gossip lanka

මනුස්සකමෙන් කොරෝනා පරද්දන පෝසත් මනුස්සයෙක් ලක්ෂ 15ක් වියදම් කරලා දුප්පත් අයට කරපු උදව්ව - (Photos)

කොරෝනා වසංගතය වේගයෙන් පැතිර යන එක වළක්වන්න හදිසියේම දාපු පොලිස් ඇඳිරි නීතිය නිසා සමහර අයට කන බොන දේවල් එකතු කරගන්න වේලාව මදි වුණා.

සල්ලි තියෙන අය ගජරාමෙට බඩු අරන් ගියත් එදා වෙලා කන්න හම්බකරන බොහෝ දෙනෙක් මේ කොරෝනා නිසා පීඩා විදිනවා.

එහෙම අයව බලාගන්න එක පෝසතුන්ගේ වගකීම නොවුණත්, මේ වෙලාවේ ඒක වගකීම ලෙස සලකලා පුළුවන් අයට සල්ලි තියෙන උදව් කරනවා නම් එක තමා නියම මනුස්සකම.

අන්න ඒ වගේ මනුස්සයෙක් තමා හෝමාගම එළවළු ව්‍යාපාරික ආනන්ද විජයරත්න මහතා.

ඔහු තමන්ගේ සල්ලි වලින් ලක්ෂ 15ක් වියදම් කරලා රුපියල් 1000ක් පමණ වටින එළවලු මල්ලක් දුප්පත් මිනිස්සුන්ට බෙදා දෙනවා.

මේ වැඩේ කරන්නේ විශේෂ පොලිස් අවසරයක් තුල නිවැරදි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්.

මේ එළවලු මල්ල මිනිස්සුන්ට මහමෙරක් වගේ ආනන්ද මහතාටත් ඒ වැඩේට පහසුකම් සැලසූ හැමදෙනාටත් බොහොම පිං..
gossip lanka