gossip lanka

පස් හැවිරිදි දරුවාට ජංගම දුරකථනයෙන් ගීත ඇසීමට ඉඩ දී ලිංගික අතවර කළ පහළොවේ සිසුවා

වයස අවුරුදු පහක පිරිමි දරුවෙකුට ජංගම දුරකථනයෙන් ගීත ඇසීමට ඉඩ සලසාදී ඔහු රවටා ලිංගික අපයෝජනයක් සිදුකළ පහළොස් හැවිරිදි සිසුවෙකු අත්අඩංගුවට ගැනීමට මොරොන්තුඩුව පොලිසිය කටයුතු කර තිබේ.සැකකාර සිසුවා පස් හැවිරිදි දරුවාට ලිංගික අපයෝජනය සිදුකරන අයුරු එම දරුවාගේ මව දැකීමෙන් පසු ඇය විසින් පොලිසියට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ සිසුවා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.


සැකකාර සිසුවා ජංගම දුරකථනයක් රැගෙන තම නිවසට පැමිණි බවත් එහි ගීතයක් වාදනය වන අතරතුර තම කුඩා පුතුට එය ලබාදෙන අයුරුත් දුටු බව පැමිණිකාර මව පොලිසියට පවසා තිබේ.එමෙන්ම තමා ආහාර පිළියෙළ කිරීම සඳහා මුළුතැන්ගෙට ගොස් මද වේලාවකට පසු නැවත දරුවා සිටින ස්ථානයට එන විට තම දරුවාට සැකකාර සිසුවා ලිංගික අතවර සිදුකරන අයුරු දැකගැනීමට හැකි වූ බවද ඇය පොලිසියට වැඩිදුරටත් පවසා ඇත.

 මේ අනුව අත්අඩංගුවට ගත් සැකකාර සිසුවා පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අපයෝජනයට ලක්වූ පස් හැවිරිදි දරුවා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.මොරොන්තුඩුව පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශ නිලධාරීන් මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

බේරුවල-ප්‍රසාද් ධර්මප්‍රිය
gossip lanka