gossip lanka

"TATTO කියන්නේ රස්ති කලාවක් නම් ක්‍රිකට් ටීම් එකේ බාගෙට බාගයක් රස්තියාදුකාරයෝ" - ජීවමාන රූප TATTO විදියට කරන ලංකාවේ ඉන්න සුපිරි වැඩ්ඩෙක්

කලාව කියන්නේ එක් විෂයකට පමණක් සීමා වූ මාතෘකාවක් නෙවෙයි. ඒක විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අපව ඇද බැඳ තබාගන්නා වූ දක්ෂ විෂයක්. මේ කියන්න යන්නේත් එවැනි ආකාරයේම කලාවක් ගැන. මේ ටැටූ කලාවයි , එහෙමත් නැත්නම් පච්ච කලාව කියල හඳුන්වාදෙන්නත් පුළුවන්.
අපේ සමාජයේ පිළිගැනීමට අනූව නම් tatto කියන්නේ රස්තියාදුකාරයින්ට තිබෙන කලාවක්ලු. එහෙම නම් මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බාගෙට බාගයක් රස්තියාදුකාරයින් ද? ප්‍රශ්නයක්. නෑ.... Tatto කියන්නේත් ගොඩක් දෙනෙක් මේ වනවිට ආස කරන කලාවක්. මේක කරන්නත් එසේ මෙසේ අයට බෑ. ඒකට දක්ෂතාවයක් තිබීම අනිවාර්යය වනවා. එවැනි සුපිරි දක්ෂතාවයකින් හෙබි තරුණයෙක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඔහු නමින් Andy J . ඔහුත් සමග කෙටි පිළිසඳරක අපි නිරත වුනේ මේ පච්ච කලාව නැත්නම් මේ ශරීරයේ නිර්මාණයවන අලංකාර චිත්‍රවල ආරම්භය කෙසේ වුනාද යන්න සොයාබැලීමටයි.

1)ANDY කියන්න බලන්න කොහොමද මේ වැඩේ පටන් ගත්තේ කියලා?

මෙහෙමයි පාසැල් කාලයේ සිටම මේකට මම ආස කළා. 9 වසරේ 10 වසරේ ඉඳල චිත්‍ර අඳින්න ආසාවක් තිබුනා. ඉතින් මේ වගේ නිර්මාණ කරන්න පටන් ගත්තේ ඒ කාලයේ ඉඳලමයි. ඒ කාලෙත් මම TATTO මෙෂින් හදලා තියෙනවා.

2) දැන් ඔබ මේ ව්‍යාපාරයට ආවේ කොයි කාලේද ?

දැන් මගේ SHOP එකට අවුරුදු 5ක් විතර වෙනවා. SHOP එක දාන්න කලින් මම TATTO කලේ ගෙදර

3)දැන් මේ වැඩේ අමාරුයි. මේක සූක්ෂමව කරන්න ඕන දෙයක්. කොහොමද වැඩේට අතගැහුවේ බය හිතුනේ නැද්ද ?

ගොඩක්ම මේක පටන් ගද්දි යාලුවෝ උදව් කළා. විශේෂයෙන්ම එයාලගේ ඇඟේ මේ වගේ TATTOS නිර්මාණය කරලා තමයි මම පුරුදු වුනේ ගොඩක්ම. එයාලට මම නිකන් තමයි TATTO කලේ. ඒ වගේ 20 දෙනෙක්ගේ වගේ TATTO කරලා දුන්නා පුරුදු වෙන කාලේ.

4) ඇයි PAINTINGS වලට නැතුව TATTO කරන්න ආවේ ?

මේ කලාව ගොඩක් දෙනෙක් කරන්නේ නැති දෙයක්. PAINTINGS කරන්න සැලකියයුතු පිරිසක් ඉන්නවා. නමුත් TATTO කරන්න එතරම් පිරිසක් නෑ.

5)කවුද ගොඩක් වෙලාවට ඔයාට කියලා TATTO කරන්න ඇවිල්ලා තියෙන්නේ?

විශේෂයෙන්ම නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න ගොඩක් දෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩකයින් ඇවිල්ලා තියෙනවා. ඉතින් දැනට ගොඩක් දෙනෙක්ගේ ඔය වගේ TATTO කරලා තියෙනවා.

