gossip lanka

"කාට ළංවෙයිද කාගේ ආදරය හිමිවෙයිද කියලා දැම්ම කියන්න බැහැ. පාසල් යන කාලේ නොතේරෙනකමට ආදරය කළා" - කාවින්ද්‍යා සහ දෙව්නක ආදරය ගැන කියපු රහස්

සෑම සතියේ දිනකම 8.30ට හිරු ටී.වි ඔස්සේ විකාශය වන ''අහස් මාලිගා" කියන ටෙලි නාට්‍ය තුළින් ඔබ හමුවන තේජාන් සහ අහිංසා යන චරිත නිරූපණය කරන කාවින්ද්‍යා සහ දෙව්නක සති අන්ත පුවත් පතකට ඔවුන්ගේ ආදර රහස් මේ විදිහට කියලා තිබුණා....


මේ දෙන්නා හොඳම යහළුවෝ. හරියටම කිව්වොත් දෙන්නට දෙන්න නැතිවම බැරි දෙන්නෙක්. හරියටම කිව්වොත් ගහට – පොත්ත වගේ. ඒ බැඳීම මොනවගේ බැඳීමක්ද කියලා තවම අපට කියන්නට බැහැ. ඉතින් මේ බැඳීමට මොනවා වෙයි ද..?

දෙව්නක කොහොමද ජීවිතේ..?

කලා කටයුතු එක්ක තමයි මේ දවස්වල ජීවිතය ගෙවෙන්නේ.

සිහින ගොඩාක් එක්ක නේද දෙව්නකගේ ජීවිතය ගෙවෙන්නේ..?

ඇත්තටම ඔව්. උදාවන හැම තත්පරයක් පාසා අරමුණ එක්ක තමයි මගේ ජීවිතය ගතකරන්නේ.

දෙව්නකට මේ දවස්වල පාරේ බැහැලා යන්න බැරි තරමට ගැහැනු ළමයින් බැල්ම දානවා නේද..?

ඔවුන් ඒ ආදරය කරන්නේ දෙව්නකට නෙවේ. ‘තේජාන්ට’ කියලා මම දන්නවා.

ඒ නිසාමද ඔබ එළියට බහින විට වෙස්වළාගෙන යන්නේ..?

මම එහෙම විශේෂ වෙස්වළා ගැනීමක් කරන්නේ නැහැ. අඳුරගන්න බැරි විදියට විලාසිතාවක් කරනවා.

මේ තරම් ආදරය කරන ප්‍රේක්‍ෂක පිරිසකට ඔබ එහෙම කරන එක අසාධාරණයි නේද..?

මම ලේසියෙන් එහෙම ගෙදරින් එළියට බහින්නේ නැහැ. ඒ මගේ හැටි. අනෙක මගේ පෞද්ගලික ජීවිතයට නිදහස අවශ්‍යයි. එයට කරදරයක් වෙනවාට මම කැමැති නැහැ. කලාවයි, මගේ පෞද්ගලික ජීවිතයයි දෙක පටලගෙන කටයුතු කරන්න මම කැමැති නැහැ.

දෙව්නක සහ තේජාත් අතර තිබෙන වෙනස කොයි වගේද..?

හැම පැත්තකින්ම සමානයි. කිසිම වෙනසක් නැහැ. හැබැයි තේජාන් ටිකක් දඩබ්බර වලි පැත්තට බර කෙනෙක්. දෙව්නක කියන්නේ සැහැල්ලුවෙන් හිතන සරලව ජීවත් වීමට උත්සාහ කරන කෙනෙක්.

අහස් මාලිගා තුළ මේ දවස්වල අපි දකින්නේ තුන්කොන් ආදර කතාවක්. එවැනි ආදර අත්දැකීමක් දෙව්නකටත් තිබුණලු නේද..?

ඔව්. යම්කිසි කාල වකවානුවක එවැනි ආදර කතාවක මමත් අතරමංවෙලා හිටියා. යම්කිසි අවස්ථාවල මම ඒ ආදරය සැක කරපු අවස්ථා තිබුණා. මම එහෙම කරපු එක වැරැදියි කියලා මට පසුකාලීනව තේරුණා. ඇය කවදාවත් මට බොරු කළේ නැහැ කියලා දන්නවා.

