gossip lanka

"මට මගේ දරුවන්ව සිප ගැනීමට අවස්ථාව ලැබුණා.." - අන්තර්ජලය කළඹමින්, වීඩියෝවක් නිකුත් කළ Covid 19 ආසාදිත කාන්තාව, රෝහලෙන් පිටව ගිය හැටි මෙන්න - (Video & Photos)

සමාජ මාධ්‍ය කළඹමින්, විඩියෝවක් නිකුත් කළ කොවිඩ් 19 ආසාදිත වීම පිළිබදව වේදනාකාරි විඩියෝවක් පළ කළ කාන්තාව සුවය ලබා ඇයගේ නිවස වෙත පිටත්ව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ඇය ඉදිරි දිනයේදී නිවසේ සිට ස්වයං නිරෝධායනයක නිරත විය යුතු බවට වෛද්‍යවරුන් ඇයට උපදෙස් ලබාදී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා ස‍දහන් කළේ.
39 හැවිරිදි අදාළ කාන්තාව දෙදරු මවක් ද වනවා.

Tara Jane Langston නමැති ඇය නිවස වෙත පැමිණීමෙන් අනතුරුව ඇයට තම දියණියන් දෙදෙනා වැළඳගැනීමට හැකි වූ බවත් ඇය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

මෙය මෙවර මව්වරුන්ගේ දිනය වෙනුවෙන් ලද හොඳම තෑග්ග බවයි ඇය පවසන්නේ.

දරුවන් සහ සැමියාව නැවත දැකීමෙන් තමන් වඩාත් සතුටු වූ බව ද ඇය කියා සිටියා.

තමන් තවමත් සියයට සියයක් සුවය ලබා නොමැති බවත්, විඩියෝව පළ කළ අවස්ථාවේදී දැනුණ තත්ත්වයට වඩා දැන් සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව රෝහල් ගත වූ ඇය, තම අත්දැකීම් පවසමින් විඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණා.

එහිදී ඇය ප්‍රකාශ කළේ, "කවුරුහරි මෙම වෛරසය සැහැල්ලුවට ගන්න හිතනවානම් මම දිහා පොඩ්ඩක් බලන්න. මම ඉන්නේ දැඩි සත්කාර ඒකකයේ. මට මේ කෘත්‍රීම ආධාරක නැතිව හුස්ම ගන්න බැහැ. මට ඔබට පෙන්වන්න ඕන වුණේ මේ වෛසරය වැළඳීමෙන් පසුව තිබෙන කටුකත්වයයි. ඔබ දුම් බොනවානම් වහාම එය නවත්වන්න. එය ඔබේ පෙනහළු මරා දමනවා. ඔබ කිසිවෙකුටත් මෙම වෛරසයෙන් ගැළවී පැනයාමට අවස්ථාවක් නැහැ. සැලකිලිමත් නොවුණහොත් ඔබට නතර වන්නට සිදුවන්නේ මා මේ ඉන්න ස්ථානයේ..." යනුවෙන්.

එම වීඩියෝව අන්තර්ජාලය ඔස්සේ විශාල පිරිසක් නරඹා තිබුණා.

gossip lanka