gossip lanka

"දවසක් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් මාව හෝටල් කාමරයකට එක්කගෙන ගියා, කරන්නම දෙයක් නැති හින්දා මම ඒකට කැමති වුණා" - විද්‍යා බාලන් කියයි

කහානි, ද ඩර්ටි පික්චර්, ඉෂ්කියා, පරිනීතා, නෝ වන් කිල්ඞ් ජෙසිකා, පා, තුම්හාරි සුලූ ඇතුළු චිත්‍රපටි බොහෝ ගණනක රග පෑ සම්මානනීය නිළියක වන විද්‍යා බාලන් දකුණු ඉන්දියානු චිත්‍රපටි ගණනාවක ද රග පා තිබෙනවා. මේ දිනවල ඇය රගපාන්නේ ආක්ෂේ කුමාර් සමග මිෂන් මංගල් චිත්‍රපටියේයි.

‘‘චිත්‍රපටි ක්ෂේත්‍රයේ හැම කෙනෙකුටම හොද අත්දැකීම්වලට වගේම නරක අත්දැකීම්වලටත් මූණ දෙන්න සිද්ද වෙනවා.. ජිවිතේට හුගක් වැදගත් වෙන්නෙ නරක අත්දැකීම්වලින් ඉගෙන ගන්න පාඩම් තමයි..’’ විද්‍යා බාලන් කියන්නේ එහෙමයි.

ඇගේ සිතට බිය මෙන්ම චකිතයත් දැනවූ එවන් අත්දැකීමක් පිළිබදව ඇය පසුගියදා මාධ්‍යයට හෙළි කර තිබුනා,

‘‘මේක සිද්ද වුණේ චෙන්නායිවලදී.. දකුණු ඉන්දියානු අධ්‍යක්ෂවරයෙක් දවසක් කිව්වා ඔහුගේ චිත්‍රපටියට නළුනිළියෝ තෝරා ගන්නවා.. මාවත් තෝරා ගන්න අදහසක් තියෙනවා.. ඒ හින්දා අපි හම්බ වෙලා කතා කරමු කියලා.. මාත් කැමති වුණා.. අපි කොෆී ෂොප් එකකට ගිහින් කතා කරමු කියලා මම කිව්වම එයා කිව්වෙ එතකොට නිදහසේ කතා කරන්න බෑ, ඒ හින්දා හෝටල් කාමරේකට යමු කියලා.. කරන්නම දෙයක් නැති හින්දා මම ඒකට කැමති වුණා.. හැබැයි මම කතා කරන්න පටන් ගත්තෙ කාමරේ දොර ඇරලා තියලා.. අර තරම් වැදගත් කියලා ඇෙඟව්ව කතාව විනාඩි පහකට සීමා කරලා මිනිහා යන්න ගියා.. ඒකෙන් මම ඉගෙන ගත්ත පාඩම මට කවදාවත් අමතක වෙන්නෙ නෑ..’’ ඇය කියයි

gossip lanka