අවිශ්වාසයත් එක්ක හැම දේම නැතිව ගියා. ආදරය පරාජය වුණේ නැහැ කාලයට පරාද වුණා ආදරය.

ඒ ආදරයත් එක්කද තවමත් ජීවත් වෙන්නේ..?

දැන්නම් මම ආදරය කරන්නේ නැහැ. මම තනිකඩ කොල්ලෙක්. ජීවත් වීමට ආදරය අවශ්‍යයි. ඒත් මේ කාල වකවානුව තුළ ආදර කතාවකට බැඳිලා ඉන්න මම කැමැති නැහැ.

කාලෙකට පස්සේ දෙව්නකට නැවැත චිත්‍රපටයකට ආරාධනා ලැබුණා නේද..?

මගේ හිතවත් මිතුරෙක්ගේ චිත්‍රපටයකට ආරාධනාවක් ලැබුණා. ආකාශ තාරුක පෙරේරා තමයි තිර රචනය ලියන්නේ. එහි වැඩකටයුතු ළඟදීම පටන් ගන්නවා.

මේ අතර අහස් මාලිගා ටෙලි නාට්‍යයේ අහිංසා තමන්ගේ ආදරය ගැන කිව්වේ මේ විදිහට...........

කාවින්ද්‍යා මේ දවස්වල පාසල් ඇඳුමින් සැරැසිලා නැවැත පාසල් යනවා වගේ..?

‘අහස් මාලිගා’ ටෙලිනාට්‍ය වෙනුවෙන් මට නැවැත පාසල් යන්න සිද්ධ වුණා. ඒ වෙනුවෙන් මම ආශාවෙන් පාසල් යනවා. සමකාලීනව මම සමඟ තවත් තරුණ පිරිසක් එකතු වුණු නිසා මේ පාසල් ජීවිතයත් එදා මෙන්ම මට දැනුණා.

අවුරුදු කුමරිය හරහා නේද කාවින්ද්‍යා තාරකාවියක් වුණේ..?

අවුරුදු කුමරියක් ලෙසට මම සම්බන්ධ වුණාට ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට පිවිසෙන්න ලැබෙයි කියලා මම හිතුවේ නැහැ.

මේ ආපු ගමන වැරැදුණේ නැහැ නේද..?

එහෙම කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. හරිම සුන්දර ගමනක් විදියට තමයි මම හිතන්නේ. මුලදි මුලදී මම කැමරාවට මුහුණ දුන්නේ බයෙන්, නුහුරු ගතිය නිසා. බිමල් ජයකොඩි, නෙතලි නානායක්කාර සමඟ තමයි මුල්වරට රඟපෑවේ. එයාලා මට ගොඩාක් ආදරයෙන් උදවු කළා.

අහිංසාට පෙම්වතුන් දෙන්නෙක් ඉන්නවා නේද..?

තවම අපි පෙම්වතුන් වෙලා නැහැ. තේජාන් සංදේශ් මගේ හොඳ මිතුරෝ පමණයි. තේජාන්ව තමයි මම ගොඩාක් ළඟින් ආශ්‍රය කරන්නේ. නමුත් ඉදිරියේදී සංදේශ්ට ගොඩාක් ළංවෙයි. කාට ළංවෙයිද කාගේ ආදරය හිමිවෙයිද කියලා දැම්ම කියන්න බැහැ.

අහිංසාගේ ආදර කතාව අහස් මාලිගා තුළ මවන කොට කාවින්ද්‍යාගේ පාසල් ආදර ප්‍රේම කතාවට මොකද වුණේ..?

මම පාසල් යන කාලේ නොතේරෙන කමට ආදරය කළා. ඒ ආදර කතාව දුරදිග ගියේ නැහැ. ඒ වයසට කවුරුත් ආදරය කරනවානේ. ඒ ආදරය පාසල් නිමවීමත් එක්කම අවසන් වුණා.

දිගටම කලා ක්‍ෂේත්‍රයේ රැඳෙන්න ද බලාපොරොත්තුව..?

උසස් අධ්‍යාපන කටයුතු කරමින් ඉන්නේ. ඔය අතරතුර තමයි නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ. මුදල් උපයන්න හිතාගෙන මම රඟපානවා නෙවේ. විනෝදාංශයක් විදියටයි මම දැනට රඟපාන්නේ.

වසන්ත විතාරණගේ
gossip lanka