gossip lanka

වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් පවා එන මහා පරිමාණයේ සූදු පොළකට වෙච්ච දේ !

වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ව්‍යාපාරිකයින් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පුද්ගලයින් විසින් සංවිධානාත්මක ලෙස මහා පරිමාණ අයුරින් පවත්වාගෙන ගිය සූදු පොළ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.


දිවයිනේ සියළුම දිස්ත්‍රික්කවල ඔවුන් මෙලෙස සංවිධානාත්මකව අදාළ සූදුපොළ පවත්වාගෙන ගොස් ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

ගම්පොළ, උලපනේ, උඩගම ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය සූදුපොළක් වැටලීමත් සමඟ මෙම තොරතුරු අනාවරණ වී තිබෙනවා.

සෑම ඉරිදා දිනකම සහ නිවාඩු දිනවල මෙම සූදු පොළ පවත්වාගෙන ගොස් ඇති අතර, වැටලීම සිදුකරන අවස්ථාවේදී එහි සිටි පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය විසින් අදාළ සූදු පොළ පවත්වාගෙන ගිය පුද්ගලයින් අත්අඩංගුවට ගතහොත් ඔවුන්ට ඇප ලබාදීම සඳහා ද තවත් පිරිසක් සූදානමින් සිටින බව සඳහන්.
gossip lanka