gossip lanka

අපේ පුංචි රට කොරෝනාවෙන් බේරා ගනිමු

ලෝකයේ බලවත් දියුණු රටවල් වල මිනිස්සු දහස් ගණන් මේ විදිහට එක රොත්තට මැරෙද්දි මට මගේ රට ගැන විශාල බියක් සහ දුකක් දැනෙනවා.

මොකද අපි ආර්ථිකය අතින් සහ සම්පත් අතින් දුර්වල රටක්. එත් අපි මනුස්සකමින් සහ අනිත් රටවල් පරයා යන ආශීර්වාදයකින් හෙබි රටක්.

මුළු ලෝකයම අද බලන් ඉන්නේ ලංකාව මේ ව්‍යසනයෙන් බේරෙන හැටි. මොකද වෙනත් රටවල රෝගීන් සංඛාව වර්ධනයත් එක්ක බලද්දී අපි ඉන්නේ ඉතාමත් ලොකු අවධානමක. එත් ඒක කීයෙන් කී දෙනාද තේරුම් අරගෙන ඉන්නේ . අපේ මිනිස්සු ලංකාවට වඩා සැපෙන් ඉන්න පුළුවන් කියල විශ්වාස කරපු එංගලන්තය ,ඉතාලිය වැනි රටවල්වලම අද මිහිදන් වෙන්න වෙලා . අපි එකම ජාතියක් එකම දැයක් වගේ නැගිටින්න කාලය උදා වී ඇත. මේ ලිපිය කියවන ඔබට මට ශ්‍රී ලංකාවම ආරක්ෂා කරන්න බැරි බව ඇත්ත. එත් අපිට අපේ ගම ආරක්ෂා කර ගන්න පුළුවන්. මේ ලිපිය කියවන ඔබ නගරෙක පදිංචි නම් ඔබ අවට තිබෙන ගෙවල් කීපය ගැන අවධානයෙන් ඉන්න පුළුවන් . ඒ හැම ගෙදරකටම එන්නේ කවුද රට ඉදන් ආව කෙනෙක් ඉන්නවද මේ දේවල් ගැන අවධානයෙන් ඉදල ඔබට අයිති පොලිසියට දන්වන්න . අද මේ වසා දමල තියෙන හැම ගමකම මිනිස්සු මේ යුතුකම ඉටු කලානම් මේ විදිහේ අනතුරකට අපිට මුහුණ දීමට සිදුවන්නේ නැහැ. මොකද ඒ හැම රෝගියෙක් දිහාම බැලුවම පොදු ලක්ෂණ ගොඩාක් තියෙනවා. ඒ විදෙස් රටක සිට පැමිණීම , විදෙස් රටක සිට ආව අයෙකු ඇසුරු කිරීම. කිසිම හිතවතෙක් නෑදෑයෙක් අසල්වැසියෙකු නිවසට ඇතුළු කර ගන්න එපා. මිනිස්සු එක පොදියට කෑම බීම වලට පොර කනව. මේ වෙලාවේ වැදගත්ම දේ කෑම බිම නෙමෙයි .මොකද ජිවිතයක් නැති වුනාට පස්සේ එකතු කරගත්ත කෑම බීම උයල දානයක්වත් දැන් දෙන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ . හැමෝම පරිස්සන් වෙමු .පරිස්සන් නොවන අය නීතියට හසු කරලා දෙමු .මොකද හදන්න බැරි මිනිස්සු කෝවක දාල මකලගත්තත් වෙනස් වෙන්නේ නෑ . හැබැයි ඒ මිනිස්සු නිසා අපේ ජිවිත අපේ රට මේ වසංගතයට බිලි දෙන්න බැ. අපි අපිව ආරක්ෂාකර ගමු . අතින් අල්ලන හැම දෙයක් ගැනම සැලකිලිමත් වෙමු.

ප්‍රධානම දේ කෑම බිම්වලට පොරකන එක, ඒවා එකතු කරන එක නෙමෙයි. පවුලක් විදිහට එකමුතුව මේකට මුහුණ දෙන එකයි . අපේ ගම අපේ වට පිටාව ගැන අවධානයෙන් ඉමු.සැක සහිත සෑම පුද්ගලයකු ගැනම ආරක්ෂක අංශවලට දැනුම් දෙමු. මේ ඇදිරි නිතිය පනවල තිබීමේ සෑබැ අරමුණ තේරුම් ගමු . අපේ මිනිස්සු හෙල්මන්ඩ් දාන්නේ පොලිසියට බයේ මිසක් රිය අනතුරුවලට බයේ නෙවෙයි නමුත් ඒ සෙල්ලම මේ වසංගතය එක්ක හරි යන්නේ නෑ. මොකද මේ වසංගතය යක්ෂයෙක් .මුළු ලෝකයම මනුෂ්‍ය වර්ගයම විනාශ කරන්න ආව බලගතු බලවේගයක් . මේකට අපි බය විය යුතුයි .නමුත් බිය වීම නොව අප කල යුත්තේ මේ වසංගතය පැතිරීම පාලනයයි. රජය ලබා දී ඇති උපදෙස් නිසි පරිදිම පිලිපදිනවානම් අපට මේ ව්‍යසනයෙන් බේරී මේ යක්ෂයා මරා දැමීමට හැකිය . නිවසින් පිටව යාමට සිදු වූ සෑම විටකම තමා ලග සිටින සෑම පුද්ගලයෙක් දෙසම සැකෙන් බලන්න ඔහුගෙන් ඉවත්ව හුදකලා වන්න. අපට මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් මේ අවස්ථාවේ දි කළ හැකි උපරිමය එපමණයි .

ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවට , පොලිසියට , සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටම මේ උවදුරින් රට බේරා ගැනීමට අපගේ උපරිම දායකත්වය ලබා දෙමු . ඔවුන් දිවා රෑ වෙහෙසෙන්නේ අප වෙනුවෙනුයි . මේ වසංගතයෙන් අපි වෙනුවෙන් දිවි පරදුවට තැබූ ඔවුන්ට කිසිදු අනතුරක් නොවේවායි ආශීර්වාද කරමු .

සමාජ ජාල පටු දේශපාලන අරමුණුවලට හෝ , විහිළු සදහා භාවිතා නොකොට මනුෂ්‍යත්වය වෙනුවෙන් භාවිතා කිරීමට කාලය එළඹ ඇත. අවශ්‍යතාවය තේරුම් ගෙන ඒ වෙනුවෙන් කැපවී අපි අපේ රට අපේ මිනිස්සු
අපේ පවුල බේරා ගනිමු.
gossip lanka