ්නය වන්නේ ලංකාවේ වාහනයක් ආනයනයක් කිරිමේදී බලපැවැත්වෙන නීතිය කුමක්ද යන පැනයයි. මෙම වාහන තත්ත්ව පරීක්‍ෂා කොට සහතිකයක් නිකුත් කිරීමට ලංකාවේ පහසුකම් තිබේදැයි සැක සහිතයි. ඊටත් වඩා වාහන ආනයනය කරන මේ ඉන්දියන් කාර් මිලදී ගත් පුද්ගලයන් තම විරෝධ එල්ල කරත් දී කරන්නේ ඉතිරි වාහන කීපය අඩු මිලකට විකුණා දමා අතපිසදා ගැනීමය. දැනටමත් මේ වාහන සඳහා අමතර කොටස් වෙළෙඳපොළේ නැති නිසා ගනුදෙනුකරුවන්ට ඒවා ගෙන්වා දෙන තුරු තම වාහන නිවසේ තබා ටැක්සියක වැඩට යෑමට සිදුවී ඇත. මෙවැනි වාහන සංචාරකයන් ප‍්‍රවාහනයට යොදාගත් අය කබලෙන් ලිපට වැටී ඇත්තේ මේ රථයේ අනාරක්‍ෂිතබව දත් විදේශිකයන් මෙම රථයට නැඟීම ප‍්‍රතික්‍ෂෙප කිරීම නිසා ය.

මෙම වාහන ‘ෆුල් ඉන්ෂුවරන්ස්’ කර ඇති රක්‍ෂණ සමාගම් පත්ව ඇත්තේ දැඩි අර්බුදයකටය. අමතර කොටස් නොමැති වීම හා රථය බාල නිසා නිතර අනතුරු සිදුවීම නිසා ඇතැම් රක්‍ෂණ සමාගම් මේ ඉන්දියන් කාර් රක්‍ෂණය කිරීම පවා අත්හිටුවා ඇත. ඊටත් වඩා අසල්වැසි ඉන්දියාවේ නිපදවන මේ කාර්වල අමතර කොටස් මිල අධික වීම හතර බීරි කතාවක් නොවේද?

මේ ඉන්දියන් කාර්වල ඇති ප‍්‍රධාන දුර්වලතාවක් නම් වායු සමීකරණ ක‍්‍රියාත්මක කළ විට ඇතැම් විට බ්රේක් පැඩලය ගැලවීමය. රියැදුරාට බ්රේක් පැඩලය කිහිප විටක් තදින් පාගා එය සාමාන්‍ය තත්ත්වයට පත් කරන්නට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවේ. නිතරම ඇන්ජිම වෙව්ලීම නිසා එම කම්පනයෙන් ඇන්ජින් මවුන්ට් කැඞීම නිසා අලූත් එන්ජින් මවුන්ට් දැමීමට මුළු එන්ජිමේ වැඩට රථයේ අයිතිකරුට විශාල මුදලක් වැය වේ. ඊටත් වඩා මේ කාර් සඳහා ඇති ඔටෝමෝබයිල් වයරින් හා විදුලි උපාංග ඉතා බාල තත්ත්වයෙන් වන අතර හෙඞ් ලයිට් නිතර පිච්චී යෑම නිසා රාත‍්‍රියේ ගමන් බිමන් යෑම අනතුරුදායකය. එමෙන්ම ඉන්ධන මීටරය නිතරම ක‍්‍රියාවිරහිත වීම රියැදුරන්ට දැඩි වදයකි.

මේ ඉන්දියන් බාල කාර් ගත් බොහෝ දෙනකු පවසන්නේ තමන්ට මේ ගැන පැමිණිලි කිරීමට ඇති රාජ්‍ය ආයතනය සොයා දෙන ලෙසය. පාරිභෝගික අධිකාරිය පවසන්නේ මේ කාර් ගැන පැමිණිලි තම විෂය පථයට අදාළ නොවන බවය. වාහන නිෂ්පාදනයේදී සිදුවන Manufactures Falt (නිෂ්පාදිත දෝෂ) නමැති සිද්ධාන්ථයේදී අවර ගණයේ වාහනයක් වෙළෙඳපොළට නිකුත් වන්නේ සියයකට එකක් පමණකි. එහෙත් මේ පර්යේෂණ මට්ටමේ බාල ඉන්දියන් වාහන 100 ක් පිරික්සුවොත් යොදා ගැනීමට හැකිවන්නේ නියම ප‍්‍රමිතියේ හොඳ වාහන 1 කි. කෙසේ නමුත් මේ ඉන්දියන් බාල කාර් මිලදී ගත් පුද්ගලයන්ට සිදුවී ඇත්තේ ඉන්දියාවටත් පෙර කාර් හැදූ ලංකාවේ සිට ඉන්දියාවට සාප කිරීමට නොවේද?

ආචාර්ය ප‍්‍රදීප් පෙරේරා
gossip lanka