6)ඉතින් දැන් මේ ක්ෂේත්‍රයේ ගොඩක් දෙනෙක් නැති වුනාට ඉන්න ටික දෙනාගෙන් කැපිලි එල්ලවෙනවාද , සහාය එනවද ?

මේ ක්ෂේත්‍රයේ ගොඩක් දෙනෙක් නෑ. හැබැයි මම නම් හැමෝටම මේ වැඩේ කියල දෙනවා ඒක කරන්න ආස අයට, නමුත් ඉතින් මට නම් ගොඩක් දෙනෙක්ගෙන් කැපිල්ල තමයි එල්ලවෙන්නේ. අපි ගොඩයනවාට ආස නෑ එයාලා. ඒ වගේම සමහර අය ඉන්නවා මට කියල දීල තියෙනවා මේ විෂය.

7)සාමාන්‍යයෙන් TATTO එකක් ගහන්න කොච්චර වෙලාවක් යනවද ?

TATTO එකේ විදියත් එක්ක වෙලාව යනවා. ලොකු TATTO එකක් ගහනවා නම් සාමාන්‍යයෙන් පැය 5ක් වගේ යනවා. මොනවා කරන්නත් තමන්ගේ හැකියාව අනූව තමයි වෙලාව යන එක ගැන තීරණය වෙන්නේ. TATTO එක කරන කෙනාට වේදනාවක් නොදී ලොකුම TATTO එකක් මම දවසට පැය 5 ගානේ දවස් දෙකක් ගහලා තියෙනවා.

8)දැන් මේ වගේ TATTO ගහනකොට හොඳ PRODUCTS භාවිතා කරන්න ඕනේ. එහෙම කරනවද ?

ඔව් අනිවාර්යයෙන්ම, මම භාවිතා කරන්නේ හොඳම BRANDED දේවල් පමණයි. මොකද මේක ශරීරයත් එක්ක කරන වැඩක් නිසා හැමතිස්සෙම අපි පරිස්සම් වෙන්න ඕන.

9)දැන් TATTO ගහනකොට මේකට කීයක් විතර යනවද ?

සාමාන්‍යයෙන් මම ගහල තියෙන වැඩිම වටිනාකමක් ඇති TATTO එක රුපියල් 50,000ක් වගේ වෙනවා. සාමාන්‍යයෙන් මගේ TATTO වල ගණන් පටන් ගන්නේ 5000 වගේ ඉඳල.

10)දැන් මේ වගේ ගමනක් එන්න උදව් කරපු අය ඉන්නවා ඇති. මතක් කලොත් ?

ගොඩක්ම තාත්තා තමයි මතක් කරන්න ඕන. ඒ වගේම යාලුවෝ මතක් කරන්න ඕනේ.

11)ඉතින් අවසාන වශයෙන් මොකද්ද කියන්න තියෙන්නේ?

මගේ SHOP එක තියෙනවා නුගේගොඩ පරණ කැස්බෑව පාරේ ක්වින්ලන්ඩ් හෝල් එක ගාව තමයි SHOP එක තියෙන්නේ. නැත්තම් මට CALL කරන්න 0778331642 ට අමතන්න. ඊට පස්සේ TATTO එකක් ගහගන්න පුළුවන්. ඒ වගේම මගේ නිර්මාණ බලන්න පුළුවන් මගේ FACEBOOK එකෙන් INSTAGRAM එකෙන්.

ඒවගේම ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා මේ TATTO කියන්නේ රස්තියාදු කලාවක් කියල. එහෙම දෙයක් නෑ, සින්දු කියනවා , නටනවා වගේම මේකත් වෙනමම කලාවක්. ඉතින් එහෙම කියල වැරදියට බලන්න අවශ්‍ය කලාවක් නෙවෙයි මේක. කනට කරාබු දානවා වගේ ඇඟ ලස්සන කරගන්න මේ වගේ නිර්මාණ කරන්නේ. ඉතින් මේක වැරදියට ගන්න එපා කියල මේ සමාජයට කියන්න කැමතියි.
gossip lanka