gossip lanka

අන්තර්ජාල යූ ටියුබ් චැනලයකට ඩොලර් මිලියන 170ක දඩයක් !

ළමයින්ගේ පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පවතින නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියකට අදාළව එල්ල වී තිබූ චෝදනාවන් සම්බන්ධයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 170ක දඩයක් ගෙවීමට යූ ටියුබ් අන්තර්ජාල චැනලයට සිදුව තිබේ.

මීට අදාළ නීති නියාමනය කරන ඇමෙරිකානු ෆෙඩරල් වෙළෙඳ කොමිසම (එෆ්.ටී.සී.) මඟින් එල්ල කර තිබූ චෝදනාවක් මත යූ ටියුබ් චැනලයට එකී දඩ මුදල ගෙවීමට සිදුව ඇත.


මවුපියන්ගේ කැමැත්තක් නොමැතිව වයස අවුරුදු 13ට අඩු ළමයින්ගේ දත්ත එකතු කිරීම සම්බන්ධයෙන් ඉහත කී වෙළෙඳ කොමිසම මඟින් යූ ටියුබ් චැනලයට එරෙහිව එම චෝදනාව එල්ල කර තිබේ.

අන්තර්ජාලය තුළ ළමයින්ගේ පෞද්ගලිකත්වයට රැකවරණය සැලසීමට අදාළ 1998 පනතට එරෙහිව යමින් යූ ටියුබ් චැලනය මෙම දත්ත එකතු කර ඇති බවත් එසේ කර ඇත්තේ ළමයින් ඉලක්ක කරගත් දැන්වීම් සඳහා බවටද එම වෙළෙඳ කොමිසම අනාවරණය කරගෙන ඇත.



කුමුදු උපුල් ශාන්ත
gossip lanka