gossip lanka

හැරිට සහ මේගන්ට සමුදීමට නොහැකිව සේවකයින් කදුළු සලයි

හැරි කුමරු සහ මේගන් මර්කල් කුමරිය සිය සේවකයින් වෙත සමුගැනීමේ සාදයක් සංවිධාන කර තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ද ගොරින්ග් හෝටලයේ මෙම සාදය සංවිධාන කර තිබු අතර එහිදී බොහෝ සේවකයින් කදුළු සලා හැඬු බව සදහන්.



හැරි සහ මේගන් රජ මාලිගයෙන් පිටත්වූ පසුව ඔවුන්ගේ කාර්යාලය වසා දැමෙනු ඇති.

ඒ අනුව මෙම සේවකයින්ට සිය රැකියාව අහිමි වන බවයි වාර්තා වන්නේ.

ඉන් සීමිත පිරිසකට රාජ මාලිගාවේ සේවය සදහා පිටත්ව යන බව ද සදහන්.

අදාළ සාදයේදී රාජකීය යුවල සිය සේවකයින් සමග ඉතා මිත්‍රශීලිව කටයුතු කර ඇති බවයි මාලිගයේ ආරංචි මාර්ග කියා සිටියේ.

මාලිගයේ ගත කරන අවසන් සති කිහිපයේ සිය කටයුතු නිසි ලෙස ඉටු කරනු ලබන සේවකයින් හට ස්තූතිය පුද කිරීම සදහා මෙම සාදය සංවිධාන කර තිබුණා.

එදින සාදයට මේගන් පවුන්ඩ් 615ක වටිනාකමකින් යුතු ඔටු සමකින් කළ කබායක් ඇද සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇය ලැගුම් ගෙන සිටි කාමරයට රාත්‍රී කාලය සදහා පමණක් පවුන්ඩ් 8,400 ක් ගෙවා ඇති බව ද සදහන්.

හැරි සහ මේගන් පසුගිය ජනවාරි මාසයේදී රාජකීයත්වයෙන් ඉවත් වන බව මාධ්‍ය වෙත කියා සිටියා.

ඒ අනුව ඔවුන් අප්‍රේල් පළමුවනදා සිය මාලිගයෙන් පිටත් වන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කළේ.
gossip lanka