gossip lanka

“මම පාඩමක් ඉගෙන ගත්තා” – කෝලි සංවේදීව වෙයි

පසුගිය දිනවල ඉන්දියාව තුළ වඩාත් කතාබහට ලක් වූ මාතෘකාවක් බවට පත් වූයේ ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි පල කළ ට්විටර් පණිඩිවඩයක් සම්බන්ධයෙන්.


2016 වසරේ පැවැති ලෝක පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 10 වටය යටතේ පැවැති තරගයකින් ඔස්ට්‍රේලියාව පරාජයට පත් කිරීමට ඉන්දියාව සමත් වූ අතර, එම තරගයට අදාළ ඡායාරූපයක් ද සමගින් කෝලි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණා.

කෙසේ වෙතත්, විරාට් කෝලි බලාපොරොත්තු නොවූ ප්‍රතිචාරයක් ඊට සමාජ මාධ්‍ය ඔස්සේ ලැබුණු අතර, එය වැරැදි වැටහීමක් සහිතව ලොව පුරා ක්‍රීඩාලෝලීන් තේරුම් ගැනීමත් සමග ඇති වූයේ ප්‍රශ්නකාරී තත්ත්වයක්.

අදාළ ට්විටර් පණිවිඩය මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට ආසන්නයේ සිටින හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිට උපහාරයක් ලෙස කෝලි විසින් පල කළ බවටත්, ඒ අනුව දෝනි මේ වන විට විශ්‍රාම ගැනීම ප්‍රකාශයට පත් කිරීමට සූදානමින් සිටින බවටත් සමාජය තුළ කටකතා පැතිර ගියා.

කෝලි පල කළ ට්විටර් පණිවිඩයේ දී ඔහු සදහන් කර සිටියේ දෝනි විසින් තමාව අදාල තරගයේ දී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක දී මෙන් කඩුලු අතර දිව යාම සදහා පෙළඹවූ බවයි.

A game I can never forget. Special night. This man, made me run like in a fitness test ???? @msdhoni ???????? pic.twitter.com/pzkr5zn4pG

— Virat Kohli (@imVkohli) September 12, 2019

ඊයේ (15) දකුණු අප්‍රිකාවට එරෙහිව ආරම්භ වන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතයට ද මහේන්ද්‍ර සිං දෝනිව ඇතුළත් කර නැහැ.

තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේ දී ද අදාළ ට්විටර් පණිවිඩය සම්බන්ධයෙන් අදහස් පල වුණා.

එහිදී විරාට් කෝලි පැතිර ගිය අසත්‍ය ප්‍රචාර ප්‍රතික්ෂේප කරමින් සදහන් කළේ එම ටිවිටර් පණිවිඩය පල කරන විට තම සිතෙහි එවැනි කිසිදු අදහසක් නොතිබූ බවයි.

කෙසේ වෙතත්, තමා මෙම සිදු වීමෙන් පාඩමක් ඉගෙන ගත් බව ද කෝලි මෙහිදී සදහන් කළා.
gossip lanka