gossip lanka

අතුරුදන්වූ ‘වික‍්‍රම්’ යානය හමු වේ

චන්ද්‍රයාගේ දක්ෂිණ ධ‍්‍රැවයේ ජලය ඇති දැයි පරීක්ෂණ පැවැත්වීම සඳහා චන්ද්‍රයා වෙත යවන ලදුව අතුරුදන් වූ ඉන්දියාවේ ‘වික‍්‍රම්’ නමැති අභ්‍යවකාශ යානය චන්ද්‍රයාගේ මතුපිට තිබී සොයා ගත් බව ඉන්දීය අභ්‍යවකාශ හා පර්යේෂණ මධ්‍යස්ථානයේ සභාපති කේ. සිවන් ප‍්‍රකාශ කරයි .


ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා සම්බන්ධතා බිඳ වැටුණු ‘වික‍්‍රම්’ යානය යානයේ සවි කර ඇති කැමරා හරහා ඉකුත් ඉරිදා සොයා ගැනුණු බවත් යානය සමග නැවත සම්බන්ධතා ඇරඹීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බව ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබේ.

‘‘වික‍්‍රම්’’ යානයට චන්ද්‍රයා මතුපිටට ගොඩබෑම අසීරු වන්නට ඇති. යානයට හානි සිදුව ඇති බවට ඇතැමුන් ප‍්‍රකාශ කරන මත බැහැර කළ නොහැකියි’’ ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප‍්‍රධානියා කියයි.

චන්ද්‍රයාගේ මතුපිට ප‍්‍රදේශයට කිලෝ මීටර් දෙකක් දුරින් ගමන් කරමින් තිබියදී ඉකුත් සෙනසුරාදා (07 දා* අලූයම ‘වික‍්‍රම්’ අභ්‍යවකාශ යානය හා ඉන්දියාවේ බැංගලෝර් නගරයේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානය අතර පැවැති සන්නිවේදන සම්බන්ධතාවය ඇන හිට තිබිණි. එදින එම යානය චන්ද්‍රයා මතුපිට ගොඩ බැස්වූයේ නම් ඉන්දියාව එවැනි ක‍්‍රියාවක් සිදු කළ ලොව හතරවැනි රට බවට පත්වන්නට ඉඩ තිබිණි .

 සංස්කරණය ඒමන්ති මාරඹේ
gossip lanka