gossip lanka

හිරේ ඇතුලට ෆෝන් එකක් ගේන්න රු.13,000ක් ජේලර්ට දෙන්න ඕන - හිරේ සිටියදී ෆෝන් එකෙන් බිරිඳට කතා කරපු හැටි තෙවරප්පෙරුම කියයි

පසුගියදා රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම තමන් සිර ගෙදර සිටියදී දුරකථනය භාවිතා කල ආකාරය පිලිබඳ විස්තර කළා.

එහිදී සිර ගෙදරට සිය මිතුරෙකුගේ මාර්ගයෙන් දුරකථනයක් ගෙන්වාගත් බව පැවසූ ඔහු ජේලර්වරයෙකුගේ සහාය ලබා නොගත් බවත් විස්තර කළා. 


එසේ දුරකථනයෙන් එවකට මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකල ආකාරය සම්බන්ධව ඔහු අදහස් ප්‍රකශ කළා. මේ අතර ඉදිරි මැතිවරණයේදීත් අලියා ලකුණෙන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන්ම කැප වන බවයි තෙවරප්පෙරුම මහතා පවසා සිටියේ. මේ අතර කිසිඳු කරුණක් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය පාවා නොදෙන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
gossip lanka