gossip lanka

බදුල්ලෙන් හමුවූ කොරෝනා රෝගියා සේවය කලේ හෝටලයක - මුළු හෝටලයම නිරෝධායනය කරයි

කොරෝනා වෛරසය ආසාදිතවී ඇති බවට තහවුරු වු බංඩාරවෙල ප්‍රදේශයේ පදංචි තරුණයෙක් සේවය කල හෝටලයේ සියලුම දෙනා නිරෝධානයට යොමු  කිරිමට අවශ්‍ය කටයුතු සිදුකල බව බංඩාරවෙල මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරිවරයා පවසනවා.


පසුගිය දිනක දිවයිනේ ප්‍රථමයෙන් හමුවු කොරෝනා ආසාදිත සංචාරක මග පෙන්වන්නා මෙම හොටලයේ නැවති සිට ඇති බවත් ඔහුගෙන් මෙම පුද්ගලයා හට වෛරසය ආසාදනයවන්නට ඇති බවට සැක කරන බව ඔහු පවසනවා.

හෝටලයේ සේවය කල සියලුම දෙනා ඔවුන්ගේ නිවාස තුල හා හෝටලය තුලදි මෙලෙස නිරෝධානයට ලක් කරන බව සඳහන්.

බදුල්ල නිශාන්ත අබෙිගුණවර්ධන
gossip lanka