gossip lanka

කොරෝනා රෝගීන් 134 දෙනෙකු බේරාගත්ත ඉතාලි වෛද්‍යවරුන් දෙදෙනාගේ ආදර ඡායාරූපයේ පැටිකිරිය මෙන්න

මේ මොහොත වන විටත්, සමාජ මාධ්‍ය පරිශිලකයින් බොහෝ පිරිසක් මෙම ඡායාරූපය මුහුණු පොතේ හුවමාරු කරගනිමින් සිටිනවා. ඔබත් මෙය දකින්න ඇති.

එම ඡායාරූප සටහන් මඟින් දැක්වෙන්නේ මෙම යුවළ ඉතාලියේ වෛද්‍ය යුවළක් බවත්, 134කට වැඩි කොරෝනා රෝගීන් පිරිසකට ප්‍රතිකාර කළ ඔවුන් දෙදෙනා එම වෛරසයටම බිලි වී මිය ගිය බවයි.


මෙම පුවත විදෙස් මාධ්‍ය තුළ මෙන්ම, ලංකාවේ බොහෝ ෆේස්බුක් පිටු ඔස්සේත් පළකර තිබුණා.

පහතින් දැක්වෙන්නේ එවන් සටහනක්...

"මෙම ඉතාලි වෛද්‍යවරුන් දෙදෙනා ස්වාමිපුරුෂයා සහ භාර්යාව වේ. ඔවුන් දෙදෙනාම ඉතාමත් කැපවීමෙන් කොරෝනා රෝගය වැලදුන රෝගීන් බේරා ගැනීම සඳහා දිවා රෑ වෙහෙස මහන්සි වී වැඩ කලා. ඔවුන් දෙදෙනා රෝගීන් 134 දෙනෙකු බේරා ගැනීමට සමත් වුණා. නමුත් මේ මස 8 වන දින ඔවුන් දෙදෙනාද කොරෝනා රෝගයට ගොදුරු විය. ඔවුන් දෙදෙනාද රෝහල් ගත කලහ.ඔවුන්ගේ තත්වය එන්න එන්නම දරුණු වුණා. පසුව ඔවුන් දෙදෙනා අනිතිම වතාවට මුණගැසීමට තීරණය කලා.දෙදෙනාටම කොරෝනා රෝගය වැලදි ඇති නිසා රෝහල් සේවක මණ්ඩලයද ඔවුන්ගේ අන්තිම කැමැත්ත වෙනුවෙන් ඉඩ ලබා දුන්න. ඔවුන් දෙදෙනා රෝහලේ විවේකාගාරයේ සිටගෙන අන්තිම වතාවට එකිනෙකා හමු වුණේ මරණය ඔව්න්ගේ දෑස් වලින්ම එකිනෙකා දකිමින්ය. ඊළඟ පැය කිහිපයේදි ඔවුන් දෙදෙනාම මිය ගියා. ඒ ආදර කතාවද කොරෝනා හේතුවෙන් මේ මිහිතලයෙන් සමු ගත්තා.."

කෙසේ වෙතත් India Today මාධ්‍යය මෙය ව්‍යාජ පුවතක් බව සඳහන් කර තිබෙනවා.

එම ඡායාරූපය ස්පාඤ්ඤයේ බාසිලෝනා ගුවන් තොටුපළේදී මිසක් ඉතාලියේ ගත් එකක් නොවන බවයි එම පුවතින් සඳහන් වන්නේ. ඒ අනුව මේ හා සම්බන්ධ වෛරස් කතාවද ව්‍යාජ පුවතක් වනවා.

කෙසේ වෙතත් මෙහි ඡායාරූප ශිල්පියා සිය ඉන්ස්ටර්ග්රෑම් හරහා ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, "මෙය ව්‍යාජ පුවතක්" බවයි.

මෙම ඡායාරූපය මොරෙනැටි නම් එම ඡායාරූප ශිල්පියා විසින් ඡායාරූපගත කර ට්විටර් හි පළ කළ ඡායාරූපයක් බවද එහි වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම මෙම යුවළගේ නමක් හෝ වෙන යම් තොරතුරක් මෙම ව්‍යාජ පුවත් මවන්නන් සොයා ගැනීමට අපොහොසත්ව ඇති අතර ඉතාලි මාධ්‍ය වාර්තා තුළද මෙවැනි පුවතක් සඳහන්ව නැති බව ඉන්දියා ටුඩේ වැඩිදුරටත් පවසනවා.
gossip lanka