gossip lanka

කොට්ට මෙට්ට නිරෝධායන මධ්‍යස්තානවලට දාලා අද අපේ හමුදාව බිම නිදියන්නේ.. බෝතලේ කපල කිරි දෙන හමුදාවක් නොවෙයි අපි..- හමුදාපති හැඬුම්බරව කියයි - (video)

නිරෝධායන සඳහා යොමු කර ඇති පුද්ගලයන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාව කුඩා ආර්ථිකයක් ඇති රටක් ලෙස උපරිම ලෙස කටයුතු කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.


ඔවුන් සඳහා කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි පවා ලබා දී ඇත්තේ යුද හමුදාව භාවිත කරන ඒවා බවත් ඒවා ලබා දී අද වන විට යුද හමුදාව බිම නිදාගන්නා බවද ඔහු පැවසීය.

නිරෝදායනයේ යොදවා සිටි එක් පුද්ගලයෙක් සමාජජාල වෙත එක් කර තිබූ ඡායාරූපයක් ගැන අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ යුද හමුදාව කිසිසේත්ම බෝතල් කපා කිරි ලබාදෙන ජාතියේ යුද හමුදාවක් නොවන බවයි.

ශ්‍රී ලංකා යුද හමුදාවට ගස්-ගල් මුල නිදාගෙන පුරුදු බවත් මෙවන් කැපකිරීමක් කළ නිසා අද රටම ජාතියම කොට්ට මෙට්ට ඔලුවට තබාගෙන නිදා ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

එම අදහස් දක්වද්දී හමුදාපතිවරයාට එක් අවස්ථාවක හැඬුම්බර වනු දක්නට ලැබිණි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ දෙරණ රූපවාහිනියේ පැවති ‘අලුත් පාර්ලිමේන්තුව’ වැඩසටහනට එක්වෙමිනි.
gossip lanka