gossip lanka

මනුස්සකම නොදන්න ලංකාවේ සංචාරක නිකේතනයකින් එළියට දාපු සුද්දයි සුද්දියි කැලයක් මැද අසරණ වෙයි - (photos)

මේ කතාව පහුගිය දවසක කොරෝනා ව්‍යවසනය අතරේම අහන්න ලැබුණු හිත් ටිකක් සංවේදී කරවන විදිහේ කතාවක්. මේ සිද්ධිය සිදුවෙලා තියෙන්නේ ඇල්ල සංචාරක පුරවරය පැත්තේ. ආරංචියේ හැටියට මේ වෙද්දී එහේ ඉන්නවා අතරමං වෙලා ඉන්න සංචාරක යුවළක්.

මේ තරම් තාක්ෂණය දියුණු කාලයක එවැනි ජනාකීර්ණ නගරයක කෙනෙක් අතරමං වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් ඔබට එයි. ඇත්තටම මෙතන සිද්ධ වෙලා තියෙන්නේ ඔබ නොහිතනේ විදිහේ එක් සංවේදී කතාවක්.


මේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් එක්ක ඔවුන් රැඳී සිටි සංචාරක ආයතනය ඔවුන්ව අතහැරලා තියනවා. මේ වෙද්දී බොහොම අසරණ වෙලා ඉන්න ඔවුන් දෙපළට ආහාර පිස ගැනීමට උපකරණ කිහිපයක් ලැබුනත් මුදල් හා ආහාර ද්‍රව්‍ය හිඟකමින් ඔවුන් පීඩාවට පත්වෙලා ඉන්නවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

හැබැයි ඕනම කෙනෙක්ගේ දුකකදී හිත උණුවෙන මනුස්සකම් දන්න අපේ මිනිස්සු දැනටමත් මේ ගැන වගකිවයුතු ආයතන දැනුවත් කරලා තියනවා කියලයි ආරංචිය. ඒ නිසාම ඔවුන්ට ඉදිරියේදී සහනයක් සැලසේවි කියලා අපි හිතනවා.

හැබැයි මේ වගේ අසරණ වුන අය ගැන දැනගත්තොත් අනිවාර්යෙන්ම අදාළ ආයතන දැනුවත් කරන්න දෙපාරක් හිතන්න එපා. මේ වෙලාවේ අපේ ලොකුම හයිය අපේ මනුස්සකම. අනෙක් අයත් අපි වගේම දුක, පීඩාව, අසරණකම දැනෙන මිනිස්සු කියන එක මොන වෙලාවකදිවත් අමතක කරන්න එපා. මොකද මේක අපි හැමෝම යන්න ආපු ගමනක් මිසක් නතර වෙන්න ආපු තැනක් නෙමෙයි.  
gossip lanka