gossip lanka

ඇඳන් නෑ, ඔක්සිජන් නෑ - ජීවත් වෙන්න රෝහලේ බිම වැටී හඬන ස්පාඤ්ඤයේ අහිංසක ජීවිත - (Photos)

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට මුළු මහත් ලෝකයම බියවී සිටින අතරවාරයේ ඉන් වැඩි වශයෙන් පීඩා විඳින යුරෝපා වැසියන් තවමත් වෛරසයෙන් බේරීම සඳහා විවිධ ක්‍රමවේද සොයමින් සිටිනවා.


ඒ අතර ඉතාලිය කෙරේ බොහෝ දෙනාගේ අවධානය යොමුවන අවස්ථාවේදී ස්පාඤ්ඤයේ මේ වනවිට වෛරසය හේතුවෙන් මියයන සංඛ්‍යාව ඉතාලිය ආසන්නයටම පැමිණ තිබෙනවා. පසුගිය පැය 24 තුල පමණක් එරට වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 462ක්. ඒ අනූව ස්පාඤ්ඤය තුල මියගිය කොරෝනා රෝගීන් ගණන 2182ක්.

මේ දකින්න ලැබෙන ඡායාරූප එරට මැඩ්රිඩ් නුවර රෝහලක වෛරසය හේතුවෙන් අධික ලෙස කසිමින් බිම වැතිර සිටිමින් සිටින ආකාරයයි. ඇතැම් රෝගීන්හට ඔක්සිජන් වායුවද ලබාදීමට රෝහල් අසමත් වීම පුදුමයට කාරණයක්. 

යුරෝපා රටක් වන ස්පාඤ්ඤයද මෙලෙස අසරණ වී සිතන මොහොතක ඇත්තටම අපේ රටේ රණවිරුවන් සහ සෞඛ්‍ය බලධාරීන් සිදුකරන කර්තව්‍යය අගය කිරීමටම අවශ්‍ය වනවා.
gossip lanka