gossip lanka

ජීවිත අවදානම නොතකා කොරෝනා රෝගීන් බලා ගන්න දෙවිවරුන්ගේ අප නොදකින වේදනාව

කොරෝනා වෛරසය.. මේ ගැන නම් හැමෝම වගේ බොහෝ දේවල් දන්නවා. ඒක හැදෙන්නේ කොහොමද ? පරිස්සම් වෙන්නේ කොහොමද ? එකී මෙකී දේවල් ගොඩක් මේ වෙනකොට ඔබ මම දන්නවා.


හැබැයි මේ වෛරසය නිසා රෑ දවල් වෙහෙස නොබලා වැඩ කරන කට්ටියක් ගැනයි අපි මේ කියන්න හදන්නේ.

කතාවක් තියෙනවා නේ වෛද්‍යවරු හරියට දෙවිවරු වගේ කියලා. ඉතින් මේ වෙලාවෙත් වෛද්‍යවරු තමා පිහිටට ඉන්නේ.

වෛද්‍යවරු විතරක්ම නෙමේ සෞඛ්‍ය නිලධාරීන් බොහෝ දෙනෙක් හරියමන් නින්දක් නැතුව රෑ දවල් වෙහෙසිලා වැඩ කරනවා. ඒ කොරෝනා වෛරසයෙන් අපේ රට ආරක්ෂා කරගන්න.

මෙහෙම කැපවෙලා මහන්සි වෙලා වැඩ කරන එක සෞඛ්‍ය නිලධාරීනියක්  Facebook එකේ දාලා තිබුණ සටහනට වගේම ඡායාරූප කිහිපය දැක්කම අපි කාගේත් හිත් සංවේදී වෙන එක නොඅනුමානයි.

මේ තියෙන්නේ ඇය දැමු සටහන සහ ඡායාරූප කිහිපයයි..

ජාතික බෝවන රෝග විද්‍යායතනයෙ අපි ....

අපි ගෙවල් වල යන්නෙ නැතුව ඉස්පිරිතාලෙ නැවතිලා ඔබ වෙනුවෙන් වැඩ.

මුළු රෝහල් කාර්ය මණ්ඩලය ම කොරෝනා positive ලෙඩ්ඩු එක්ක.

වෛද්‍යවරුන් හෙද හෙදියන් සුළු සේවක මණ්ඩලය,විනාඩියක්වත් ඇඳන් ඉන්න අමාරු හඳේ යන්න වගේ ඇඳුමක් ඇඳගෙන පැය ගණන් තැම්බි තැම්බි දිවා රෑ නොබලා ලෙඩුන්ට සාත්තු කරනවා.

අනෙක් සේරම කාර්යමණ්ඩලත් තම තමන්ගේ සේවය උපරිමයෙන් ලබා දෙනවා .

අපිට වෙලාවට කන්න වෙලාවට නිදාගන්න නැහැ .ඒත් රෝගීන්ගේ සියලුම අවශතා අපි උපරිමයෙන් සපුරනවා.ඔවුන් ටික ටික හොඳ වෙද්දී අපිට බඩගින්න නිදි මත අමතක වෙනවා.

අපේ කාර්ය කාර්යමණ්ඩලය නෑදෑ හිතවතුන්ගෙන් යාළු මිත්‍රයන්ගෙන් මෙන්ම බෝඩිම් වලින් පවා ප්‍රතික්ෂේප වෙලා.

ඒ ගැන අපිට දුකක් නෑ හැමෝම තමන්ගෙ ජීවිතේට ආදරෙයි .

මේ සියල්ල අපි කරන්නේ කාර්ය මණ්ඩලයට රෝගීන්ට තියෙන අඩුපාඩු ගොඩක් මැද ...

හමුදාව ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය ලබාදෙන සේවයත් අති මහත්

අපි හැමෝම ජීවිත අවදානම නොතකා කොරෝනා රෝගීන් බලා ගන්නවා.පුළුවන් වෙන දවසක ගෙදර යනවා .

ඔබ කොහේ රටට ගිහින් ආවත් නිරෝධායන සඳහා ඉදිරිපත් වෙන්න. අපේ රටේ corona රෝගයේ පැතිරීම වළක්වන තියෙන එකම ක්‍රමය ඒක . කිසිම විටක ඔබ කොන් වෙන්නේ නෑ ඒ ගැන බය වෙන්න එපා.

මේ හැම කැප කිරීමක්ම අපි කරන්නෙ රට වෙනුවෙන් .ඔබ හැමෝම වෙනුවෙන් .සෙනඟ ගැවසෙන තැන්වලට නොයා ගෙදරට වෙලා ඉන්න .

අපේ මහන්සිය අපතේ යවන්න එපා.

gossip lanka