gossip lanka

දුරකථන තිරයේ සතියක් රැඳෙන කොරෝනා වෛරසයෙන් ගැලවෙන්නේ මෙහෙමයි

පසුගිය දෙසැම්බරයේ චීනයෙන් ආරම්භ වූ කොවිඩ්- 19 වෛරසය මේ වනවිටත් යුරෝපය, ආසියාව ඇතුලු කලාප කීපයක රටවල් බොහොමයක් පුරා පැතිර යමින් තිබෙනවා.

වෛරසය වැළඳීම වලක්වා ගන්නට මුඛ ආවරණ භාවිතා කරන ලෙසත්, නිතර දෑත් පිරිසිදුව තබා ගනිමින් මුහුණ ස්පර්ශ කිරීමෙන් වලකින ලෙසටත් බොහෝ විට උපදෙස් ලැබෙනවා.
මීට අමතරව  අප නිතර භාවිතා කරන ස්මාර්ට් දුරකථන තිරය මත කොරෝනා වෛරස්  රෝගකාරකයට දින හතක් පමණ සජීවීව රැඳී සිටීනට හැකි බව පර්‍යෙෂකයන් පිරිසක් සොයාගෙන තිබෙනවා.

එබැවින් තමගේ දුරකතන දිනකට දෙවරක්වත් ඇල්කොහොල් සාන්ද්‍රණයකින් පිස දැමිය යුතුබව අවධාරණය කරනවා.

එක්තරා නිරීක්ෂණයකට අනුව පුද්ගලයෙක් දිනකට සාමාන්‍යයෙන් දිනකට තම දුරකතනය 2600 වතාවක් අතට ගන්නා අතර 76 වතාවක් පමණ එය භාවිතා කරනවා.

මේ සම්බන්ධයෙන් පර්‍යේෂණ සිදු කරන  වෝටර්ලු විශ්වවිද්‍යාලයේ මහාචාර්‍යවරයකු වන පීටර් හෝල් පවසන්නේ දහවල් ආහාරය සහ රාත්‍රී ආහාර ගැනීමට පෙර තම දුරකතන පිරිසිදු කරන ලෙසයි.

දුරකතන තිරය මයික්‍රො ෆයිබර් රෙදි කැබැල්ලකින් හෝ සබන් මුසු ජලයෙන් සෝදන ලෙස ඇපල් ආයතනය නිර්දේශ කළත් ඇල්කොහොල් පිසිනයන් වඩාත්ම ඵලදායී බව සෞඛ්‍ය විශේෂඥයින්ගේ මතයයි.

 කෙසේ වෙතත් මිනිසුන් හරහා වෛරසය බෝවීමට ඇති ඉඩකඩට සාපේක්ෂව දුරකතනය මගින් වැළඳීමට ඇති ඉඩකඩ අවම බවයි.

එක්තරා මත විමසීමකට අනුව හෙළි වී ඇත්තේ  බ්‍රිතාන්‍ය වැසියන් 54%ක් වෛරසය වළක්වා ගැනීම සඳහා කිසිඳු අමතර පියවරක් අනුගමනය නොකරන බවයි.

චීනය හැරුණු විට ඉතාලිය, දකුණු කොරියාව ඇතුළු රටවල් ගණනාවකට දැඩි බලපෑමක් එල්ල කරමින් පැතිර යන කොරෝනා වෛරසය පුද්ගලයන් 90 000ක ආසන්න ප්‍රමාණයකට වැළඳී ඇතැයි ගණන් බලා තිබෙන අතර මේ වන විට පුද්ගලයන් 3000 පමණ මරණයට පත් වී තිබෙනවා.
gossip lanka