gossip lanka

පුද්ගලයින් 3000කට ජිවිත අහිමි කළ සැප්තම්බර් 11 ප්‍රහාරයට අදට වසර 18යි

ඇමරිකාවේ නිව්යෝක් හි පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසර 18ක් සපිරෙනවා.

අල්ඛයිඩා සංවිධානයේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ගුවන් යානා 4ක් උපයෝගී කර ගනිමිනුයි මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළේ.


ගුවන් යානා දෙකක් ලෝක වෙළද මධ්‍යස්ථානයට කඩා වැදුණු අතර එක් ගුවන් යානයක් පෙන්ටගනයට කඩා වැදුණා.

තවත් ගුවන් යානයක් ඉලක්කය සපුරා ගැනීමට නොහැකිව අතරමඟ දී අනතුරට ලක්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා එවකට සදහන් කළේ.

මේ හේතුවෙන් පුද්ගලයින් 3000ක් පමණ ජීවිතක්ෂයට පත්වූ අතර, 6000කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා.
gossip lanka